සිරස ලක්ෂපති ෂුක්රා මුනව්වර් දියණියව පාලිත තෙවරප්පෙරුම හමුවී කරපු දේ ජායාරූප 6ක් මෙන්න

Life Story

ලක්ෂපති වැඩසටහනේ 8වන අදියරේ මිලියන 2 ක් දින ජයග්‍රහණය කල ෂුක්රා මුනව්වර් දියණිය මුණගැසීම සදහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා පැමිණි බව වාර්තා වේ.කාගේත් සිත් ඇදගත් ඇය අදාළ වැඩසටහනත් සමග දැඩි කථා බහට ලක්වූ දියණියක් වන්නට ප්‍රධානතම එක් හේතුවක් වූයේ ඇයගේ අරමුණලෙස තරගය ජයගෙන ලැප්ටොප් පරිගණකයක් ගෙන ඔන්ලයින් ඉගැනීම සදහා අවශ්‍යතා සපුරාගැනීමයි.අදාළ තරගය නරඹා පැමිණි හිටපු මන්ත්‍රීතුමන් ඇයට තෑගි වශයෙන් ටැබ් සහ මුදලින්,පොත් පත් ද ලබාදෙන්න ට වූ බව ඇය සදහන් කරයි.මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ෂුක්රා මුනව්වර් දියණිය,මම සිරස ලක්ෂපති තරගයට ගියේ ඉගෙන ගන්න අවශ්‍ය කරන ලැප්ටොප් පරිඝණයක් ගන්න. ඒක අද රටේ ළමයි බොහෝ දෙනෙකුට තියෙන ගැටළුවක්. මම කවදාවත් හිතුවේ නැහැ පාලිත තෙවරප්පෙරුම කියන මන්ත්‍රීතුමා හමුවෙන්න ලැබේවි කියලා. එතුමා විතරක් නෙමේ එතුමාගේ නෝනත් මාව බලන්න අද ආවා. මට කියවන්න ගොඩක් පොත් ගෙනල්ලා දුන්නා.මේ රට කවදා හරි අමෙරිකාව වගේ දියුණු තැනකට ගෙන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මගේ බලාපොරොත්තුව කවදා හරි ප්‍රධාන විධායක ශ්‍රේණියේ නිලධාරිනියක් වෙන්න. මගේ ඉලක්කය යන්න ඉඩ ලැබෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්න ඇය මෙහිදී සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියා.

1 2 3 4 56

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *