ඔයාගේ කුලෙත් මේකද මෙන්න ලංකාවේ මිනිසුන් බෙදිලා සිටින කුල ක්‍රම වල ඇත්තම තේරුම

article

අපි කවුරුත් අහල තියන ලංකාවේ මිනිස්සු බෙදිලා මරාගන්න හදන කුල සහ ඒවගේ තේරුම කෙටියෙන් දැන ගනිමු.අද මෙම කුල ක්‍රමය කියන එක එතරම්ම වැදගත් නොවුනත් එදා සමාජයේ බෙහෙවින්ම මිනිසුන් අතර පැවති සෑම කටයුත්තකටම පාහේ අනිවාර්‍ය්ය දෙයක් බවට සලකන ලදී. මුලින් ම කියන්න ඕනේ මේ ලිපිය ලියන එකෙන් කරන්නේ අපි අතුරේ යනවා වගේ වැඩක් කියන එක. කුලය කියන කාරණය පුහු මතයක් බවට සමාජයේ පත් වෙලා තියෙන කාලෙක, මේ උත්සාහය ඒ මතය වෙනස් කරන එකට නොව, මේ වැනි පන්ති පරතරයක් අතීත ලංකාව තුල තිබුනා කියන කාරණය පෙන්වීමටයිවර්තමානයේ කුල ක්‍රමය අපිට හමුවන්නේ කොහේදී ද.මේ වෙනකොට ලංකාව තුලදී අපිට කුල ක්‍රමය හමුවෙන්නේ ගොඩක් වෙලාවට විවාහ සහ මගුල් තුලා වලදී පමණයි. ඒ වගේම දේශපාලනය තුලත් කුලවාදය කියන දේ අළුයට ගිනි වගේ සැඟවිලා තිබෙනවා කියලා කියන්නම වෙනවා.ඒ ගැන උදාහරණ අවශ්‍යය නෑනේ.පොඩ්ඩක් හොයල බලන්න ඉතින්අනික අපේ වයසක අය කියන වචනයක් තමයි ඌ අපේ එකෙක් ඌට ජන්දයක් දෙන්න ඕනේ,මොනව උනත් ඌ අපේ එකෙක් ඔය වගේ කියන අවස්ථා තාමත් නැතුවා නොවේ.ඒ ගැන කතා කිරීම පසෙකින් තියල ලියන්න හදපු දේ පැත්තට හැරෙමු

එහෙනම් දැන් අපි කුල ගැන දැනගමු ද.1. රදළ.කුලය ගැන කියනකොට ලංකාවේ ඉහලින්ම පවතින සහ සලකන කුලය ලෙස සැලකීමට පාත්‍ර කරන්නේ රදළ නම් කුලය බව සඳහන්. රජ කුල සාමාජික කෙනෙකුට සහ ගොවිගම කතකට දාව ලැබෙන රාජකීය ලේ සහිත දරුවා අයත් වෙන්නේ රදළ කුලයට බව පැවසෙනවා. බොහෝ අවස්ථාවල රජුගෙන් පසු එතැන් පටන් පහතට පවතින තනතුරු ගරු නම්බු නාම සියල්ලම රාජ්‍ය පාලනය සහ ගොවිතැන සමඟ බැඳී පවතිනවා.ඒ වගේම උපතින්ම රදළ වෙනුවට ආවාහ විවාහ ක්‍රම වලින්ද රදළ සහ වෙනත් කුල පෙළපත් වලට ඇතුලත් විය හැකි වුනා. එවැනි අවස්ථා ඉතිහාසයේ සඳහන් වෙනවා.2. ගොවිගම.ගොවි කුලයේ පළමු මට්ටම රදළ වුවා වගේම එහි දෙවැනි මට්ටම වෙන්නේ ගොවිගම කුලයයි. ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ගොවිගම කුලය සාමාජිකයින්, වර්තමානයේ වැඩිපුරම පැතිරී තිබෙන කුලය කිව්වත් කිසිම වරදක් නැහැ. මේ බව නොක්ස් තමන්ගේ පොතේ මේ ලෙසින් අදහස් දක්වා තිබෙනවා.දිවයිනේ ජනගහනයෙන් බහුතරය අයත් වුයේ හාන්දුරු පැලැන්තියට ය. නොක්ස් 1681 107 මෙහි හාන්දුරු කියා හඳුන්වන්නේ ගොවි කුල පැලැන්තියේ සාමාජිකයින් ගැනයි.ගොවි කුලයේ සෙසු උප කුල ලෙස හඳුනාගෙන ඇති පොරවකාර, කටුපුල්ලේ, පට්ටි, ගත්තර සහ වහල්” යන කොටස් වර්තමානය වන විට බොහෝ දුරට අභාවයට පත්ව ඇත.ඉහල කොටස.රදලකම්.මුධලි පෙරුවපයිධ පෙරුව පනිවිඩ.වැදිවන්ස මොවුන් සිංහලවත්, ගොවිවත් නොව​, එ ප්‍රදේසවල මුල් ඉඩම්කරුවෝය​පහල කොටස.නිලමක්කාරයෝ වී වගාව​.පට්ටි එඩේර​.ගව පාලන.​විරමෙස්ත්‍රගොල්ල.පොරෝකාර ගස් කැපීම.​ඇත්වල පනික්කියො අලි කෑම සැපයීම​මල්කරුවො මල් සැපයීම​.කුට්ටන්වල ඇත්තො කෙවුලො වෙව් මාලු මැරීම​බලිබත් ගමයො පන්සල්.දෙවාල පූජා බත් සැපයීම.​ගට්ටාරු.ටිබිල්ලො.

03.වහුම්පුර හකුරු.මෙය සේවා කුලයන්ට අයත් වේ. ප්‍රධාන වශයෙන් කන්ද උඩරට ප්‍රදේශ වලත් රටේ හැමතැනමත් විසිරී සිටින සංඛ්‍යාත්මක වශයෙන් විශාල කුලයකි. කඳු ආශ්‍රිත ප්‍රදේශ වල ජීවත් වීම හේතු කර ගෙන කන්දයෝ සහා දෙවා යන නමින්ද මොවුන් හඳුන්වයි. දුටූගෙමුනු රජථුමාගෙ සමහහර සෙන්පතිවරු මෙ අයවෙ. මොවුන්ගේ ප්‍රධාන ජීවනෝපාය කිතුල්ගස් මැද පැණි හකුරු නිපදවීම වූ අතර රදල හා ගොයිගම පවුල් වල ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමත්, එවැනි අයගේ ගෘහසේවා කටයුතු හා ආගමික උත්සව වලදී හොරණෑ පිඹීමත්, එම පවුල්වල උත්සව වලදී කැවිලි පෙට්ටි ඔසවාගෙන යාමත් මොවුන්ට අයත් කාර්යයන් විය. මෙම කුලය සකුරු, ශක ආරණ්‍ය, වංශ පූර්ණ, වසුම්පුර, සුදු කරා, සගරම්බු සහ කන්දේ ඇත්තෝ ලෙස ප්‍රධාන උප කුල හතකට ඛෙදී පවතී.ශ්‍රී ලංකාවේ දේව කුලය මෙයයි.සිංහල රජවරු මෙම කුලයට අයත් වේ.දේව කුලය මොවුන් වන අතර වංශ පූර්ණ කල නිසා වහුම්පුර ලෙස හදුන්වයි.මෙම කුලයේ බලය වැඩි බැවින් බලය බිදීමට ඉංග්‍රීසින් විසින් කුල හීනයන්ට බලය ලබා දී දේව වංශිකයන්ට කරදර කර නිසා මොවුන් කදුකරට ගොස් හකුරු සැදීම කළහ.එම නිසා පසු කාලීනව හකුරු ලෙස කීමට පටන් ගෙන ඇත.කුල හීනයන් බලය ගත් පසු ශ්‍රී ලංකාවේ පාලනය අඩාල වී මේ වන විටත් ලෝකයේ ශ්‍රේෂ්ඨ ජාතියේ අවසන් යුගයට ලං වෙමින් පවතී.

4. බත්ගම.පදු.නුවර කලාපීය කුල අතර තවත් එක කුලයක් වෙන බත්ගම කුලය, පාදක වෙන්නේ ගොවිතැන් කරමින් තම ජීවිකාව සරි කරගන්නා ජන කොට්ඨාසයකට අයත් වන්නක් හැටියටයි. ඒ වගේම මේ කුලයේ බොහෝ දෙනා උමං කැණීමට සමත් කමක් දක්වපු බව ඔවුන් ගැන අතීත කුල විස්තර වල සඳහන් ඒ වගේම ඔවුන් බොහෝවිට කලේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කම්කරු රැකියාවනුයි.කෙසේවතුදු, බත්ගම කුලය සම්බන්ධයෙන් ඉතිහාසය විමසනකොට අපට පෙනී යන්නේ අතීතයේ පෙර රජ දවස ඉතා ඉහල වංශවත් කුලයක් ලෙස ලැයිස්තු ගත වී තිබුනත්, මහනුවර යුගයේදී සිදුවූ කුල පෙරලියේදී බත්ගම කුලය පහත් කුලයක් ලෙසට ස්ථාන ගත වී ඇති බවයි.නමුත් මේ කුලයේ ජනතාව අතීත වැව්, විහාර, දේවාල සහ ගම් නිර්මාණය කිරීමේදී මුල්තැන ගෙන කටයුතු කල බව නොරහසක්.5. කරාව.කරාව කුලය සම්බන්ධව ක්‍රි.පූ 1වන ශත වර්ශයට අයත් අභයගිරි විහාරයේ ලියවිල්ලකද සඳහන්ව තිබෙනවා. ඒ කරාව කුලයේ පිරිසකට ලබාදුන් “නවික” නම් තනතුරක් පිළිබඳවයි. එය ලංකා ඉතිහාසයේ විශේෂ වූ වෘත්තියක් ගැන සඳහන් වල මුල්ම සටහනක්ද වනවා. කරාව කුලයේ වෙසෙන්නන් මුලින්ම ජීවත් වුයේ රටේ රජතුමාගේ ආධිපත්‍යයෙන් පරිබාහිර වන ඕලන්ද පාලන ප්‍රදේශ වලයි. රජවාසල වෙත ලුණු සහ මත්ස්‍ය මාංශ සැපයීම නිසා ඉහල තත්ත්වයක සමාජ තත්ත්වයක් ඔවුන්ට නිර්මාණය කරගන්නට ලැබුනා. කරාවේ කුලයට තිබෙන නියෝජනාත්මක කොඩිය එයට හොඳ උදාහරණයක්.

6. රදා.රජක.රදා කුලයේ සිටින්නන්ගේ ප්‍රධාන ජීවිකාව වුයේ රෙදි සම්බන්ධ පවිත්‍ර කාරක කටයුතුයි. ගමේ ඕනෑම උත්සව අවස්ථාවකට රෙදි පිළි සහ පට තිර සැපයීමෙන් මුලික වූ රෙදි නැන්දා සහ හේනේ මාමා අයත් වෙන්නේ මේ කුලයට තමයි.ඒ වගේම නවයොවුන් දැරිවියක් වැඩිවියට පැමිණීමේදී එතැනෙහි සිදුවන චාරිත්‍ර කටයුතු වලදී රෙදි නැන්දා වෙත සුවිශේෂ වගකීමක් පැවරෙනවා. ඒ වගේම එහිදී ඇය විසින් කරන්නට යෙදෙන කටයුතු වලට ගෙවන ගෙවීම් වලට අමතරව වැඩිවියට පත් දැරිවියගේ කරාඹු කුට්ටම ගලවා රෙදි නැන්දාගේ අතට පත් කරන චාරිත්‍රයක් පැවතුනා.මෙයට අමතරව නව යුවලක් සිය මංගල රාත්‍රිය ගතකිරීමෙන් පසුව මනාලියගේ පවිත්‍රතාවය පරික්ෂා කර බැලීම් වැනි කටයුතු පවා එකල රෙදි නැන්දා වෙතට පැවරී තිබුණා. නමුත් වර්තමානය වෙනවිට පවතින සමාජයේ මේ ක්‍රමවේදය කෙමෙන් කෙමෙන් වියැකී ගියත් තවමත් අතරින් පතර සමහර සමාජ සංස්ථා වල මේ චාරිත්‍රය සිදුකෙරෙනු ලැබෙනවා.

7. නැකති.නැකත් සහ සුභ වේලාවන් සම්බන්ධයෙන් සහ විවිධ ගුරුකම් හෝ හදි හූනියම් සම්බන්ධයෙන් යම් කටයුත්තක් කරගන්නට උවමනා වුන විට ගමේ ජනතාව බුලත් අතක් රැගෙන යන්නේ මේ “නැකති” කුලයේ වෙසෙන්නන් වෙතයි. ඔවුන්ට පරම්පරා ඇසුරින් ලැබුණු විශේෂිත දැනුම සහ අත්දැකීම් එකල ඔවුන්ගේ ක්ෂේත්‍රයෙන් ඉහලට යන්නට හැකියාව ලබා දුන්නා.8. සලාගමකුරුඳු ආශ්‍රිත කර්මාන්ත කරන බහුතරය අතීත ලංකාවේ හඳුන්වන්නට යෙදුනේ මේ හැඳින්වීමෙන් තමයි. නමුත් වර්තමානය වෙන විට කුරුඳු කියන්නේ හොඳම ආදායම් ලබන ව්‍යාපාරයක් වෙනවා. දකුණු පළාතේ කුල කිහිපයෙන් ප්‍රධාන තලයේ තබා හඳුන්වන සලාගම කුලයට එකල රජය සමඟ වුනත් සමීප සම්බන්ධතා පවත්වන්නට පුළුවන්කම තිබුණු බව ඔවුන්ගේ කොඩියෙන්ද පැහැදිලි වෙනව. මෙයට හේතුව තමයි, ප්‍රධානතම අපනයන භෝග වලින් එකක් වෙන කුරුඳු වගාවේ ආධිපත්‍යය ඔවුන් සතුව පැවතීම.

9. රොඩී.අතීතයේ පටන් සිඟමන් යදිමින්, කුලී වැඩ කරමින්, ජීවත් වූ මොවුන් සමාජයේ පහත්ම ස්ථරයේ ජීවත් වන්නන් ලෙසයි කොටස් කර තිබුනේ, නමුත් රොඩී රැහැක නායකයා හඳුන් වන්නේ “රත්නවල්ලි” යන නමින් වන අතර රත්නවල්ලි යනු පරාක්‍රමබාහු රජතුමාගේ දියණිය බවට මත පලවෙනවා. ඒ අනුව මේ කුලයත් පහත් ලෙසට සැලකුණාට ආරම්භය සිදු වෙන්නේ වංශවත් පරපුරකින් පිටමන් කල සාමාජිකාවකගෙන් බව සිතන්නට පුළුවන්.රොඩී මිනිසුන් ජීවත් වෙන නිවාස සහිත ප්‍රදේශය ගුබ්බෑයම නමින් හඳුන්වන අතර, ඔවුන් අතීතයේ සිටම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලට ප්‍රසිද්ධ අය බව පැවසෙනවා. උඩු කය වැසෙන සේ ඇඳුම් ඇඳීම තහනම් වූ මේ කුලයේ පිරිමින්ට රැවුල වවන්නටවත් අවසර ලැබුනේ නැහැ. ඒ වගේම ඔවුන්ගේ නිවාස පවා නිර්මාණය විය යුත්තේ වෙනස් අයුරින් බව මේ කුලය ගැන සොයා බලත්දී ඔබට දැනගන්නට පුළුවන්.මේ ප්‍රධන කුල වල හදුන්වා දීමකි.තවත් කුල සහ ඒවායෙහි උප කොටස් ඇත.මෙම ලිපිය තුලින් බලාපොරොත්තු වූයේ මූලික හැදින්වීමක් කිරීම පමණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *