ලක්‍ෂ 20ට ලක්‍ෂ 35ට වැඩිය ත්‍යාග දිනාගත් ශුක්‍රා දියණිය ත්‍යාග දිනාගත් අවස්ථාවේ චයාරුප 14ක්

Life Story

ආදර්ශමත්, බුද්ධිමත්, අවංක, නිහතමානී, ඉතාමත් පියකරු, අතිදක්ෂ, උතුම් ගුණදම් වලින් හිත පුරවාගත් මේ වෙද්දී රටක් ආදරය කරන කෙනෙක් තමයි දුස්රාව ෂුක්රා කියලා කියන්නේ. ඉතින් ඊයේ දිනයේදී සිරස ලක්ෂපති වැඩසටහනෙන් ඇයට රුපියල් මිලියන දෙකක මුදලක් දිනා ගැනීමට හැකි වුණා. ඉතින් මේ නිහතමානී දුර්ලභ අගනා වටිනා මැණිකක් බඳු දුස්රාට අපි උණුසුම් සුබ පැතුම් එක් කරමු. ඉතින් මෙවැනි අපේ රටේ ඉන්න සම්පතකට මුළු මහත් ජනතාවගේ ආශීර්වාදය වගේම දෙවි දේවතාවන් පවා ආශිර්වාද කරනවා නොඅනුමානය. ඉතින් මේ ෂුක්රා ගාල්ලේ වෙරළබඩ කටුගොඩ ගම්මානයේ දුප්පත් පවුලක ඉපදීලා ඉතා අසීරුවෙන් අභියෝගතා මැද බෞද්ධ පාඨශාලාවක අධ්‍යාපනය ලබාඇත. ඉතින් ඇය එක් රැයකින් සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම තම වසඟයට ගත් අපූරු යුවතියක් කිවුවොත් මම නිවරදී. තවමත් පාසල් වියේ පසුවන ෂුක්රා ජාතිවාදයෙන් ආගමික උන්මාදයෙන් වියරු වැටී එකිනෙකාට චෝදනා කරගනිමින් අඳුරු ආගාධයකට ගමන් කරමින් සිටි මෙරට ජන සමාජයට බලාපෙ‍ෙ‍රාත්තුවේ සලකුණක් වී හමාරයි. ඒ ඇය සිරස ලක්ෂපති වැඩසටහනට සහභාගී වෙමින් මිලියන දෙකක් වූ ජයමල්ල තම දෝතින් දිනාගත් නිසා නොවේ. ඇය මෙරට ජන සමාජයේ අනාගතය බාරගන්නා තරුණ පරපුර නියෝජනය කරන සැබෑ යුවතියක් නිසා. ඉතින් මුස්ලිම් පවුලක ඉස්ලාම් ආගම අදහන දෙමව්පියන්ට දාව උපදින ෂුක්රා නිදහස් අදහස් ඇත්තියක් වන අතර සියලු ආගමික මතවාද ඉවත දමමින් ශ්‍රී ලංකාව යනු බහු ජාතික බහු ආගමික අපූරු සංහිඳියාවක් සහිත සම්මිශ්‍රිත ජන සමාජයක් බව සමස්ත රටවැසියන්ටම කියා සිටියේ ඒ පිළිබඳ වචනයකදු කතා නොකරමින්. ඇගේ දක්ෂතාව ප්‍රදර්ශනය කරමිනි.

1

දැන් ඇය සමස්ත ශ්‍රී ලාංකිකයන්ට අපේම දැරියක් අපේම සොයුරියක් වී හමාරයි. ෂුක්රා දියණිවරු තිදෙනකුගෙන් යුතු පවුලේ බාලයාය අඩු ආදායම්ලාභී පවුලක් වුව ද ෂුක්රාගේ තාත්තා ගමේ උගතෙකි. ගමේ ඕනෑම කෙනෙකුට යම් ලේඛනයක් සකසා ගැනීමට අවශ්‍ය නම් යන්නේ ෂුක්රාගේ පියා හමුවීමටය. යමක් ඉංග්‍රීසි භාෂාවෙන් ලියා ගැනීමට අවශ්‍ය නම් හමුවන්නේ ෂුක්රාගේ පියායි එහෙත් ඔහු පොහොසතකු නොවේ. ෂුක්රාගේ මවට සිය දියණියන් තිදෙනා නිවසේ තබා විදේශගත වීමට සිදුවූයේ දුප්පත්කම නිසාමයි. එහි ප්‍රතිඵලය වූයේ ෂුක්රා ඇතිදැඩි කර ගැනීම සඳහා ඇගේ වැඩිමහල් සොහොයුරිය අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසු නිවසේ නතර වීමයි. ඉතින් මේ දියණිවරුන්ගේ අධ්‍යාපනය තම ජීවිතයේ වැදගත්ම අවශ්‍යතාව බව වටහාගෙන සිටි ඒ මවත් පියාත් ඔවුන් ඇතුළු කළේ ගමේ බෞද්ධ පාඨශාලාව වූ මාගාල්ලේ සුධර්මා විද්‍යාලයටය. සිංහල කතාකරන, බුද්ධ ධර්මය අදහන ගැහැනු පිරිමි දරුවන් සමඟ හරි හරියට අධ්‍යාපනය ලබන්නට මේ දරුවන්ට අවස්ථාව ලබා දී ඇත. ඉතින් එහි ප්‍රතිඵලය වූයේ ශ්‍රී ලාංකීය සමාජයේ සැබෑ පැතිකඩ විදහා දක්වන අපූරු මුස්ලිම් ජාතික තරුණියක් බෞද්ධ පාඨාශාලාවකින් ඉගෙන ගෙන සමාජයට පැමිණ රටත්, සමාජයත් පිළිබඳ අපූරු විවරණ සැපයීමයි

2

ෂුක්රා, පොත් පිටු ගණන් ලීවේ නැත. පැය ගණන් කතා කළේ නැත. ඇය කතා කළ විනාඩි කිහිපයෙන් ඇය සමස්ත සමාජයට ම මහා දාර්ශනික කතාවක් කීවාය. මේ ඇය කියූ වදන් ය. මම මුස්ලිම් ගෑනු ළමයෙක් වුණාට හැම දෙයක්ම කරන්න කැමතියි. මට අම්මා තාත්තා නිදහස දීල තියෙනවා. නමුත් ඒක වැරදියට පාවිච්චි කරන්න හොඳ නැහැ. එයාලා නිදහස දෙන්නේ අපි කවදා හරි හොඳ තැනකට එනවාට කැමැත්තෙන්. තමන් කැමති තැනට ඇවිත් තියෙනවා කියලා හිතෙනකම්ම උත්සාහය අතහරින්න හොඳ නැහැ. ජීවිතයේ බාධක එනවා තමයි. ඒක බරපතළ විදියට ගන්න ඕන නැහැ බාධක එන්න එන්න තමයි අපි ශක්තිමත් වෙන්නේ. දැන් ඔන්ලයින් අරගලයක් වෙලා තියෙනවා. ගොඩක් දුප්පත් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි ඔන්ලයින් ඉගෙන ගන්න හරියට ඩිවයිස් එකක් නැහැ. දුප්පත්කම තමයි ඒකට හේතුව. ඩේටාවලට ගෙවන්නවත් අම්ලාට සල්ලි නෑ. මගේ ගමෙත් ඉන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තොත් නාසා එකට වුණත් යන්න පුළුවන් ළමයි. මේ හැම කෙනෙකුටම ඔන්ලයින් අරගලයක් වෙලා. මමත් ආවේ අම්මලාට බරක් නොවී ලැප්ටොප් එක්ක ගන්න. මේ තරඟය දිනුවොත් මට ලැප්ටොප් එකක් ගන්න පුළුවන්.

3

ඉතින් එහෙම කියලා තරඟය ඇරඹූ ෂුක්රාට ලැබුණු පළමු ප්‍රශ්නය වූයේ ටීකා සීපදයක් කිසිදු චකිතයකින් තොරව නිවැරදි පිළිතුර දුන් ඇය ඒ ටීකා සීපදය තාලයට කීවේ රටම වසඟ කරමිනි. වාරේ වාරේ කියනවා විනා කොස් වාරේ ද අඹ වාරේ ද දෙල් වාරේ ද කෙහෙන් ආ වාරයක් ද දන්නෙ නෑ. කියූ ඇය තමන්ගේ වාරය ලබා ගැනීම ඇරඹුවා. ඉතින් තවමත් 17 හැවිරිදි වියේ පසුවන මේ පාසල් ශිෂ්‍යාව තමන් ලැබූ අධ්‍යාපනය ලොවට හඬගා කියමින් බුදුගුණ කවි අපූරුව ගායනා කළාය. සිංහල නාට්‍ය කාව්‍ය ඇය අපූරුවට කීවේ විටෙක හැඟීම්බර වෙමිනි. තමන් සිංහ සීවලී වූවා නම් තම පියා දමා නොයන බව ඇය කියන විට එය බලා සිටි බොහෝ දෙනකුගේ දෑසට කඳුළක් එක්වන්නට ඇත. ඇයට ආගම හෝ ජාතිය ප්‍රශ්නයක් නැත. සිංහල ඉතිහාසයත්, ජන කතාත් ඇය දන්නවා.

ඇය දෙමළ භාෂාව කතා කරන මුස්ලිම් දැරියක වූවාට තම ශ්‍රී ලාංකික බව කියා පෑවේ මේ අයුරින්, මටත් බාධක ආවා. අනිත් අය මොනවා කිව්වත් විවේචනය කළත් හිත රිද්දුවත් විහිළු කළත් තමන්ගේ ගමන යන්න පිරිමියකුට වඩා මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට. තාත්තා දුප්පත් කෙනෙක් වුණා නම් තාත්තාට බ්‍රැන්ඩඩ් ඇඳුමක් අරන් දෙන්න බැරි නම් හුඟක් දරුවෝ හිතන්නේ සිංහබාහු වගේ. මට අවුරුදු 13 දී තාත්තා ලෙඩ වුණේ. ඒත් මගේ තාත්තා තමයි මට දැනුම දුන්නේ. මගේ විරයා අම්මා. මගේ හැමදේම අම්මා තමයි. අම්මාට මම ආදරෙයි. ඒත් ඇය ගොඩක් සැරයි. වැරැද්දක් කළොත් සමාවක් නැහැ . වාණිජ්‍ය අංශයෙන් උසස් පෙළ විභාගයට මුහුණ දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ගිණුම්කරණය හදාරා සුප්‍රසිද්ධ ආයතනයක ප්‍රධාන විධායක නිලධාරිනිය වීම ඇගේ අපේක්ෂාවයි. මේ සමාජයේ කට්ටියක් හිතාගෙන ඉන්නේ කාන්තාවක් කිව්වොත් දුර්වලයි කියලා. මම නම් හිතන්නේ පිරිමියකුට වඩා උසස් කායික මෙන්ම මානසික ශක්තියක් තියෙන්නේ කාන්තාවකට කියලයි ඇය කියන්නේ. ෂුක්රා පාසලේදී විද්‍යාලයීය ශිෂ්‍ය භට කණ්ඩායම නියෝජනය කරමින් රන්ටැඹේ ශිෂ්‍ය භට කඳවුරට ද සහභාගී වී ඇත. මුස්ලිම් දැරියක් එවැනි පුහුණුවකට යාම සමස්ත දරු පරපුරටම ආදර්ශයක් බව කියන්නට කැමතියි. ඉතින් මේ බොහෝ දක්ෂතා වලින් හෙබි ෂුක්රාට ඇයගේ දක්ෂතා වලින් ඉදිරියටම යන්න ලැබේවා කියලා සෙනෙහෙ සිතින් අපි ප්‍රර්ථනා කරමු.

4 5 6 7 8 9 10 11 12 13

Leave a Reply

Your email address will not be published. Required fields are marked *