විශ්‍රාම යන රනිල් වික්‍රමසිංහ මහතා එදා ඉදන් අපේ රටට කරපු දේ මෙන්න

article

අපි අද කියන්න හදන්නේ ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අපේ රටට දේශපාලනිකව ඔහු මැදිහත් වෙලා කරපු වැඩ ටිකක් ගැන ඔබ දන්නවා හෝ නොදන්නවා වෙන්නත් පුළුවන් බලන්නකෝ ඔබත් මේ ගැන දන්නවාද කියලා රටම එතුමාට බැන්නා වැඩක් කරපු නැති කෙනෙක් කියලා එත් මේ එතුමා ලංකාව වෙනුවෙන් කරපු දේවල් ටිකක් සහා ලංකාවේ උගත්ම දේශපාලකයා කිව්වොත් ඉතාම නිවැරදි මොහු තරම් ලංකාවේ දේශපාලකයෙක් අද්‍යාපන සුදුසු කමක් නම් ලබලා ඇති කියලා හිතන්නේ නෑ හිටපු අයත් එහෙමයි දැන් ඉන්න අයත් එහෙමයි එහෙනම් ඔබත් කියවලා බලන්න එතුමා අපේ රටට කරපු දේවල් හොද දේ ඇත්තටම අගය කරන්න ඕනේ නේද අපි.කුණු ආසියාවේ විශාලතම තරුණසේවා මධ්‍යස්ථානය මහරගම ගොඩනැගූහ.යෞවන යෞවනියන් බලගැන්වීම උදෙසා ශ්‍රී ලංකාවේ විශාලතම තරුණ සංවිධානය “යෞවන සමාජ” ආරම්භ කරනලදී.ලෝකයේ අනිකුත් රටවල්ද ක්‍රියාවට නංවන ලද “යොවුන් පුරය” ආරම්භ කළේය.ලක්දෙරණේ කලාකරුවන් බිහිකරණුවස් මහනුවර ගලහ ප්‍රදේශයයේ බෙල්වුඩ් රුපවාහිනී ගම්මානය බිහිකරන ලදී.ජාතික යෞවන ක්‍රීඩා උළෙල ආරම්භ කරන්න ලදී.චිට් ක්‍රමයට ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට ගුරුවරුන් බදවා ගැනීම අවසන් කරමින් විද්‍යා පීඨ නවයක් බිහිකර පාසල් සදහා ගුරුවරුන් බදවා ගැනීමේ නව ක්‍රමයක්ආරම්භ කරණ ලදී.

නිල්වලා.  පස්දුන්රට . මහවැලි . සියනෑ. නිට්ටබුව ශාරිපුත්ත. ඌව. හාපිටිගම. ශ්‍රී පාද. අඩ්ලච්ච්න H.S.C. හා H.H.C. යන පැරණි විභාග ක්‍රම සියල්ල ඉවත්කර අන්තර්ජාතිකව පිළිගත් අ.පො.ස. සාමාන්‍ය පෙළ හා අ.පො.ස. උසස් පෙළ  G.C.E. O/L හා G.C.E. A/L විභාග ක්‍රමයන් ලක්දෙරණට හදුන්වා දීම.අනුබද්ධ විශ්ව විද්‍යාල සංකල්පය ඇති කොට දිවයිනේ සියලූම අනුබද්ධ විශ්ව විද්‍යාලයන් බිහි කිරීම.පසුව ඒවා රාජ්‍ය විශ්ව විද්‍යාල බවට උසස් වියනොමිලේ පාසල් පෙළපොත් ලබාදීමට කටයුතු කිරීමපාසල් ක්‍රීඩා නංවාලීම සදහා දිස්ත්‍රික් මට්ටමින් ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන ආරම්භ කිරීම.ජාතික පාසල් ක්‍රීඩා උළෙල ආරම්භ කිරීම. ඉංග්‍රීසි උගැන්වීමට ඇති ගුරු හිගය නවතාලීමට ගුරුවරුන් 8500 ක් ඩේලික් නමැති ඉංග්‍රීසි පුහුණුව සදහා අනුයුක්ත කොට පාසල්වලට අනුයුක්ත කිරීම.විද්‍යා විෂය උගැන්වීමට ඇති ගුරු හිගය අවම කිරීමට උපාධි ගුරුවරු 3292 ක් ද, උසස්පෙළ විද්‍යා විෂය සමත් ගුරුවරු 4305ක් ද බදවා ගැනීම.උසස් පෙළ විද්‍යා විෂයන් උගන්වන පාසල් සංඛ්‍යාව 40% කින් වර්ධනය කිරීම .අපොස උපෙ උගන්වන පාසල් 60% කින් වර්ධනය කිරීම. පොකුරු පාසල් ක්‍රමය හෙවත් පර්ෂද පාසල් ක්‍රමය ආරම්භ කිරීම.අධ්‍යාපන කොමිසම පිහිටුවාලීම.1970 දී ආරම්භ කරනලද ජාතික ආධුනිකත්ව මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.බත්තරමුල්ලේ ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ගොඩනැගීම. මේ සදහා නම තබන ලද්දේද රනිල් වික්‍රමසිංහයන්ය.අධ්‍යාපනයට අවශ්‍ය ප්‍රතිපත්ති සැකසීමට මහරගම ජාතික අධ්‍යාපන ආයතනය ආරම්භ කිරීම. බණ්ඩාරවෙල ක්‍රීඩා හා තාක්ෂණික පුහුණු විද්‍යාලය බිහි කිරීම. 1983 දී ජර්මානු ආධාර ඇතිව මොරටුවේ ජාතික ආධුනිකත්ව පුහුණු කිරීමේ ආයතනය ඉදිකිරිම.1985 දී කටුනායක තාක්ෂණික ශිල්පින් පුහුණු කිරීමේ ආයතනය බිහි කිරිම.මෝටර් රථ කාර්මික විද්‍යාව ඉගැන්වීමට මෝටර් රථ යාන්ත්‍රික පුහුණු ආයතනය කොළඹ ඔරුගොඩවත්තේ ඉදිකිරීම.කෘෂිකර්මාන්තය නගා සිටුවීම සදහා කුණ්ඩසාලේ ජාතික කෘෂිකර්ම පාසල පිහිටුවීම.

1990 දී ජාතික ආධුනිකත්ව හා කර්මාන්ත පුහුණු අධිකාරිය පිහිටුවීම.1984 වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.1986 පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.1986 කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය පිහිටුවාලීම.1987 ලක්දෙරණෙහි සියලූම ඒකීය පාසල් ජාතික පාසල් බවට පරිවර්තනය කිරීම.වහල් ගෝත්‍රිකයන්ගේ දැඩි විරෝධතාවයන් මැද පරිඝනකය ලක්දෙරණට හදුන්වා දීම.විරුද්ධවාදීන් හූ කියා කෑමොර දෙද්දී ඒ සියලූම බාධාවක් මැඩගෙන ජංගම දුරකතනය ශ්‍රී ලංකාවට හදුන්වාදීම.ඉන්ටර්නෙට් මිනිසුන්ට කන්නද” කියා ඇසූ ගෝත්‍රික ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින්, අන්තර්ජාලය ලොවට බිහිවී වසරක් යාමට ප්‍රථම එය ලක්දෙරණට හදුන්වා දී අන්තර්ජාලය භාවිතා කරන දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.පරිගණක විද්‍යායතනය අරම්භ කිරීම.ශ්‍රීලංකාවේ දෙවන අපනයන සැලසුම් කලාපය නිදහස් වෙළද කලාපය බියගම පිහිටුවමින් එවකට 22160 කට රැකියා ලබාදීම.1991 දි ශ්‍රිලංකාවේ තෙවන අපනයන සැලසුම් කලාපය නිදහස් වෙළද කලාපය කොග්ගල පිහිටුවමින් එවකට 5714 කට රැකියා ලබාදීම.යුධ හමුදාව සතු විශාලතම රෙජිමේන්තුව වූ ජාතික ආරක්ෂක බලකාය ආරම්භ කිරීම.
ශ්‍රී ලංකා යුදහමුදා දිගුදුර විහිදුම් බලකාය ශ්‍රී ලංකා යුධ හමුදාවට නිර්මාණය කර දීම.

මුහුදු ප්‍රදේශයේම සිය අණසක පතුරුවාලූ සමුදුර නෞකාව නාවික හමුදාවට ලබාගැනීම. යුරෝපා මත්ස්‍ය තහනම ඉවත් කිරීම.එකල ඔහු විසින් ඉතා අසීරුවෙන් ලබාගෙන තිබූ, පාලකයින් විසින් රටට අහිමි කල GSP+ බදු සහනය දෙවන වරටත් ඔහු විසින්ම රටට හිමි කර ගැනීම.සෑම පාසල් දරුවෙක් සදහාම වසර 13 ක අධ්‍යාපනය අනිවාර්ය කිර්ම.සියලූම රාජ්‍ය හා පෞද්ගලික පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සුරක්ෂා” නමින් ලක්ෂ දෙකක රක්ෂණ ආවරණයක් නොමිලේ ලබා දී එවැනි රක්ෂණ ආවරණයක් නොමිලේ ලබාදුන් දකුණු ආසියාවේ පළමු රට බවට ශ්‍රී ලංකාව පත් කිරීම.අඬපනව ගිය පිරිවෙන් අධ්‍යාපනයට නව මධ්‍යස්ථාන ඇති කරදෙමින් භික්ෂූන් වහන්සේලා සදහා විධිමත් අධ්‍යාපන මාලාවක් සකක්කර දීම.සෑම විහාරස්ථානයකම සංවර්ධන කටයුතු සදහා මුදල් වෙන්කර දීම.ප්‍රතිවාදීන්ගේ සියලූම විරෝධතා බිදහෙලමින් “සුවසැරිය” ගිලන් රථ සේවය ලක්දෙරණට හදුන්වා දීම.ගම්පෙරළිය වැඩසටහන ආරම්භ කර ඒ තුලින් සෑම ගම්මානයක්ම ඉතා විශාල වේගවත් සංවර්ධනයක් කරා ගෙන යෑම. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යංශය සදහා අදහාගත නොහැකි තරම් ප්‍රථිපාදන වෙන්කර දෙමින් දිවයිනේ සියලූම නිවාස නොමැති ජනතාව වෙනුවෙන් “ගම් උදාව වැඩසටහන මගින් නිවාසා ලබා දීමට කටයුතු කිරීම.

Enterprises Sri Lanka වැඩසටහන ආරම්භ කොට දිවයිනේ සියලුම ව්‍යවසායකයන්ට ඉතා සහන පොළී යටතේ රු. 50000 සිට කෝටි 75 ක් දක්වා ණය ලබා දීම.අත්‍යවශ්‍ය බෙහෙත් ඖෂධ වල මිල ඇදහිය නොහැකි අයුරින් පහත හෙලීමට කටයුතු කිරීම. ලෝකයේ ඉහළම ගුණාත්මක තත්වයෙන් හා මිලෙන් අධිකම වර්ගයෙන් යුතු ස්ටෙන්ට් stent සියලූම හෘද රෝගීන් සදහා නොමිලේ ලබාදීම සහ ඉහළම ගුණාත්මක භාවයෙන් යුතු අක්ෂි කාච නොමිලේ ලබාදීමට කටයුතු කිරීම.තොරතුරු දැනගැනීමේ පනත හා අතුරුදන් වූවන්ගේ පනත ගෙන ඒම.ස්වාධීන පොලිස් කොමිසම හා ස්වාධීන මැතිවරණ කොමිසම පිහිටුවීම.තමාව පවා ඕනෑම අයෙකුට ඇතිතරම් විවේචනය කිරීමට හැකිවන පරිදි මාධ්‍ය නිදහස උපරිමයෙන් ලබා දීම ශ්‍රී ලාංකික දේශපාලනයේ සුවිශේෂී චරිතයක් වූ රනිල් වික්‍රමසිංහ අද දින එක්සත් ජාතික පක්ශ නායකත්වයෙන් ඉල්ලා අස්විය. කරපු වැඩවල බෝඩ් නොගැසූ ඔහු අද දිනය තෙක් මන්ත්‍රී වැටුපද ලබාගෙන නැත. ඔහු ගැන ඔබට මෙන්ම මටද ඇති තරම් විවේචන ඇත. එහෙත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වසර 40 කට වඩා කාලයක් ඔහු කල නිහඬ සේවයට ස්තූති කරන්න තරම් කාරුණික වෙමු ඉතින් ඔහු ගැන තව කියන්න තියෙන්නේ මොනවාද මේ ඔහු කරපු අපි දන්නා දේවල් ය තව අපි නොදන්නා දේවල් කොපමණ ප්‍රමාණයක් තිබෙනවා ඇතිද ඉතින් අපිත් අපේ රටට මේ තරම් සේවයක් කල හිටපු අගමැති දේශපාල ඉතිහාසයේ වැඩිම පරාජිතයා ද ඔහු බව අපි හොදින් දන්නා කාරණයක් අද්‍යාපනය අතින්ද ඔහුට සම කල හැකි කෙනෙක් මේ ලංකාවේ නම් අදටත් බිහිවී නොමැත ඉතින් අපිත් පතන්නෙමු .ඔබට සුභ විශ්‍රාම දිවියක් ගරු හිටපු අගමැතිතුමනි

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *