ලංකාවම බැනපු පණ්ඩිත ආදිත්‍යා වැලිවත්ත ගැන ඔබ නොදන්නා කතාවක් මෙන්න

Gossip

සිරස වොයිස් ටීන් එකෙන් ඇවිත් ලොකු සීන් එකෙන් සින්දු කියලා ලොකුවට රගපු හැමෝම එහෙම කියලා හම්බනක පලු ඇරපු හෙන පණ්ඩිත කෙල්ල මේ තමයි ආදිත්‍යා වැලිවත්ත ලංකාවේ නොබැනපු කෙනෙක් නැ මේ කෙල්ලට කවුරුත් කැමති නැහැ තමයි මේ වගේ රගන කෙල්ලොන්ටනම් එත් මේ කියන්න හදන්නේ එහෙම රගපු ආදිත්‍යා වැලිවත්ත ගේ ඔබ නොදැන සිටි තවත් පණ්ඩිත කතාවක් මේක අපිට හමුවුනේ මුහුනුපොතේ ඇය ගැන හොදටම දන්නා කෙනෙක් එහෙනම් මේක කියවලාම බලන්නකෝ මේ කෙල්ල මොන වගේ කෙනෙක්ද කියලා 40වන ජාතික යෞවන සම්මාන උලෙළ 2018 ජන ගායන ඒකල කාන්තා තරග ශීර්ෂයේ හොඳම ශිල්පිණිය ලෙස තේරී පත්වන විට ඇගේ වයස අවුරුදු 14 යි බත්තරමුල්ල විල්ස්ඩන් ජාත්‍යන්තර පාසලේ අධ්‍යාපනය ලබන ඇය, පාසල් කාලයේ වඩා දස්කම් දැක්වූයේ නර්තනයට කියලයි දැනගන්නට ලැබෙන්නේ 2018 අන්තර් ජාත්‍යන්තර පාසල් තරගාවලියේ ගායන අංශයේ සමස්ත ලංකා දෙවෙනි තැනට හිමිකම් කියපු මේ කෙල්ල 2019 වසරේද ජාතික තරුණ සේවා සභාවේ සම්මානලාභිනියක් වූවා

රංවල බලකායේ ශිල්ප හැදෑරූ ඇය අපේ රටේ තවත් එක විප්ලවයක් කල ගායිකා උමාරා සිංහවංශ සහෝදරිය යටතේ වර්තමානයේ ගායනය හදාරමින් සිටිනවා ඇයට ගැලපෙනම ගුරුවරියක් ලෙස උමාරා අක්කාව හැඳින්වීම පුළුවන් . ආදීත්‍යාගේ සැඟවුණු ගායන කෞෂල්‍යයන් නිවැරදිව පුහුණුවීම් ඔස්සේ ලෝකයාට ඉදිරිපත් කිරීමට ඇගේ ගුරුවරිය මනා කාර්‍යයක නියැලී සිටිනවා. ඇගේ පවුල ඇයට දක්වන ආදරය රැකවරණය මැද ඇය ඉතා නිරහංකාර ගෞරවාන්විත ලෙස හැදී වැඩෙන දැරියක් කියලා කියන්න පුළුවන්ලං. කාවේ සිටින රසාඥතාව හීන පුද්ගලයින් ඇයට දක්වා ඇති ප්‍රතිචාර දෙස බලනවිට ඇයගේ ප්‍රතිභාව සහ හැකියාව හඳුනන අපට නම් ඒවා උපහාසයට කාරණා පමණක් වේනවා ඇය පොඩි කාලේ සිටම නර්තනය සමත්කම් දක්වන ඇය, තමාටම ආවේණික සංගීත ශෛලියක්, නර්තනයෙන් ලද ආභාසය මගින් ගොඩ නඟාගෙන ඉදිරියටම යන කෙනෙක්. සිරස වොයිස් ටීන් වැඩ සටහනේ තිබුණු ප්‍රාසංගික බව ආකර්ෂණීය බව නිසා ඇතැමෙක්ට දෑසට කටු අනිනවාක් මෙන් දැනෙනවා වෙන්න පුළුවන්. ඒ උනාට ඇයව දකින විට නැවැත හැරී බලන සුන්දර බවක් හිමි ඇය එහි වටිනාකම තම ශිල්පීයත්වය ඔස්සේ මනාව පරිණත තලයකට ගෙනවිත් තිබේනවා

නැගී එන ශිල්පීන් පෑගීම අතීතයේ සිට ලංකාවේ සිදු වූ, අදටත් සිදුවන කරුණක් නිසා ආදිත්‍යාගේ ළමා කාලය පසුවීමටත් පෙර ඇයට මෙවන් අත්දැකීමකට මුහුණ පෑමට සිදුවීම සුලබ දසුනකි. ඇය උපේක්ෂාවෙන් මෙය දරා ගැනීම අගය කළ යුතුමය. ඇය වයස අවුරුදු 21ක් සපුරන විට ලංකාවේ බොහෝ ශිල්පීන් යැයි කියාගන්නා උදවියට වේදිකා අහිමි වේවි යැයි යන බිය නිසා සහ මා පෙර සටහන් කළ පරිදි රස හීන සමාජයක් බිහිවීම නිසා මෙම සිදුවීමට හේතු විය. ඇය මෙම තරගෙයෙන් ජය ලැබූවද, නොලැබූවද, ඇගේ සංගීත චාරිකාවට අවශ්‍ය වටාපිටාව ඇය දැනටමත් සකස්කොට ගෙන නම් අවසානය ඒ ගැන කතා දෙකක් නොමැත ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ තරුණ පරපුර ලෙස අපගේ වගකීම නම් ඉදිරි පරපුර ආරක්ෂා කරගැනීම විනා එම පරපුරට උපහාස කිරීම හෝ ඔවුන්ට උපහාස අපහාස කිරීමට ඉඩ දී බලාසිටීම නොවේ. දක්ෂතා දැක අගය කිරීමත් ඔවුනට ශිල්පීයත්වයට ළඟා වීමට අවශ්‍ය මාර්ග විවර කර දීම ඔවුන්ගේ ගමනට දිරි දීම සහ ආශිර්වාද කිරීම පමණක් ප්‍රමාණවත් බව අපි සැලකිය යුතු කාරනාවකි.

1 2 3 4 5 6

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *