කැබිලිත්ත දේවාලයේ හාස්කම් විහිලුවට ගත් කාන්තාවට කතරගම දෙවියන් දුන් අපුරු දඬුවම

article

කැබිලිත්ත භූමිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ මෙහි ඇති ගුප්ත වූ හාස්‌කම් රැසක්‌ හේතුවෙනි. 1602 දී අප දිවයින ආක්‍රමණය කළ ඕලන්දක්‌කාරයින් විසින් දේවාල පන්සල් කොල්ලකමින් දේශිය උරුමයන් වනසමින් සිටි සමයේ දී කතරගම දේවාලයේ වස්‌තුව රැක ගැනිමට පාරම්පරික කපුවරුන් සිය දිවිහිමියෙන් ක්‍රියා කරනු ලැබීය. ඕලන්දක්‌කාරයින් රුහුණු ප්‍රදේශයට පැමිණීම නිසා දේවාලයේ රහසිගත වු වස්‌තුන් සියල්ල රැගෙන කපුමහත්වරුන් මෙම සියඹලා දේවාලය පිහිටි භූමියට පැමිණියහ.කැබිලිත්තට පැමිණි කපු මහත්වරුන් ඔවුන්ට නෑකම් කියන කැබිලිත්තේ රාළ නම් පුද්ගලයකුට දේවාලයේ වටිනා වස්‌තුව රැක දෙන ලෙස ඉල්ලා දෙවියන්ගේ වස්‌තුව අසළ සියඹලාගස්‌ බෙනයක්‌ තුළ ස`ගවා උදේ සවස පුජා වර තුනක්‌ කළ බව පැවසේ.

කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැද හීලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ. උඩු රැවුලක්‌ ඇති මෙම කැබිලිත්ත රාළ දෙවියන්ගේ වස්‌තුව රැක ගෙන මාස කීපයක්‌ මෙම ස්‌ථානයේ සියඹලා ගසට පුද සත්කාර කරමින් දෙවියන්ගේ වස්‌තුව රැක ගනු ලැබීය. මේ අතරතුර පානම ප්‍රදේශයට ඕලන්දක්‌කාරයින් පැමිණියේ විශාල පිරිසක්‌ සමගයි. දේවාලයේ වස්‌තුව ඇති ස්‌ථාන සොයමින් පැමිණි ඕලන්දක්‌කාරයින් මෙම සියඹලා ගස පිහිටි ස්‌ථානයට ද පැමිණි අතර ඕලන්දක්‌කාරයින් 10 දෙනෙකු සමග සටනක්‌ කරන්නට කැබිලිත්තේ රාළට සිදුවිය. ඔහු තනිවම තියුණු සටනක්‌ කර ඕලන්දක්‌කාරයන් නැති කර දැමිය සටනේ දී සිදු වු තුවාල නිසා කැබිලිත්තේ රාළ අවාසනාවන්ත ලෙස තුවාල ලබා මෙම ස්‌ථානයේ දී පරලොව ගිය අතර මිය යන මොහොතේ තමන් කුමන හෝ බළවේගයකින් කතරගම දෙවියන්ට අයත් වස්‌තුව රැක ගන්නා බවට කළ ප්‍රාර්ථනයක්‌ නිසා කැබිලිත්තේ රාළ නැතිවීමෙන් පසු අදෘෂ්‍යමාන බළවේගයකින් මෙම භූමියේ අරක්‌ගෙන සිටින බව පැවසේ. කතරගම දෙවියන්ගේ වරම් ගෙන මෙම ප්‍රදේශයේ සැරිසරන කැබිලිත්තේ රාළ පරලොව ගිය පසුව දේවාලයේ වස්‌තුව නැවත කතරගම පාරම්පරික කපුවරුන් පැමිණ රැගෙන ගොස්‌ දේවාලයේ තැන්පත් කළ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි. පසුව කැබිලිත්තේ රාළගේ නමින් මෙම අඩවිය නම් කරනු ලැබිය

එතැන් සිට මෙම සියඹලා ගස පිහිටි භුමිය ඓතිහාසික භුමියක්‌ ලෙස පැරන්නන් නම් කරනු ලැබීය. මෙහි නොපෙනෙන දේවාලයක්‌ද පවතින බව ජනප්‍රවාදයේ එන අතර මහා හාස්‌කම් රැසක්‌ පවතින කිසිදු නිදන් සොරකුගේ ඇසට නොපෙනෙන තළගුලු වෙහෙර සහ නිල් මානෙල් පැළැස්‌සද මෙම භූමියේ පිහිටා ඇති බව පැරන්නන් පවසයි. කතරගම දෙවියන් භාවනානු යෝගීව වැඩ වසන භූමියක්‌ ලෙස මෙම දේව අඩවිය හඳුන්වනු ලබයි. මෙම භූමියට අතීතයේ දී හේන් ගොවියන් තම අස්‌වැන්න නෙලා ලබා ගත් අලුත් බව භෝග ගෙන පුද පූජාවන් තැබීමට පැමිණි අතර වනයේ දඩයම් කිරීමට එන දඩයම්කරුවන් දෙවියන්ට මස්‌ තළප තබා පුද සත්කාර කළ බව පැවසේ.මෙම සියඹලා දේවාලය අවට විශාල බෝධියක්‌ද පවතින අතර මේ වටා ඇති වනයේ වෙහෙර විහාර රැසක නටබුන් රැසක්‌ අදත් දක්‌නට ලැබේ. 1818 ඌවේ කැරැල්ල සමයේ දී වීරකැප්පෙටිපොල නිළමේතුමන්ද මෙම ස්‌ථානයට පැමිණ පුද පූජාවන් තබා දේව ආශිර්වාදය ලබා ගත් බව ඉතිහාසයේ කියවේ.

මෙම දේවාලයට පැමිණීමට මාර්ග තුනක්‌ පවත. යාල අංක 02 ඔස්‌සේ මැණික්‌ ග`ග තරණය කර පැමිණිය හැකි අතර, ගල්ගේ මුර පොළ අසළින්ද කොටියාගල කුමණ ප්‍රදේශයෙන් ද මෙම භු+මියට පැමිණීමට හැකි මාර්ගවේ. දැඩි ලෙස දුෂ්කර වු මංමාවත් පසු කර ගෙන පැමිණිය යුතු මෙම වන්දනා ගමන සඳහා විශාල මුදලක්‌ වැය වේ. එක්‌ ජීප් රථයක්‌ ස`දහා රුපියල් තිස්‌පන්දාහත් – හතලිස්‌දාහත් (35000 – 4000ත් ) අතර මුදලක්‌ අය කරනු ලබන අතර ගමනට ජීප් රථ දෙකක්‌ යැමට සිදුවන්නේ ම`ගදී හමුවෙන ජලය පිරි පාරවල් මඩවළවල් තරණය කිරීම සදහායි.අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක්‌ බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක. භාවනානු යෝගී ස්‌වාමීන් වහන්සේලා සිටින ආරණ්‍යකට අප යන විට දී නිශ්ශබ්දතාව රකිමින් පියමන් කරමින් පරිසරයටවත් නොදැනෙ ලෙස ගමන් කළ යුතු වේ. එවැනිම අයුරින් පැවතිය යුතු පරිසරයක්‌ වු මෙම බිමේ විවිධ පැතිවලින් පැමිණ පුද පුජාවන් තබා මුදල් උපයන හොර කපුවන් පිරිසක්‌ද නිතරම පැමිණ අධික ලෙස මුදල් ඉපයීම පටන් ගෙන ඇත. මෙම ස්‌ථානයේ සිටින අදෘෂ්‍යමාන දේවතාවන්ගෙන් උදහසට ලක්‌ව පීඩා විඳීන විශාල පිරිසක්‌ ද සිටිති .මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට ද`ඩුවම් දීමට නිතරම ජීවමානව පෙනි සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙන අතර මෙම ස්‌ථානයේ විවිධ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලැබූ ඉදිකිරීම්, පහන් පැල සුඵ වේලාවකින් මෙම අලින් පැමිණ බිමට සමතලා කරනු ලබන්නේ නැවත කිසිදු අයුරකින් ඉදිකිරීමක්‌ සිදු කරන්නට ඉඩ නොතබමින්ය.මේ වන විට මෙම පුදබිම ආසන්නයේ යුද හමුදා ක`දවුරක්‌ද ස්‌ථාපිත කිරීම නිසා පුදබිම යන්තම් හෝ බේරී පවති. කාන්තාවන්ට කිසිදු අයුරකින් මෙම සීමාවට පැමිණීමට ඉඩ නොදෙන අතර කාන්තාවන් සමග පැමිණි බොහෝ පිරිසකට හිරිහැර සිදුව තිබේ.කැබිලිත්ත භූමිය ඓතිහාසික වශයෙන් වැදගත් වන්නේ මෙහි ඇති ගුප්ත වූ හාස්‌කම් රැසක්‌ හේතුවෙනි. 1602 දී අප දිවයින ආක්‍රමණය කළ ඕලන්දක්‌කාරයින් විසින් දේවාල පන්සල් කොල්ලකමින් දේශිය උරුමයන් වනසමින් සිටි සමයේ දී කතරගම දේවාලයේ වස්‌තුව රැක ගැනිමට පාරම්පරික කපුවරුන් සිය දිවිහිමියෙන් ක්‍රියා කරනු ලැබීය. ඕලන්දක්‌කාරයින් රුහුණු ප්‍රදේශයට පැමිණීම නිසා දේවාලයේ රහසිගත වු වස්‌තුන් සියල්ල රැගෙන කපුමහත්වරුන් මෙම සියඹලා දේවාලය පිහිටි භූමියට පැමිණියහ.කැබිලිත්තට පැමිණි කපු මහත්වරුන් ඔවුන්ට නෑකම් කියන කැබිලිත්තේ රාළ නම් පුද්ගලයකුට දේවාලයේ වටිනා වස්‌තුව රැක දෙන ලෙස ඉල්ලා දෙවියන්ගේ වස්‌තුව අසළ සියඹලාගස්‌ බෙනයක්‌ තුළ ස`ගවා උදේ සවස පුජා වර තුනක්‌ කළ බව පැවසේ.

කැබිලිත්තේ රාළ නම් පුද්ගලයා ඉතා උස හැඩි දැඩි ශක්‌තිවන්තයකු වන අතර දුවන මී හරකුන් අල්ලා ගස්‌ බැද හීලෑ කිරීමට තරම් දක්‌ෂතාවක්‌ ඇති අයකු බව පැවසේ. උඩු රැවුලක්‌ ඇති මෙම කැබිලිත්ත රාළ දෙවියන්ගේ වස්‌තුව රැක ගෙන මාස කීපයක්‌ මෙම ස්‌ථානයේ සියඹලා ගසට පුද සත්කාර කරමින් දෙවියන්ගේ වස්‌තුව රැක ගනු ලැබීය. මේ අතරතුර පානම ප්‍රදේශයට ඕලන්දක්‌කාරයින් පැමිණියේ විශාල පිරිසක්‌ සමගයි. දේවාලයේ වස්‌තුව ඇති ස්‌ථාන සොයමින් පැමිණි ඕලන්දක්‌කාරයින් මෙම සියඹලා ගස පිහිටි ස්‌ථානයට ද පැමිණි අතර ඕලන්දක්‌කාරයින් 10 දෙනෙකු සමග සටනක්‌ කරන්නට කැබිලිත්තේ රාළට සිදුවිය. ඔහු තනිවම තියුණු සටනක්‌ කර ඕලන්දක්‌කාරයන් නැති කර දැමිය සටනේ දී සිදු වු තුවාල නිසා කැබිලිත්තේ රාළ අවාසනාවන්ත ලෙස තුවාල ලබා මෙම ස්‌ථානයේ දී පරලොව ගිය අතර මිය යන මොහොතේ තමන් කුමන හෝ බළවේගයකින් කතරගම දෙවියන්ට අයත් වස්‌තුව රැක ගන්නා බවට කළ ප්‍රාර්ථනයක්‌ නිසා කැබිලිත්තේ රාළ නැතිවීමෙන් පසු අදෘෂ්‍යමාන බළවේගයකින් මෙම භූමියේ අරක්‌ගෙන සිටින බව පැවසේ. කතරගම දෙවියන්ගේ වරම් ගෙන මෙම ප්‍රදේශයේ සැරිසරන කැබිලිත්තේ රාළ පරලොව ගිය පසුව දේවාලයේ වස්‌තුව නැවත කතරගම පාරම්පරික කපුවරුන් පැමිණ රැගෙන ගොස්‌ දේවාලයේ තැන්පත් කළ බව කතරගම දේවාලයේ ප්‍රධාන කපු මහතා වන සොමීපාල ටී රත්නායක මහතා පවසයි. පසුව කැබිලිත්තේ රාළගේ නමින් මෙම අඩවිය නම් කරනු ලැබිය

එතැන් සිට මෙම සියඹලා ගස පිහිටි භුමිය ඓතිහාසික භුමියක්‌ ලෙස පැරන්නන් නම් කරනු ලැබීය. මෙහි නොපෙනෙන දේවාලයක්‌ද පවතින බව ජනප්‍රවාදයේ එන අතර මහා හාස්‌කම් රැසක්‌ පවතින කිසිදු නිදන් සොරකුගේ ඇසට නොපෙනෙන තළගුලු වෙහෙර සහ නිල් මානෙල් පැළැස්‌සද මෙම භූමියේ පිහිටා ඇති බව පැරන්නන් පවසයි. කතරගම දෙවියන් භාවනානු යෝගීව වැඩ වසන භූමියක්‌ ලෙස මෙම දේව අඩවිය හඳුන්වනු ලබයි. මෙම භූමියට අතීතයේ දී හේන් ගොවියන් තම අස්‌වැන්න නෙලා ලබා ගත් අලුත් බව භෝග ගෙන පුද පූජාවන් තැබීමට පැමිණි අතර වනයේ දඩයම් කිරීමට එන දඩයම්කරුවන් දෙවියන්ට මස්‌ තළප තබා පුද සත්කාර කළ බව පැවසේ.මෙම සියඹලා දේවාලය අවට විශාල බෝධියක්‌ද පවතින අතර මේ වටා ඇති වනයේ වෙහෙර විහාර රැසක නටබුන් රැසක්‌ අදත් දක්‌නට ලැබේ. 1818 ඌවේ කැරැල්ල සමයේ දී වීරකැප්පෙටිපොල නිළමේතුමන්ද මෙම ස්‌ථානයට පැමිණ පුද පූජාවන් තබා දේව ආශිර්වාදය ලබා ගත් බව ඉතිහාසයේ කියවේ.

මෙම දේවාලයට පැමිණීමට මාර්ග තුනක්‌ පවත. යාල අංක 02 ඔස්‌සේ මැණික්‌ ග`ග තරණය කර පැමිණිය හැකි අතර, ගල්ගේ මුර පොළ අසළින්ද කොටියාගල කුමණ ප්‍රදේශයෙන් ද මෙම භු+මියට පැමිණීමට හැකි මාර්ගවේ. දැඩි ලෙස දුෂ්කර වු මංමාවත් පසු කර ගෙන පැමිණිය යුතු මෙම වන්දනා ගමන සඳහා විශාල මුදලක්‌ වැය වේ. එක්‌ ජීප් රථයක්‌ ස`දහා රුපියල් තිස්‌පන්දාහත් – හතලිස්‌දාහත් (35000 – 4000ත් ) අතර මුදලක්‌ අය කරනු ලබන අතර ගමනට ජීප් රථ දෙකක්‌ යැමට සිදුවන්නේ ම`ගදී හමුවෙන ජලය පිරි පාරවල් මඩවළවල් තරණය කිරීම සදහායි.අපවත් වී වදාළ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන්ද කතරගම දෙවියන් ජීව මානව භාවනා කරන ස්‌ථානයක්‌ බවට මෙම ස්‌ථානය හැඳීන් වූ සේක. භාවනානු යෝගී ස්‌වාමීන් වහන්සේලා සිටින ආරණ්‍යකට අප යන විට දී නිශ්ශබ්දතාව රකිමින් පියමන් කරමින් පරිසරයටවත් නොදැනෙ ලෙස ගමන් කළ යුතු වේ. එවැනිම අයුරින් පැවතිය යුතු පරිසරයක්‌ වු මෙම බිමේ විවිධ පැතිවලින් පැමිණ පුද පුජාවන් තබා මුදල් උපයන හොර කපුවන් පිරිසක්‌ද නිතරම පැමිණ අධික ලෙස මුදල් ඉපයීම පටන් ගෙන ඇත. මෙම ස්‌ථානයේ සිටින අදෘෂ්‍යමාන දේවතාවන්ගෙන් උදහසට ලක්‌ව පීඩා විඳීන විශාල පිරිසක්‌ ද සිටිති .මෙම භූමියේ දී නිතර අවැඩත් කරන අයට ද`ඩුවම් දීමට නිතරම ජීවමානව පෙනි සිටින්නේ අලි ඇතුන්ය. මෙයට අමතරව වළසා, ඌරා, නාගයා විටින් විට පැමිණෙන අතර මෙම ස්‌ථානයේ විවිධ ව්‍යාපාරිකයන් විසින් සිදු කරනු ලැබූ ඉදිකිරීම්, පහන් පැල සුඵ වේලාවකින් මෙම අලින් පැමිණ බිමට සමතලා කරනු ලබන්නේ නැවත කිසිදු අයුරකින් ඉදිකිරීමක්‌ සිදු කරන්නට ඉඩ නොතබමින්ය.මේ වන විට මෙම පුදබිම ආසන්නයේ යුද හමුදා ක`දවුරක්‌ද ස්‌ථාපිත කිරීම නිසා පුදබිම යන්තම් හෝ බේරී පවති. කාන්තාවන්ට කිසිදු අයුරකින් මෙම සීමාවට පැමිණීමට ඉඩ නොදෙන අතර කාන්තාවන් සමග පැමිණි බොහෝ පිරිසකට හිරිහැර සිදුව තිබේ.

කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් සිටිති. ඒ අතර පිරිමින් වගේම කාන්තාවෝ හා ළමයිද සිටි. ඉන් සමහර දෙනෙක් ඉතා භක්තිවන්තව පුජා බිමක හැසිරෙන ආකාරයට සංයමයකින් යුතුව හැසිරෙනු පෙනේ.ඒ අතර අසංවර ඇදුමින් සැරසුණු කාන්තාවෝ සෙස්සන්ගේද විළිබිය සිදලමින් වනාන්තරය දෙවනක් කරමින් උස්හඩින් විවිධ උජාරු කතා කියති. ආගමික ස්ථානයක හැසිරෙන්නට නොදත් දරුවෝ කුඹුක්න්ඔයේ වැල්ලේ කෑකෝගසමින් එහා මෙහා දිවයති. වැලිවලින් හෝ ගල්කැටවලින් එකිනෙකාට ගසා ගනිති. උස් හඩින් හිනා වෙති. ගිරිය පුප්පා කෑ ගසති. මේ ළමයින්ගේ නොමනා හැසිරීම දෙස ඔවුන්ගේ මාපියෝ උජාරුවෙන් ඔය ඉවුරේ සිට බලා සිටියි

මීට දින කිහිපයකට පෙරදි අගනුවර පැත්තෙන් මහකැබිලිත්තට එවැනි අවිචාර ගෑනු පිරිමි සහ ළමයින් සහිත නඩයක් පැමිණියා. ඔවුන් පැමිණි වෑන් රථය කොටියාගල දමා ට‍්‍රැක්ටරයක් සහ කපුවෙස්ගත් ජාවාරම්කාරයෙක් කුලියට ගෙන මහවනය තරණය කරමින් මහකැබිලිත්තට පැමිණෙන විට රෑ බෝවී තිබුනා ට‍්‍රැක්ටරයේ සයිලන්සර් හඩට වනසතුන් දිවගොස් සැගවෙන නිසා වනසතුන් බිය ගන්වා කැලේ යන්නට හොදම වාහනය ට‍්‍රැක්ටරය බව ඒවායේ අයිතිකරුවන් මෙන්ම කපුවෙස්ගත් ජාවාරම්කාරයෝ හොදින් දන සිටියි මේ දිනවල මහකැබිලිත්තේ වනසතුන් උදහස්වී ඇති බව දැනීමෙන් ඇතැම් ට‍්‍රැක්ටර්කරුවන් ඔවුන්ගේ ට‍්‍රැක්ටර්වල හඩ වැඩිකිරීමට සයිලන්සර් කොටකර ඇතැයි කොටියාගල පැත්තේ මිනිස්සුම පවසනවා

මේ පැමිණි නඩයේ ගෑනු පිරිමින් වගේ හැසිරෙන්නේ ගෑනුකමක් ඔවුන් ගෙන් පෙනෙන්නේ ශරීර අවයව වලින් පමණි. මත්වතුර බීපු පුද්ගලයන් මෙන් මේ නඩයේ කාන්තාවන්ගේ කැකිරිපළන හඩින් වනාන්තරය දෙදරා ගියා වසතුන්ගේ නිදහසටද බදා එල්ලවුනා. මහකැබිලිත්තේ වනඅලියෙක් එක් කාන්තාවකට අපූරු පාඩමක් කියා දුන්නේය.මහා හාස්කම් ඇති දේවාලය කොහේදැයි කියමින් එක් කාන්තාවක් සියඹලා දේවාලය පැත්තට ගොඩවුයේ කුඹුකන්ඔය හරහා ගමන් කරමිනි. ඈ අනුගමනය කරමින් තවත් කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඇය පසුපස ආහ. නමුත් මේ කාන්තාවට යන්නට හැකිවුයේ අඩි කිහිපයක් පමණි. කැලෑව මැද්දෙන් ඉදිරියට ආ දැවැන්ත වනඅලියෙක් ඉදිරියෙන් සිටි කාන්තාව හොඩයෙන් ගෙන ඇය ලන්දකට විසිකළේ ඇදසිටි රෙදිවල මළමුත‍්‍රා පවා පිටකරවමිනි. අනික් කාන්තාවෝ සිටි පැත්තට වනඅලියා හැරෙනවිටත් ඒ කාන්තාවෝ කුඹුකන්ඔය මැදත් පසුකර එගොට ඉවුරට දුවමින් සිටි

අලියා විසිකිරීමට ලක්වු කාන්තාවට බරපතල හානියක් සිදුවි නොතිබුනු නිසා ඇයත් ඒ විගස නැගිට කුඹුකන්ඔයෙන් එගොඩට දිව ඇවිත් තිබුණේ ජිවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. මේ සිද්ධියෙන් පසු ඇතැම් අවස්ථාවල ඉතා පිරිසුදුව වත්පිළිවෙත් රකිමින් එන කාන්තාවන්ට පවා සියඹලා දේවාලයට යන්නට වනඅලි ඉඩනොදුන් අවස්ථා කිහිපයක් ගැන මහකැබිලිත්තට නිතර යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සිහිපත්කර සිටියා .වෙනදා සියඹලා දේවාලයට එන බැතිමතුන් පැමිණ නවතින එගොඩ ඉවුර පැත්තට නොඑන වනසතුන් අතරින් වනඅලි කිහිප දෙනෙක් දැන් ඒ ආසන්නයේ වරන්වර සැරි සරන්නට පටන්ගෙන ඇතැයිද විමල් කොඩිතුවක්කු මහතා කීවේය.කතරගම දෙවියන්ගේ අඩවියේ නරක චේතනාවෙන් කුමන වැඩක් කළ ද එහි නොසිතූ විපාක ඇති බව බව කලක් කුමණ ජාතික වනෝද්‍යානයේ ඔකද දෙසින් ආරක්‍ෂාව සැපයු පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියාව සිටි ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා හෙළි කරා දැන් ඔහු පොතුවිල් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස සේවය කරනවා

මේ සිදුවීම 2007 සහ 2008 අතර වූ සිදුවීමකි. මේ කාලය වනවිට සාම ක‍්‍රියාවලිය බිදී නැගෙනහිර කොටි මෙහෙයුම් පටන්ගත් වකවානුවයි. තොප්පිගල කැලයේ කොටි ත‍්‍රස්තයන් පිස්සෝ වගේ පසු බසිද්දී කොටි නායක රාම් ඇතුලූ කුඩා කුඩා කොටි කණ්ඩායම් නැගෙනහිර වෙරළින් කුමණ ජාතික වනෝද්‍යානයට රිංගා ගත්හ.කුමණ කැලේ කොටි ත‍්‍රස්තයන් සිටීම නීතිවිරෝධි කටයුතුවල නිරතවූ ඇතැමුන්ට සිය ජාවාරම්වලට පහසුවක්ද විය. පානමත් කොටියාගලත් අතර පානමට කිලෝමීටර් පහළොවක් විස්සක් පමණ කැලේ මැදට වන්නට කංසා හේනක් පවත්වාගෙන ගිය පිරිස් අතර සිටි තිදෙනකු අවිගත් කණ්ඩායමක් පැහැරගෙන පරලොව යැවූ බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ එම කංසා හේනේම සිට දිවි බේරාගෙන ආ පුද්ගලයකු විසිනි. කොටියාගල පැත්තෙන් පොලිස් විශේෂකාර්ය බළකා කණ්ඩායමක් එම පුද්ගලයා සමග මහවනාන්තරය මැද්දෙන් එකී ඉසව්වට ආවත් කිසිම කෙනෙක්ගේ සිරුර හොයාගත නොහැකිවිය.

මේ වකවානුවේ පානම, කුමණ, ප‍්‍රදේශ බාරව සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාය. ඔහු වසන්ත කුමාර මහතාට උපදෙස් දුන්නේ කුමණ කැලෑවේ සිදුවු බව කියන මේ ක්‍රියාව ගැන විමර්ශනයක් කරන ලෙසය.ඒ අනුව සිද්ධියේදි දිවිබේරාගෙන පැමිණි තැනැත්තා සමග කුමණ වනෝද්‍යානය තුළ කිලෝමීටර් පහළොවක් විස්සක් දුර කොටියාගල පැත්තට සෙබළ කණ්ඩායමක් සමග වසන්ත කුමාර මහතා පැමිණියේය. කංසා හේන හමුවිණි. නමුත් පරලොව යවුවා යැයි කියු පුද්ගලයන්කංසා හේනේ නොවීය. තවදුරටත් විපරම් කරද්දි ඊට තරමක් නුදුරින් එකම ස්ථානයක දෙදෙනකු පුලූස්සා දමා හිස් කබල් දෙකක සහ සිරුරුවල කොටස් කිහිපයක් ඉතිරිව තිඛෙනු දැකගත හැකිවිනි. පෝර කවරයක බහා ඒවා රැගෙන ඔව්න් ආවේය.

කතරගම දෙවියන්ගේ අඩවියේ කංසා වැවූ අයට අත්ව තිබු ඉරණම එයයි. ඒනිසා දේවියන්ගේ අඩවියේ නුසුදුසු ක‍්‍රියා කරන්නන්ට ඇතැම් අවස්ථාවල වන්දි ගෙවන්නට සිදුවන්නේ ජිවිත වලිනි. හාස්කම් නැතැයි පුරසාරම් දොඩමින් දෙවියන් බුදුන් අවඥාවට ලක්කරන සමහරුන්ට ද මේ කැලේදීම එහි විපාක විදින්නට සිදුවු අවස්ථා දැන් දිනෙන් දින ඉහළ යමින් පවති.කුමණ ජාතික වනෝද්‍යානයේ ඔක්කම්පිටිය දෙසින් ඇතුලූවන පැත්තේද එවැනි සිදුවීමක් වනෝද්‍යානය තුළදී සිදුවු බව අසන්නට ලැබුණේ 2007 වසරේදීය. කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් කැලෑව තුළදී තරුණයකු පරලොව යවා තිබුණි ගවපට්ටි හිමියා වූ මේ තරුණයා ගවයින් මස් පිණිස විකුණු තැනැත්තකු ද විය. බොහෝ අවස්ථාවල මස්කඩවලට ගවයන් මිලදී ගන්නා වෙළෙන්දන් සමග ගනුදෙනුව කරන්නේ දේව අඩවිය තුළය. මේ කියන තරුණයා එලොව යැවූ වු අවස්ථාවේ ඔහුගේ යට ඇදුමක රුපියල් ලක්‍ෂයක මුදලක් තිබු බවද කල පරීක්‍ෂණයේදී හෙළි විය. එය දේව අඩවිය තුළදී මස් පිණිස ගවයන් විකිණූ ගනුදෙනුවකින් ගත් මුදලක් බවද පසුව කියවිණි.ඒනිසා වතුර රත්වනතුරු නටන කකුළුවන්ට අත්වන ඉරණම මෙන් දේව අඩවියේ ද අවිචාරවත්ව හැසිරෙන පුද්ගලයන් විපත් තමා ළගට ගෙන්වා ගන්නා බව කියන්නේ මහකැබිලිත්තේ සහ කතරගම දේව අඩවියේ හැටි දන්නා අයයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *