ජීවිතය ලස්සනයි ටෙලි නාට්‍යයේ ‘සුදු නංගි’ චරිතය රඟපාමින් ටෙලි නාට්‍ය ක්ෂේත්රයට එක්වුණු අයෝමි ශානිකා අදටත් ජනප්‍රිය ‘සුදු නංගි’ ලෙසින්මයි.මේ වෙද්දී අයෝමි ආයුර්වේද වෛද්‍යවරියක්. ඒ වගේම දෙදරු මවක්. අයෝමි මේ වෙද්දි ජීවත්වෙන්නේ නුවර. රජයේ ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට සේවය කරන අතරම ඇය සිය නිවසේ පෙෘද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන යනවා. කලා නිර්මාණවලින් ඈත්ව හිටිය අයෝමි ළඟදීම නැවත පුංචි තිරයේ දැක ගන්නට ලැබෙනවා. ඒ ජනවාරි 17 සිට ජාතික රූපවාහිනියේ සෙනසුරාදා ඉරිදා රාත්‍රි 9ට විකාශය වන රෑනගල වලව්ව තුළින්. මේ සියල්ල ගැන අපි අයෝමි එක්ක කතා කළා. මම නාට්‍යයකට සම්බන්ධ වෙන්නේ වසර 5 කට පසුව. ඒ නිර්මාණය තමා රෑනගල වලව්ව. එහි තව රූ ගත කිරීම් පවා තියෙනවා. ඊට අමතරව තව නාට්‍යය දෙකක වැඩ කටයුතු පටන් ගන්න තියෙනවා.ඒ හැරුණම මම ආයුර්වේද වෛද්‍යවරියක් විදිහට රජයේ සහ මගේ ගෙදර වැඩ කටයුතු කරනවා. ගොඩක්ම මම ප්‍රතිකාර කරන්නේ මඳසරු භාවයට, ආයුර්වේද පැත්තෙන් රුපලාවණ්‍ය දේවල් චර්ම රෝග, ස්ථුලභාවය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් සහ ශ්වසන රෝග සම්බන්ධව. මේ දේවල් එක්ක කාලය තියෙන විදියට රුපවාහිනී වැඩසටහන්වලට සම්බන්ධ වෙනවා.කියලයි ඇය පැවසුවේ ඉතින් මේ ආදරණිය කළා කාරිනිය වෛද්‍යවරිය ගේ චයාරුප පෙළක් තමා අද අපි ඔබට ගෙනෙන්නට හිතුවේ.
1 2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20