ගෞතම බුදුන්වහන්සේ ගේ නමින් හැදෙන ලෝකයේ පලවෙනි සුපිරි ක්‍රිකට් ක්‍රීඩාංගනය මෙන්න

article

ගෞතම් බුද්ධ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය යනු නේපාලයේ චිත්වාන් හි ඉදිවන ක්‍රිකට් ක්‍රීඩාංගණයක් වෙනවා මෙම ක්‍රීඩාංගණයට නම ලැබුණේ බුදුන් ඉපදුණු ලුම්බිනි අසල පිහිටි ස්ථානයකින්. මෙහි ඉදිකිරීම් 2021 වන විට අවසන් කිරීමට නියමිතයගෞතම් බුද්ධ ක්‍රීඩාංගනය 2018 දී ආරම්භ කරන ලද ධර්මස් සුන්තාලි පදනමේ ප්‍රධාන ව්‍යාපෘතියකි. නේපාල ක්‍රිකට් කණ්ඩායම සෑම දිනකම අඛණ්ඩව දියුණු වෙමින් පවතීන අතර . තවද, නේපාල ක්‍රිකට් කණ්ඩායමට දැන් ජාත්‍යන්තර තරගාවලි සඳහා ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙමින් පවතින බවයි දැනගන්නට ලැබෙන්නේ ක්‍රිකට් ලෝලීන්ගේ වර්ධනය සහ ක්‍රිකට් වේදිකාවේ විවිධ ජයග්‍රහණ සමඟ නේපාලයට තමන්ගේම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයක් තිබිය යුතු කාලය එළඹ තිබෙන බව ඔව්න් පවසනවා මෙම හුදු සිතුවිල්ල ගෞතම් බුද්ධ ක්‍රීඩාංගනය පිළිබඳ සංකල්පයට හේතුවක් ලෙසයි ඔව්න් පවසන්නේ

ගෞතම් බුද්ධ ක්‍රීඩාංගනය සඳහා ඉදිකිරීම් ව්‍යාපෘතිය දැනටමත් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය නිම කිරීම සඳහා ධර්මස් සුන්ටාලි පදනම අරමුදල් රැස්කරමින් සිටින අතර ජනතාව ඔවුන්ට සිත්ගන්නාසුලු ආකාරයකින් සහාය දක්වන බවයි ඔව්න් පවසන්නේ ක්‍රීඩාංගණයේ ත්‍රිමාණ සැලසුම දැනටමත් අවසන් කර ඇත. ක්‍රීඩාංගනයේ පිවිසුම සාම්ප්‍රදායික නේපාල ගෘහ නිර්මාණ ශිල්පයට සමානව නිර්මාණය කර තිබෙනවා ක්‍රීඩාංගනය එහි පිටත මායිමේ පුහුණුවීම් සඳහා ක්‍රීඩාංගණ දෙකක් ද ඔව්න් නිර්මාණය කර තිබෙනවා

මෙම ක්‍රීඩාංගනය සඳහා ලොව පුරා සිටින පරිත්‍යාගශීලීන් විසින් අරමුදල් සපයනු ඇති බව ධර්මස්-සුන්තාලි පදනමේ සම නිර්මාතෘ සීතාරම් කැටෙල් මහතා පවසනවා පරිත්‍යාග ප්‍රමාණවත් නොවන්නේ නම් ව්‍යාපෘතිය නිම කිරීම සඳහා රජය අරමුදල් සපයනු ඇතැයි ඔහු අපේක්ෂා කරන බවයි පවසන්නේ. අයිසීසී සම්මත ක්‍රීඩාංගනයක් මෙරට නොමැති බවත් මෙම ව්‍යාපෘතිය නේපාල පුරවැසියන්ගේ හදවත් තුළ බලාපොරොත්තු ජනිත කර තිබේන බව මෙහි නිර්මාණ කරුවන් පවසනවා. ව්‍යාපෘතිය නිමවීමෙන් පසු එය නේපාලයට ජාත්‍යන්තර ක්‍රීඩා හා තරඟාවලි පැවැත්වීමට මගක් සපයනු ඇති බව ඔවුන් පවසනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *