පාරේ දුවන බස් 8ක් ගාමන්ට් දුවන බස් 5ක් tourism කරන KDH 8 tourism කරන AC බස් දෙකක් තිබෙන බස් කොන්දොස්තර

article

මේක අනිවාර්යයෙන්ම කියවන්න මම ලංකාවේ දැකපු හොඳම CEO මේ කියන්න යන්නේ සත්‍ය සිද්ධියක් ඔහු වෘත්තියෙන් බස් කොන්දොස්තරවරයෙක්. ඔහු මා ඉගෙනගත් පිරිමි විද්‍යාලයේම ආදි සිසුවෙක්.මට වඩා අවුරුදු 2කින් හෝ 3කින් වැඩිමහල්.මේ ඉරිදා ඔහු මට අහම්බෙන් මෙන් මුණ ගැසෙනවා මාතර කොළඹ බස් එකක.ඔහු මගෙන් ටිකට් ගන්නෙත් නැහැ. මොකද යාළුවා වගේම මගේ පාසලේම හින්දා හැමදාම මම නිකන් යන්නෙත් නැ කොහොම හරි මම සල්ලි දීලත් යනවා ඉදල හිටලා නොදීත් යනවා ඉතින් බස් එකේ යන ගමන් ඔහු එක්ක විනාඩි විස්සක් විතර සැරෙන් සැරේ මට කතා කරන්න ලැබුණා.ඉතින් මට ඔහු එක්ක කතා කරන ගමන් මට අහන්න ලැබුනා ඔහුගේ ජිවිත කතාව ටිකක් ඔහු කලින් කලේ tourism කරපු වෑන් වල ඩ්‍රයිවර් ජොබ් එකක්.ඔහු ඒක මාස 6ක් කලා කිව්වා තැනින් තැන ඉන් පසුව තමයි ඔහු ඔහුගේ මීලඟ වෘත්තිය ලෙස බස් රියදුරු රැකියාව තෝරාගෙන තිබෙන්නේ .ඔහු එය මාස 2ක හ මාරක් කලා කිව්වා.ඉන් පසුව තමයි ඔහු දැන් කරන රැකියාව වන කොන්දොස්තර රැකියාව තෝරගෙන තියෙන්නේ..ඔහු දැනට එහි සේවය කර වසරකුත් මාස දෙකක් වන බව මට කිව්වා.ඒ කාලය තුළ ඔහු ලංකාවේ සියළුම ප්‍රදේශ වලම වාගේ කොන්දොස්තර රැකියාවේ නිරත වූ බව පැවසූවේ ටිකක් ආඩම්බරයෙන්.

මට ලංකාවේ ඕනම ටර්න් එකක් නතින්ග් මචන් දැන් මේ ඔහුම මට කියන කතාව ඔහු A/Lලියලත් ඉහළින්ම සමත් වූ තරුණයෙක්.මම ඔහුගෙන් ඇහුවා ඇයි මේ රැකියාවම තෝරගත්තේ කියලා..ඔහු මට දෙනවා ඇස් උඩ යන්න සුපිරි උත්තරයක් එක තමා .මචන් උබ මේ.බස් ගැන දන්නවද ඔහු මගෙන් ඇසුවා.ඔව් මචන්. උන්ට බස් හතර පහක්ම තියෙනවනේඒ මම හතර පහක් නෙවෙයි බන්. ඒකේ අයිතිකාරයට බස් 8ක් තියෙනවා. ඒ පාරේ දුවන පර්මිට් තියෙන ඒවා. ගාමන්ට් දුවන බස් 5ක් තියෙනවා. ට්‍රිප් යන්න වෙනම බස් එකක් තියෙනවා. ඒ ඇරුනම tourism කරන KDH අටක් තියෙනවා. tourism කරන AC බස් දෙකක් තියෙනවා මචන් තව මටම කියලා හොටෙල් එකක් තියෙනවා මගේ ලග දැන් 20 විතර වැඩත් කරනවා මචන් ඉතින් මම මේ කරන්නේ වැරද්දක්ද මම ඉහලටම ඉගෙන ගත්තේ නැති එකට මම දුක් වෙන්නේ නැ මචන් .අඩෝ එහෙමදඒ මම ඔව් බන්. ඒකේ අයිතිකාරයට ඉන්නේ එකම දරුවයි. ඒ තමයි මම.දැන් ඔබට හිතාගන්න පුළුවන් ඇති මට ඒ මොහොතේ ඇති වුණ හැඟීමමම ඔහුගෙන් ඇහුවා මේ උඹලගේ බස් එකක්ද නෑ මචන්.අද වෙනකල් මම වැඩ කරපු එකක්වත් අපේ ඒවා නෙවෙයි.ඔහු පැවසුවා.එහෙනම් ඇයි උඹ අනුන්ගේ බස් වල වැඩ කරන්නේ. ගෙදරින් ලෙඩක්වත් දා ගත්තද? මෙතන ඉඳන් තමයි ඔහුගේ කතාව පටන් ගන්නේ. ඔව් මචන්. ලෙඩක් දැම්මා තාත්තා. තාත්තට දැන් මහන්සි වුණා ඇතිලු. මට බිස්නස් ටික ඔක්කොම බාරගන්නලු. මම මේ බස් කොන්දොස්තර වැඩේ කරන්නේ මේ දෙසැම්බර් 31 වෙනකල් විතරයි බන්. අපේ අම්මා කිව්වා මට බිස්නස් මැනේජ්මන්ට් ඩිග්‍රි එකක් කරන්න කියලා.. ඒත් ඔය කොල කෑලි වල ලියපු certificate තිබිලා නෙවෙයි බන් අපේ තාත්තා ඔය තැනට ආවේ අපේ තාත්තත් මහා ලොකුවට ඉගෙන ගත්ත කෙනෙක් නෙවෙයි මචන් එත් අපේ තාත්ත මේ කරපු දේ වෙන කවුරුත්ම කරන්නේ නැහැ මචන් මට කාමරයක් ඇතුලේ බිස්නස් මැනේජ්මන්ට් ඉගෙනගන්න බෑ බන් මම තාත්තගෙන් අවසර අරගෙන සමාජෙට බැස්සා

මම මුලින්ම බැස්සේ tourism පැත්තට එතන වෙන හොර වැඩ ඔක්කොම මම අල්ලගත්තා.ඊට පස්සේ බස් ඩ්‍රයිවර් ජොබ් එකෙන් හොරා කන හැටි දැනගත්තා.. මම අපේ බස් දුවන හැම රූට් එකකම වැඩ කලා.අපේ බස් වල වැඩ කරන උන් මාව අඳුරන්නේ නෑ. පොඩි කාලේ ඉඳන් මම ගාල්ලේ හිටපු නිසා දැන් මම දන්නවා හැම රූට් එකකින්ම බස් එකට ලැබෙන ආදායම.මේක අල්ලගන්න තමයි මට ගොඩක්ම කල් ගියේ. අවුරුද්දකටත් වැඩියි.ඒත් මම දැන් ඔක්කොම දන්නවා.. මේවා අපේ තාත්තා බඩට නොකා ඇස් දෙකට නින්ද නැතුවා හම්බ කරපුවා මචන්.ඒ මනුස්සයා මේ තැනට ආපු අමාරුව දන්නේ මමයි අම්මයි විතරයි.මම ලබන අවුරුද්ද ඉවර වෙන්න කලින් හයි වේ එකට බස් එකක් දානවා මචන්. මොකද මට අම්මට පෙන්නන්න ඕන බිස්නස් මැනේජ්මන්ට් තියෙන්නේ පන්ති කාමරයේ නෙවෙයි සාමාජේ කියලා ඇත්තටම කඳුළු ආවේ නැතුව විතරයි මට බහින තැන ලං වුණා.ඒත් මට බහින්න ලෝභයි. තව අහන්න ඕන.ඒ කතාව හොදටම ඇති මිනිහෙක්ට ගොඩ යන්න නම් ඒත් බහින්නම වෙනවා ඉක්මනටම සෙට් වෙමු මිත්‍රයා
කතාව ආයේ අහන්න ඕන මට සුභ ගමන්ඉතින් ඔහු නොවෙද ලංකාවේ හොඳම CEO දැන් tourism පැත්ත ලංකාවේ වැටිලා එත් ඔහුගේ බස් සියල්ලම පාරේ දුවනවා ඇත්තටම මටත් හිතුන ඔහු වගේ වෙන්න එත් මම කලේ හැමෝම වගේ පොතේ ක්‍රමයට ඉස්සරහට යන්න මම ඉගෙන ගත්තේ ඉංජිනේරුවෙක් වෙන්න මට තව පොඩි දුරයි යන්න තියෙන්නේ ලගදීම මම මගේ හීනෙ වුනු ඉංජිනේරුවෙක් වෙනවා මට මේ කතාව ලියන්න හිතුනේ ජිවිතේ කරන්න දෙයක් නැතුව කිසිම ප්ලනක් නැතුව මොනවද කරන්න ඕනේ කියලා හිතා ගන්න බැරුව ඉන්න අපේම නංගිලා මල්ලිලා වෙනුවෙන් හැම රකියාවක්ම එකයි හැම එකකින්ම අපි කරන්නේ සල්ලි හම්බ කරන එක එත් අපි සමාජෙට විහිළුවක් නොවී සමාජෙට වැඩ දායි පුද්ගලයෙක් වෙන්න ඕනේ එක හින්දමයි මම මේ කතාව ඔබටත් කියන්න හිතුවේ මම හිතනවා මේ කතාවෙන් ඔබටත් මොනයම් හෝ දෙයක් ජීවිතේට ලැබෙන්න ඇති කියලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *