සුජීවා අතහැර පළමු බිරිඳ ලගට පැමිණි අජිත්ට ලොකු දුව කියපු හිතාගන්න බැරි කතාව සහා චයාරුප 20ක්

Life Story

අජිත් මුතුකුමාරණ කියලා කියන්නේ කවුරුත් දන්න කියන ප්‍රසංග වේදිකාවේ අතිශයින්ම ජනප්‍රිය ගායන ශිල්පියෙක්. ඉතින් පලවෙනි විවාහයෙන් වෙන්වුණු අජිත් මුතුකුමාරණ පසු ගිය කාලයේ කේ.සුජීවා සමඟත් විවාහ වී සිටි බව නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් නිරන්තරයෙන්ම සමාජජාල මාධ්‍ය ඔස්සේ කතා බහට ලක්වෙන මොහුගේ කේ. සුජීවා සමඟ තිබු සම්බන්දයත් මේ වෙද්දී නවත්තලා ඉවරයි කියලා තමයි අපිටනම් ආරංචි වුනේ. ඉතින් ඒ වගේම අපි අද කතා කරන්නට සිතුවේ අජිත් මුතුකුමාරණගේ පළමු විවාහය සිදුවුනේ ත්‍රිවෝලි ත්‍රිලීශියා සමඟයි. ඉතින් අජිත්ට පළමු විවාහයෙන් දුවලා දෙන්නෙක් ඉන්නවා. ඉතින් අංජනා මුතුකුමාරණ කියන්නේ අජිත්ගේ ලොකු දුව. ඉතින් පසු ගිය දවසක මේ අංජනා ඇයගේ තාත්තා ගැන බොහොම අපූරු සටහනක් ඇයගේ සමාජජාල මාධ්‍යයට එකතු කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා. ඉතින් ඒ අපූරු ආදරණීය සටහන තබමින් ඇය කියලා තිබුනේ මෙන්න මේ වගේ දෙයක්.

1

ඔහු ගැන මෙහෙම අකුරු කරන්න හිතුණා. ජීවිතේ ඕන තරම් මම තාත්තාව ටීවී එකේ දැකලා තියනවා. ඕන තරම් තාත්තා සිංදු කියන හැටි මම බලාගෙන ඉඳලා තියෙනවා. තාත්තගේ අතේ එල්ලිලා ගිහින් සංගීත ප්‍රසංග සෑහෙන්න ගොඩක් මම බලලා තියනවා. ඒත් අද ඒ කවරදාටත් වඩා මට ඔහු ගැන ආඩම්බරයක් දැණුනා. හැමදාම වගේ ස්ටේජ් එකක ගිටාර් එකත් එල්ලගෙන සිංදු කියන තාත්තාව දැකපු මට. එකම හීනයක් තිබුණා. එයාගේ ගැන. ඒ තමයි ක්ලැසිකල් විදියට ඉඳගෙන තාත්තා ඉඳගෙන සින්දු කියන හැටි ටීවී එක ඉස්සරහ ඉඳගෙන රසවිඳිමින් බලන එක. ඉතින් අද ඒ ආසාව ඔහු සම්පූර්ණ කරලා ඉවරයි. බස් අජිත් ලේබල් එක විරුදාවලියක් කරලා ඉවරයි. මුතුකුමාරණ කියන එක බ්‍රෑන්ඩ් එකක් කරලා ඉවරයි. සුදු අරලියා මල අපේ වත්කමක් කරලා ඉවරයි.

මම මේ අවුරුදු විසිඑකට දැකලා තියෙනවා. තාත්තලා එක්ක වචනයක් කතා කරන්න බය ළමයිව ඕන තරම්. ඒත් මං ආඩම්බරෙන් කියනවා මගේ ජීවිතයේ මගේ හොඳම යාළුවා තමයි මගේ තාත්තා. මම ආසම තාමත් තාත්තගේ අතේ එල්ලිලා ඇවිදින්න. තාත්තාගේ ළඟම කොට්ටයක් දාගෙන නිදියන්න. මම මෙච්චර ලොකු වෙලත් මම තාමත් හරිම ආසයි ඒවට. මගේ තාත්තගෙන් මට ඉල්ලන්න ලොකු ලොකු දේවල් නෑ. මොකද දෙන්න පුළුවන් හැම දෙයක්ම එයා මට පුළුවන් උපරිමෙන්ම දීපු කෙනෙක්. ඊටත් වඩා තාත්තා කියන බැම්මටත් එහා ගියපු හොඳම හොඳ යාළුවෙක්. ඉතින් අද හිතේ තියන සතුට මට කියාගන්න තේරුමක් නෑ. වැඩසටහන ඉවර වෙද්දි මගේ ඇස්වලත් කඳුළු. මගේ තාත්තා මට හැමදාම වීරයෙක්. මිනිස්සු අතින් ඕනාතරම් අතපසුවීම් වෙනවා. ඒක මං අතිනුත් වුණා. ඔහු අතිනුත් වෙන්න ඇති. හැබැයි ඒ බැඳීම අදටත් එක වගේම ශක්තිමත්.

2

මං ආඩම්බරෙන් කියන්නේ මම ඔහුගේ ලොකු දුව කියලා. ඊයේ අද විතරක් නෙමෙයි. හෙටත් ඒක එහෙමයි. මහා ලොකු කෝටිපතියෙක් නොවෙන්න ඇති. ඒත් ඔහු හරි ලස්සන හිතක් තියන මනුස්සයෙක්. හවසට මොනවා හරි කන ගමන් වටවෙලා ගිටාර් එක ගහන ගමන් අපි ආසම සින්දු කියලා. ජීවිතේ බෙදාගන්න පුළුවන් තරම් හැඟීම්බර මනුස්සයෙක්. වෙන ළමයි තාත්තාව රාජකාරී නිළඇඳුමෙන් දැක්කට. මම හැමදාම මගේ තාත්තාව දැක්කේ ගිටාර් එකක් දාගෙන. මයික් එකකින් මිනිස්සු පිනවන කෙනෙක් විදියට. මගේ තාත්තා ස්ටේජ් නගිද්දි මිනිස්සු කෑ ගහලා පිළිගන්න හැටි. කොහේ ගියත් ළඟට ඇවිල්ලා ෆොටෝ එකක් ගහලා යන හැටි. ඒ හැමදේකටම නිහතාමානීව එකඟවෙන ඔහු. ජීවිතේ ගැන මට සෑහෙන්න දේවල් ඉගැන්නුවා. කාර් වල යන්න විතරක් නෙමෙයි බස් වල යන්නත් විතරක් නෙමෙයි. බස් එකක් නැත්නම් පයින් හරි තමන්ගේ ගමන පලයන් කියලා.ඔහු මට කියලා දුන්නා. ජීවිතේ සැප අස්සෙන් දුකත් මට උහුලන්න පුරුදු කරපු ඔහු මට ලැබුණු හරි අපූරු ගුරුවරයෙක්. කවදාවත් මම කටින් ඔහුට ආදරේ කියලා නැතුව ඇති. හැබැයි හැමදාම ඔහු මගේ ආදරේ ඇස් වලින් දකින්න ඇති. ඉතින් අවසරයි තාමත් හිත ඇතුළේ පොදිකන හැඟීම් වචන වෙන්නේ නෑ මට. මගේ පණ ටික සමානයි තාත්තට ඉතින් ආයේමත් කියන්නම් මගේ තාත්තා මට වීරයෙක්.කියලයි අජිත්ගේ පළමු විවාහයේ ලොකු දුව පැවසුවේ.ඉතින් දෙවෙනි වරටත් තමන්ගේ ආදරනියන් සොයාගිය අජිත් මුතුකුමාරණට දරුවන් බිරිද සමග සාර්ථකව ජිවිතේ ගතකරන්න හැකි වේවායි කියා අපි සුබපැතුම් එකතු කරනවා ඒ වගේමයි තමන්ගේ වීරයා සමග තමන්ගේ ගමන යන්නත් අජිත්ගේ දියණියට අපි හදවතින්ම සුබපතනවා.

3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20

Leave a Reply

Your email address will not be published. Required fields are marked *