අදටත් මම දෙන්නටම ආදරේ අතුල අධිකාරි සමිතා සහා අමායා ගැන කියපු දේ

Gossip

අතුල අධිකාරි කියන්නේ ලංකාවේ සුපිරිම ගායකයෙක්.නිහතමානි ගායකයෙක් ලන්කාවක්න්ම ආදරේ කරන ඔහු ගැන පසුගිය කාලයේ විවිද ආකාරයේ පුවත් මැවුනා.ඔබ දන්නවා ඇති අතුල සමිතා කියන්නේ කාලයක් එකටම ගීත ගායනා කල දේපලක්.ඒ වගේම තමයි ඔවුන් දෙදෙනා විවාහ වෙලා දරු සම්පත් පවා උරුම දෙදෙනෙක්.ඔවුන් දෙදෙනාගේ ගීත ජනප්‍රියත්වට පත්වුණේ ඔවුන්වත් නොසිතු විදිහටයි.මොකද ඒ තරම් එම ගීත ඉතා විශිෂ්ට නිසා.අතුල අධිකාරි ගැන සහ සමිතා මුදුන්කොටුව ගැන ප්‍රේක්ෂකයන් කතා බහ කරද්දී ඔවුන් දෙදෙනාගේ මේ විශිෂ්ඨ ගායනය ගැන පමණක් නම් නොවෙයි කතා කලේ.ඔවුන්ගේ විවාහය දෙදරා යාම සම්බන්දවත්.ඉතින් ඒ ගැන බොහෝ දෙනාගේ කනගාටුව වගේම තවත් බොහෝ දේවල් කතා බහට ලක්වුණ කාලයක් තිබ්බා.සමිතාගෙන් පසුව අතුල නැවතත් විවාහ වෙන්නේ ලංකාවේ ඉන්න තවත් රංගන ශිල්පිනියක් එක්ක.ඇය නමින් අමායා අධිකාරි.පසුව අතුලගෙන් වෙන් වෙලා අමායා අදිකාරී ගායන ශිල්පී හර්ෂ දනුෂ් එක්ක එකතු වුනා දැන් ඔව්න් දෙදෙනාටත් දරුවන් සිටිනවා ඉතින් මේ හැම දෙයක් ගැනම අතුල ප්‍රේක්ෂකයන්ට දැනගන්න කිව්වේ මේ වගේ කතාවක්.

මම තවමත් ඉන්නේ ඒ දෙන්න එක්ක.අද වෙනකම් මම අමයාගේ ෆෝන් එක බලලත් නෑ සමිතාගේ ළඟ තියෙන ෆෝන් එක බලලත් නෑ.මොකටද මම ඒවා බලන්නේ.තාත්තා කෙනෙක් විදිහට මගේ අතිනුත් අඩුපාඩු වැරදි වුනා,කිසිමදවසක මගේ අනසක දෙන්න බෑ. කියල තියෙන්නේ විවාහ වෙන්න වයසක් ඕනේ කියල,තාමත් මම දෙන්නටම ආදරෙයි.මටවත් නැති අමාරුවක් අනිත් අයට ඇයි.ඇත්තම කව්වොත් මම අදටත් සතුටින් ජිවත් වෙන්නේ දුකක් වෙන්න මට හේතුවක් නෑ.දුකක් මට දැනුනත් මම හැමවෙලේම ඉන්නේ සැහැල්ලුවෙන්.ඉස්සර ඉඳලම මම හිටියේ තනියම මගේ කාමරේට වෙලා මම තනියම හිටියා.නීතියෙන් වෙන්වෙලා හිටියට අපි අතරේ තියෙන බැඳීම් වලින් මම වෙන්වෙලා නෑ.අදටත් මගේ යාලුවා අමායා.සංස්කෘතියෙන් මන් ඇත් වෙලා ඉන්නේ.නමුත් මම තාමත් සංස්කෘතික සැමියෙක් වගේ ජිවත් වෙනවා.අපි අතරේ තිබ්බ ප්‍රශ්න නිසා ඇත් වුනාට බැඳීම් තාමත් ඒ වගේමයි.දැන් අමායා හර්ෂාව විවහා කරන හොදින් ජිවත් වෙනවා මම ඒ ගැන සතුටු වෙනවා දැන් අමයට තවත් බබෙක් හම්බෙන්නත් ඉන්නවා මම ඒ ගැනත් සතුටු වෙනවා ඔව්න් දෙදෙනා සමග මගේ කිසිම අමනාපයක් නැහැ අපි හොද යාලුවෝ දැන් කනවා බොනවා අපි එකට ඉන්නවා මොනවා උනත්

අවුරුදු ගානක් මම ආදරේ කරපු කෙනෙක්.අවුරුදු ගණනාවක ආදරේ කරපු කෙනෙක්ට කොහොමද මම මඩ ගහන්නේ.කොහොමද එයාලට වෛර කරන්නේ.පහුගිය කාලයේම මම මේ දේවල් වලින් ඇත් වුනා.එහෙම ඇත් වෙලා මම කලේ පොත්පත් කියවපු එක ඒකට හේතුව වුනේ මම තේරුම් ගත්තා බැඳීම් කියන දේවල් අත්හැරලා ඉන්න ඕනේ කියන දේ.තව දෙයක් මම තේරුම් ගත්තා.හැමදාම යාළුවො වගේ ඉන්නවා නම් කිසිම දවසක ප්‍රශ්නයක් ගැටළුවක් එන්නේ නෑ.නමුත් ඒ යාළුවා එක්කම ඒක ආදරයකට පෙරලා ගන්නවානම් ඊට පස්සේ වෙන්නේ පොඩි දෙයටත් සැකයක් ඇතිවෙන එක,මට අදටත් හිතෙනවා මටත් වුනේ අන්න ඒ වගේම දෙයක් කියලා.කවී කියන්නේ සමිතගෙයි මගෙයි දුව.අදටත් මම එයාට මොනවා හෝ කිව්වොත් ඒ දේවල් වලට අවනත වෙනවා. මම සමිතටත් අමායා වගේම ආදරේ කරනවා එක වෙනස් වෙන්නේ නැහැ කවදාවත් මම දැන් මගේ සංගීත වැඩ කරගෙන පාඩුවේ ජිවත් වෙනවා

සමාජයේ ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම බේබද්දෙක් කියලා,නමුත් මම පිටරට ගියත් කිසිම දවසක වයින් ටිකවත් බිලා නෑ.ඕනෙම කෙනෙක් එක්ක මම කතා කරන්න හිතුනොත් කෙනා මට අදාළ නෑ මම බය නැතුව කතා කරනවා.හේතුව මම සම්ප්‍රදායට අනුව වැරදි කරලා නෑ.මම කවදාවත් දෙවියන්ට බයත් නෑ.මොකද දෙවියෝ කියල තියෙනවා මට පඬුරු දාන්න මට බය වෙන්න කියලා.එහෙම නෑ.මම ආදරේ කරන්න පටන් ගත්තේ අවුරුදු 16දී ආදරය කියන්නේ අමුතු දෙයක්. එක එක කෙනා ආදරේ කරන විදිහ වෙනස්.මම ආදරේ දකින විදිහට නෙවෙයි තවත් කෙනෙක් ආදරේ දකින්නේ. ඒ හින්ද මම කිසිම කෙනෙක්ට ආදරේ කියන්නේ මොකක්ද කියල තේරුම් කරන්න යන්නේ නැහැ.මට නම් ආදරේ කියන්නේ සම්පුර්නම වෙනස් දෙයක්.දෙන්නට දෙන්න ආදරේ කියන එක තේරුම් ගන්න ඕනේ.තමන්ගේම මතය නෙවෙයි අනිත් කෙනාගෙත් මතයට හැමවෙලාවෙම ඇහුම්කන් දෙන්නට ඕනේ.නැත්නම් විවාහ ජීවිතය අසාර්ථකයි.මුලදී ඒ දේවල් වුනාට විවාහ වුනාම ඒ දේවල් නැතිවෙනවා.ඊට පස්සේ නිදහස හොයාගෙන යන්න හදනවා.අද සමාජයේ තියෙන විදිහ බලාගන්න පුළුවන් උසාවියක් ලඟට ගියොත්.බාගෙට බාගයක් තියෙන්නේ දික්කසාද නඩු.මට දික්කසාද නඩු නැහැ මම තවමත් දෙන්නටම ආදරේ කරනවා ඒ උනාට ඒ දෙන්නම මගෙන් වෙන්වෙලා හොදට ජිවත් වෙනවා එයාල වෙන් උනා කියල මම තනි වෙලත් නැහැ,මමත් ප්‍රආර්තනා කරන්නේ ඒ දෙන්නටම හොදින් ඉන්න ලැබේවා කියලා අපි කොච්චර කාලයක් ජිවත් වෙයිද කියන්න බෑ ඉන්න කාලේ සතුටින් ඉන්න ඕනේ ඕන තරම් මිනිස්සු විවහා වෙනවා වෙන් වෙනවා එක සාමාන්‍ය දෙයක් මටත් එහෙමයි එහෙම උනා කියලා අපි දුක් වෙලාවත් වැඩක් නැ අපි හැමෝම සතුටින් ඉන්නවා ඉස්සර වගේම මම හැමදාමත් දෙන්නට ආදරෙයි මගේ දුවටත් මම ගොඩක් ආදරේ කරනවා

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *