ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකට හිද ආහාරගන්නා රියදුරු ඇත්තටම කවුරුන්ද කියවලාම බලන්න

article

මේක ලියන්න හිතුවෙ මේ දවස් වල සමාජජාල මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වන රියදුරු සමග එකට හිදගෙන කෑම කන අපේ ජනපති
යන ඡායාරූප කිහිපය නිසාය.
ඇත්තට මේ ඡායාරූප වල ඉන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ රි‍යදුරුමද ඒ ප්‍රශ්නෙ කෙටිම පිළිතුර තමා ඔබ ඔබේ වාහනයේ ඔබගේ මිතුරෙකු සමග ගමනක් යනවා යැයි සිතන්න. ඒ මොහෙතේ ඔබ ඔබේ වාහන ධාවනය කරන රියදුරුය නමුත් ඔබ ඔබේ මිතුරාගේ රියදුරු නොවේ නේද
මේ එසේම සිදුවීමකි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ සමීප මිතුරෙකු හිතවතෙකු සමග ඇමරිකාවේදී ලබාගත් ඡායාරූප කිහිපයකි
එසේනම් මේ ඡායාරූප වල සිටින රියදුරු, ඉෂාන් ධම්මික අබේරත්න යනු ඇත්තට කවුද කියල දැන් බලමු.

ගම්පහ නගරයේ උඩුගම්පොළ කොරස ප්‍රදේශයේ ඉපිද ලක් මව රනින් බබලවා ලෝකය ජයගත් තරුණ නායකවරෙක් කිව්වොත් සරලවම නිවරදියි.
ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2002 වසර කණ්ඩායමේ අදී සිසුවෙකු මෙන්ම 2002 වසරේ බණ්ඩාරනායක විද්‍යාලයේ වසරේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමිවන Master of Bandaranayake කිරුළෙහි හිමිකරුද වේ.
එමෙන්ම මොහු වූෂු, මල්ලවපොර බොක්සිං යන ක්‍රීඩා තුනෙහිම විශිෂ්ට ශූරයකු කිව්වොත් මා නිවරදී. ක්‍රීඩා ත්‍රිත්වයක ප්‍රවීණයකු වීම යනු, ක්‍රීඩකයකු තුල ඉතාමත් කලාතුරකින් පිහිටන දක්ෂතාවකි.

එමනිසාම වසර තුනක් පිට පිට බණ්ඩාරනායක විද්‍යාලයේ වසරේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස තේරීපත්වනවා.
ඒ පාසල් අවදියේදී වූෂු, මල්ලවපොර හා බොක්සිං යන ක්‍රීඩා ත්‍රිත්වයේම සමස්ත ලංකා ශූරයා බවට පත්වෙමින්.
ඉන් නොනවතින මොහු වූෂු හා මල්ලවපොර යන ක්‍රීඩා ද්විත්වයෙන් අඛණ්ඩව වසර 16ක් විවිධ බර පන්ති ඔස්සෙ ජාතක ශූරයා බවට පත්වනවා.
ඒ වගේම ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග වලට සහභාගී වන මොහු ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තර කෙළි බිමේ ඉහළි ඔසවා තැබීමට සමත් වෙනවා. ඒ අනුව,
*2002 වසරේ ඉන්දියාවේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමත්
*2010 වසරේදී බංග්ලාදේශයේ පැවැති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රිදී පදක්කමත්
*2011 වසරේදී ඉරානයේ පැවති ලෝක සටන් කලා ක්‍රීඩා උළෙලේ ලෝකඩ පදක්කමත්
*2013 වසරේදී ජපානයේ පැවැති විශ්ව සටන්කලා උළෙලේ ප්‍රථමස්ථානයත්
යන ජාත්‍යන්තර ජයග්‍රහණය ගණනාවක් දිනා ගැනීමට සමත් වනවා.

ක්‍රීඩාවෙන් සේම අධ්‍යාපනය අතින්ද ඉහළට යන මොහු ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ ඉලෙක්ට්‍රොනික් හා ටෙලිකොමිනිකේෂන් ඉංජිනේරුවරයකු වශයෙන් වසර දෙකක් පමණ පුණුවන අතර තම ඉංජිනේරුවෙකු වීමේ සිහිනය ක්‍රීඩව ඔස්සේ ඉදිරියට යාම නිසා කැපකිරීනට සිදු වෙනවා.
නමුත් අධ්‍යපනය හා ක්‍රීඩා කුසලතා මත හිමිවන ශිෂ්‍යත්වයකට අනුව කොරියාවේ දොං ආ විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකු වීමට හැකිවනවා සේම චීනයේ ශැංහායි ක්‍රීඩා විශ්වවිද්‍යාලය හා බීජින් විශ්වවිද්‍යාලයේද, එංගලන්ත, ඕස්ට්‍රේලියාව, ජපානය යන රටවලද උසස් ඩිප්ලෝමා හැදෑරූ ඩිප්ලෝමාධාරියකුද වනවා.

එමෙන්ම,ඇමරිකාවේ ලොස්ඇංජලීස් අන්තර්ජාතික ගුවන් තොටුපොළ ආගම විගමන මෙහෙයුම් නිළධාරීවරයකු
කොරියාවේ ජාත්‍යන්තර සබඳතා නිළධාරීවරයකු
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම් දෙකක් නියෝජනය කල අයෙකු මෙන්ම වසර ගණන ඒවාහි නායකත්වයද දරූවෙකු
ක්‍රීඩා උපදේශකවරයකු
ක්‍රීඩා අමාත්‍යංශයේ ක්‍රීඩා නිළධාරිවරයකු
යන දෙස් විදෙස් නිළතල ගණනාවක් හොබවා තිබෙනවා
එමෙන්ම ජාතික සංචිත නියෝජනය කරන ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණය හිමිකරගත් ක්‍රීඩක පරපුරක් රටට දායද කල පුහුණුකරුවකුද වනවා.
වර්තමානයේ ඔහු ජාතික තරුණ බලකායේ සභාපති ලෙසද කටයුතු කරයි.
Ishan Dammika Abeyrathana යනු රියදුරෙකු නොව ශ්‍රි ලංකාවට මිල කල නොහැකි සේවයක් කල ලංකාවට වටිනා ම පුද්ගලයෙකි

මේ චයාරුපය සමාජ ජාල මාද්‍ය ඔස්සේ ඉතාම වේගයෙන් ජනතාව අතරට ගියා ඉතින් එක නිසාමත් ඔහු කියන්නේ කවුද කියලත් අපි ඔබට කියන්න තමයි මේක දාන්න හිතුනේ මේකෙන් ඔබටත් ඔහු ගැන අපේ රටේ ජනාධිපති තුමා ගැනත් යම්කිසි අදහසක් ගන්න පුළුවන් උනා කියල අපි හිතනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *