ඔබත් ජපන් යන්න කැමතිද මෙන්න ලාංකිකයින්ට ජපානේ රැකියා මෙන්න ඔබට හම්බෙන රැකියා ටික

News

රී ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ රැකියා අවස්ථා නැවතත් හිමි වෙන්නයි හදන්නේ ශ්‍රී ලංකාව සහ ජපන් රජය අතර 2019 වසරේ ජුනි 19 වන දින අත්සන් කරන ලද සහයෝගීතා ගිවිසුමට අනුව ක්ෂේත්‍ර 14ක විශේෂ නිපුණතා සහිත ලාංකික තරුණ තරුණියන් සඳහා ජපානයේ නව රැකියා අවස්ථා ලබා ගැනීමේ හැකියාව ලැබී තිබේ.දෙරට අතර අත්සන් කරන ලද ගිවිසුමට අනුව රැකියා ප්‍රවර්ධන කටයුතු වේගවත් කිරීමේ අපේක්ෂාවෙන් විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපළ විවිධාංගීකරණ අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ලබාදුන් මාර්ගෝපදේශනය යටතේ ලියාපදිංචි අයදුම්කරුවන් සඳහා පැවැත්වීමට නියමිත භාෂා හා කුසලතා පරීක්ෂණය මෙරටේ පැවැත්වීම අරමුණු කරගෙන අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ විශේෂ ත්‍රෛපාක්ෂික සාකච්ඡාවක් පසුගිය දා පැවැත්වුනා එම සාකච්ඡාවට ජපානයේ අධිකරණ අමාත්‍යාංශයේ සහකාර නියෝජ්‍ය අමාත්‍ය රොකුයිචිරෝ මිචී මහතාගේ ප්‍රධානත්වයෙන් 18 දෙනෙකුගෙන් සමන්විත ජපන් නියෝජිත පිරිසක් හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කාර්යාංශයේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් හත්දෙනෙකු, ජපානයේ ශ්‍රී ලංකා තානාපතිතුමා සහ එහි නිළධාරීන් ද සහභාගි විය.

පැය 2ක් පුරා පැවති මෙම ත්‍රෛපාර්ශවික සාකච්ඡාවේදී එරට අදාළ රාජ්‍ය ආයතන හා ඉක්මණින් සාකච්ඡා කර ශ්‍රී ලංකාව තුළ භාෂා හා නිපුණතා පරීක්ෂණය කඩිනමින් පැවැත්වීමට කටයුතු සම්පාදනය කරන බව නියෝජිත පිරිස ප්‍රකාශ කොට තිබෙනවා එම ගිවිසුමට අනුව දැනටමත් ලාංකික තරුණ තරුණියක් විශාල ප්‍රමාණයක් ජපානයේ රැකියා අපේක්ෂාවෙන් ලියාපදිංචි වී තිබේ.එම රැකියා අවස්ථා සඳහා ජපන් භාෂා ප්‍රවීනතා විභාගය වන JLPT අදියර (N4 level) සමත්වී තිබීම අනිවාර්ය වේ.වයස අවුරුදු 18ත් 45ත් අතර පුද්ගලයන්ට මෙම රැකියා සඳහා ඉල්ලුම් කිරීමට හැකියාව ඇත.ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වෙබ් අඩවිය ඔස්සේ මෙම විශේෂ කුසලතා සහිත ජපන් රැකියා සඳහා විස්තර ලබා ගත හැකවිශේෂිත කුසලතා සහිත ශී්‍ර ලංකික තරුණ තරුණියන්ට ජපානයේ රැකියා සඳහා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වැඩසටහන යටතේ අයදුම්පත් කැඳවා ඇත. එම අයදුම්පත් www.slbfe.lk යන අපගේ වෙබ් පිටුවට පිවිස ඔබට ඍජුවම ලබා ගත හැකිය. මේ සඳහා ඔබ කිසිදු මුදලක් ගෙවිය යුතු නැත. මෙම වැඩසටහන සඳහා අයදුම්පත්‍ර කැදවීම විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් පමණක් සිදුකරන අතර කිසිදු පුද්ගලයෙකුට හෝ ආයතනයකට කිසිදු මුදලක් ගෙවීමෙන් වැලකී සිටින ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී. අයදුම්පත් www.slbfe.lk යන වෙබ් පිටුවට පිවිස ලබාගෙන පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තෑපෑලෙන්එවිය යුතු වේ.

ලිපිනය
සහකාර කළමණාකරු
බඳවාගැනීම්- ජපන් ඒකකය sswrp
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය
අංක 234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,
කොස්වත්ත, බත්තරමුල්ල..

ඔබට ලැබෙන රැකියා ටික පහලින් ඔබට බලාගැනීමට හැකියාව තිබෙනවා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *