ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ රංගන ක්ෂේත්රයේ දිදුලන තරුවක්නේ.අද දවස ඇයට විශේෂ දවසක් ඒ ඇගේ 29 වෙනි උපන්දිනය අද දවසට යෙදී තිබෙන නිසයි.. මේත් එක්කම තවත් විශේෂ සිදුවීමක් අද දින සිදුවුණා. ඇගේ පෙම්වතා වන ක්‍රිෂාන් පෙරේරා ඇයව පුදුම කරමින් අද දිනයේදිම විවාහ යෝජනාවත් සිදුකළා.ක්‍රිෂාන් දක්ෂ ගායන ශිල්පියෙක් වගේම ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ වාදන ශිල්පියෙක්ද වනවා.ක්‍රිෂාන් සහ ශ්‍රේෂාද්‍රි පෙම්වතුන් කියන එක මේ වෙනකොට රහසක් නෙමෙයි.ක්‍රිෂාන් සහ ශ්‍රේෂාද්‍රි මේ සම්බන්ධයෙන් පළ කිරීමත් සමග සහෝදර රංගන ශිල්පීන් සහ රසික පිරිස මුහුනු පොත හරහා සුබ පැතුම් එක්කරද තිබුණා.
ශේෂාද්‍රි ප්‍රියසාද් 1991 දෙසැම්බර් 2 වන දින උපත ලබන අතර සහෝදර සහෝදරියන් තිදෙනෙකුගෙන් යුත් පවුලේ දෙවැන්නා ලෙස උපත ලබනවා ඇගේ පියා දිනේෂ් ප්‍රියසාද් සිංහල සිනමාවේ චිත්‍රපට නිෂ්පාදකවරයෙක් වන අතර මව ශිරානි ප්‍රියසාද් ගෘහණියක්. ඇගේ වැඩිමහල් සොහොයුරිය වන දිනක්ෂි ප්‍රියසාද් ශ්‍රී ලංකා සිනමාව, රූපවාහිනිය සහ වේදිකා නාට්‍යය සහ රූපවාහිනී සත්කාරකවරියක ලෙස ජනප්‍රිය සම්මානලාභී නිළියකි. ඇගේ බාල සොහොයුරිය වන ශනුද්‍රි ප්‍රියසාද් සිනමා, රූපවාහිනී මෙන්ම ගායිකාවක ජනප්‍රිය සම්මානලාභී නිළියකි. ඇය බම්බලපිටියේ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ආදි ශිෂ්‍යාවක් ද වෙනවා ශේෂාද්‍රි 2013 දී සම්පත් ද සිල්වා සමඟ විවාහ වූ අතර 2015 දී දික්කසාද වූවාය.අපිත් ඔව්න් දෙදෙනාගේ අලුත් ජිවිතයට හදවතින්ම සුබ පතමු