අද ලංකාවම හොයන හැමෝම කතා කරන ඇබඩින් දියඇල්ලේ කරපු සුපිරි මංගල චයාරුප 27ක් මෙන්න

Life Story

කතාව පටන් ගන්නම් අපි මේක කරපූ location එකෙන්.මේ ගිනිගහේන ඇබර්ඩීන් දිය ඇල්ල. මෙතනට ගිහින් තියෙන අයට මේ Concept එක යථාර්ථයක් විදියට දකින එක සිහිනයක් වෙන්නේ ගිය අය ඒකේ තියෙන දුෂ්කරත්වය.කටුකත්වය දන්න නිසාමයි.මේ තරම් බඩුභාණ්ඩ කන්දරාවක් උස්සගෙන කිලෝ මීටර් ගානක කන්දක් අපි තරණය කලා. Shoot එකේ Concept එක මගේ වුනාට මේක ඇත්තටම ලොකු Team Work එකක්.A2Z Wedding Planing මජිත් ප්‍රියංග මාත් එක්ක හිටියේ නැත්නම් ඇත්තටම මම මේක කොහොමද කරන්නේ කියලා මට හිතා ගන්න බෑ. අපි අදහස ගැන කතාකරගෙන වෙනම දවසක් වෙන් කරගෙන කි.මී. 160 ක් විතර ගියා මේ Location එක හොයාගෙන.

ඊට පස්සේ අපි දෙන්නා Plan කලා මේ වැඩේ කරන විදිය.ඇත්තටම මට වඩා මෙහි සාර්ථකත්වයට විශේෂ හේතුවක් වුනා මලිත්ගේ සැලසුම් කිරීමේ විශිෂ්ඨ හැකියාව.. තත්වය තනතුරු අමතක කරල හැමෝම එකාවගේ වැඩකරපු දවස් දෙකක්. මට හිතාගන්න බැරි උනා අපි ඒ දේ කලාද කියල. ඇත්තටම අපි සාර්ථකයි. මම ගොඩක් සතුටු වෙනවා මාත් එක්ක මේ වැඩේට යක්කු වගේ වැඩ කරන්න පුලුවන් වැඩ්ඩෝ ටිකක් එකතු වුනාට.හැමදාම හිතුවෙ වෙනස් දෙයක් කරන්න , වරදියි කියන ඉඩකඩ වැඩි උනත් කවුරුත් නොකරපු කාටවත් ලේසියෙන් කරන්න බැරි වෙනස් දෙයක් කරන්න මමත් මගේ කණ්ඩායමත් හැමදාම බලන් ඉන්නවා. ඒ වගේම කරන කාරැණික ඉල්ලීම තමා මේ වගේ තැන් වලට යනවා නම් මේ සුන්දරත්වය විනාශ කරලා නම් එන්න එපා කියලයි ඒ සුන්දර චයාරුප කරපු ලක්මාල් සිංහාරගේ සහා එම මංගල යුවල පවසා තිබුනේ.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27

Leave a Reply

Your email address will not be published. Required fields are marked *