චන්න පෙරේරා තවත් පිම්මක් පනී තවත් සුරුපිනියක් ගෙනෙයි සුරුපිනියගේ චයාරුප 20ක් මෙන්න

Gossip

පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ. ඉතින් ඔහුගේ රංගාභිෂේකයට මේ වන විට දශක තුනක් සම්පුර්ණ වෙලා හමාරයි. ඉතින් රංගනයෙන් නොනැවතී අධ්‍යකවරයෙක් සහ නිෂ්පාදකවරයෙක් මෙන්ම තිර රචකයෙකු ලෙසත් ක්ෂේත්‍රයේ නමක් දැරූ මේ රංගන ශිල්පියාගේ අධ්‍යක්ෂක ජීවිතයට පසුගිය දා විසිවසරක් සම්පුර්ණ වුණා. ඉතින් ඒ නිමිත්තෙන් ඔහුගේ නවතම සිනමා නිර්මාණයක් වන සඳ දිය සළු චිත්‍රපටයත් සමඟ උත්සවයත් පසුගිය දිනක පැවැත්වුවා. ඉතින් ඒ පිලිබඳවත් ඔහුගේ අලුත්ම තොරතුරුත් ඔහු මෙහෙමයි කියලා තිබුනේ. අංජලිකා චිත්‍රපටයෙන් පසුව මන් කල චිත්‍රපට සියල්ලම වෙනස් ආකාරයේ චිත්‍රපට.

නමුත් බොහෝ දෙනෙක් මට කිවුවේ ආකර්ශනීය සිනමාවේ ලක්ෂණ ඇතුලත් අංජලිකා වගේම චිත්‍රපටයක් නැවත කරන්න කියලා. ඉතින් සඳ දිය සළු කියන්නේ ඒ වගේම චිත්‍රපටයක් කරන්න දැරූ උත්සහයක්. ඉතින් මේ චිත්‍රපටයේ ඊටත් වඩා ආදරණීය සුන්දර කතා තේමාවක් සහිතයි. කෙටියෙන්ම කියනවානම් කොන්දේසි විරහිත සුන්දර ආදර කතාවක් සහිත සඳ දිය සළු චිත්‍රපටයේ කතාව මෙතෙක් මා අතින් ලියවුනු මන් කැමතිම කතාවයි. ඉතින් මන් වෘත්තිමය රංගන ශිල්පියෙක් අධ්‍යක්ෂකවරයෙක් නිෂ්පාදකවරයෙක් සහ තිර රචකයෙක්. මගේ තවත් නිර්මාණයක් වන ‘යුගාත්‍රා’ චිත්‍රපටයෙන් මාෂි සිරිවර්ධන ක්‍ෂේත්‍රයට හඳුන්වා දුන්නා. ඒක ලබන අගෝස්තු මාසයේ තිරගතවීමට නියමිතයි. ‘සඳ දිය සළු’ නමැති මගේ අළුත්ම චිත්‍රපටයෙන් නිම්හාරා සේනානායක නමින් අළුත් මුහුණක් හඳුන්වා දෙනවා. ඇයත් සිනමාවේ ලොකු වෙනසක් කරාවි. ඊට අමතරව මාලනී ෆොන්සේකා, ක්ලීටස් මෙන්ඩිස්, මොරීන් චාරුනී, කුසුම් රේණු, ලාල් වීරසිංහ, අජිත් වීරසිංහ, ශ්‍රීමාල් වෙඩිසිංහ, අතුල අධිකාරී සහ ශේෂාද්‍රි ප්‍රියසාද් රංගනයෙන් එකතු වෙනවා.කියලා තමයි අපිට චන්නගෙන් දැනගන්න ලැබුනේ පුජා උමාශංකර් හසිනි ගෝනගල වගේ චරිතත් චන්න පෙරේරාගේ හදුන්වාදීමක් කියලත් කියන්න පුළුවන්.ඉතින් සිංහල සිනමාවේ ඉහල ගමනක් යන්න ශක්තිය ලැබෙන්න කියා අපිත් චන්න පෙරේරාට සුබපැතුම් එකතු කරනවා.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 1718 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *