යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේ. ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට තමයි ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා කාවින්ද්‍යා අධිකාරි සමාජ මාධ්‍යයට එක් කළ අමුතු සටහන ගැන තමයි මේ කියන්න හදන්නේ.කාවින්ද්‍යා අධිකාරි කියපු සැණින් ඈ කවුද කියන්න ඔබ දන්නවා. ජනප්‍රිය ගායන ශිල්පිනි සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය වන ඇය, ගායනයෙන් වගේම රංගනයෙනුත් දක්ෂතා පෙන්වූ අයෙක්.ඉතින් ඈ පසුගිය දවසක ඇගේ ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුමට එක්තරා සටහනක් එක් කර තිබුණා.මේ කියන්න හදන්නේ ඒ සටහන ගැනයි
ඔබ කවුරුන්ද යන්න ගැන ආඩම්බර වන්න. අනෙක් අය තමන් ගැන දකින බලන විදිහ ගැන කිසිසේත්ම වද නොවන්න. තමන් කිසිවකුට කරදරයක් නොකර ජීවත් වෙනවා නම්, ලෝකයා මොන දේ කිව්වත් තමන්ගේ හිත ශක්තිමත් කරගෙන ඉදිරියටම යන්න.යම්කිසි කෙනෙක් ඔබට දොස් කියන්නේ ඔවුන්ට ඔබ වෙන්න බැරි බව දැනෙන විට, ඔබට ඇති දේවල් ඔවුන්ට ලබාගන්න ඇති ආශාව නිසා සහ ඔබට ඇති දේ කවදාවත් ඔවුන්ට ලැබෙන්නේ නැති නිසා ය. “මම” කියලා එක්කෙනයි මේ ලෝකෙටම ඉන්නේ. ඒක නිසා කවදාවත් තමන්ව වෙනත් පුද්ගලයෙක් සමග සන්සන්දනය නොකරන්න.ජීවිතේ කෙටී කියලා දැනගෙන සතුටින්, හොඳ හිතින්, කිසිවකුට කරදරයක් නොවන සේ ජීවත් වෙන්න පුරුදු වෙන්න.
එවිට ඔබ ප්‍රාර්ථනා කරන දේවල් ඉබේටම ඔබ වෙත ලං වනු ඇත.මම කවී