අදටත් හම්බෙන හැම මුදලකින්ම බාගයක්ම පිනට දෙන පුංචි නිළිය මිෂෙල් දිල්හාර

Gossip

නිලියන් නිරුපිකාවන් කියන අය බාගෙට රෙදි ඇදගෙන උපන්දින සමරන අය අද කළා ලොවේ විශාල පිරිසක් සිටිනවා මම නිලියක් මම නිරුපිකාවක් කියාගෙන රගපාන්නවත් දන්නේ නැති අයත් අද සමාජයේ සිටිනවා එවැනි කාන්තාවන් ගොඩාක් දෙනා අතරේ මේ කියන්න හදන්නේ ලස්සන වගේම ලංකාවේ සිටින ඉතාම නිහඬ චරිතයක් තමන්ට ලැබෙන චරිතයට ඉතාම හොද සාදාරණයක් කරන දක්ෂ නැගී එන නිලියක් වෙන මිෂෙල් දිල්හාරා ගැන අපි මිෂෙල් ගෙන්ම අහලා බලමු මිෂෙල් ගැන මිශේල්ගේ ජිවිතේ ගැන විස්තර ටිකක්. මිෂෙල් ජීවිතේ ආරම්බ කරන්නේ කොයි වගේ තැනකින්ද මම ජීවිතේ පටන්ගත්තේ මගේ අම්මා මේ ලෝකෙට මාව බිහිකරපු දා පටන්. මම පවුලේ වැඩිමල් දරුවා. මට තව නංගිලා දෙන්නෙක් ඉන්නවා. මම ඉපදුණු දා සිට අද දක්වා මගේ ලොකුම හයිය වුණේ මේ ආදරණීය පවුලයි. ඒක ආදරය උතුරන සුන්දර පවුලක්.අපි මෙහෙම ඇහුවොත් මිෂෙල් දිල්හාරා හීන දැක්කේ අනාගතේ ඇත්තටම නිලියක් වෙන්නද.මගේ ජීවිතේ හීන දෙකක් තිබුණා. මම ගුරුවරියක් වෙන්න ආස කළා. ඒ වගේම මම රංගන ශිල්පිනියක් වෙන්නත් ආස කළා. රංගන ශිල්පිනියක් විදිහට මේ ක්ෂේත්‍රයට එන්නට පෙරම මම ගුරුවරියකගේ හීන හැබෑකරගත්තා. මම ළමා නිවාසයක වගේම වැඩිහිටි නිවාසයක ස්වෙච්ඡා ගුරුවරියක විදිහට සේවය කළා.

මම මුලින්ම රඟපෑවේ මගේ අම්මා, තාත්තා, පවුලේ අයගේ ඉස්සරහයි. රූපවාහිනියේ වෙළෙඳ දැන්වීම් යද්දී මම ඒවා දිහා බලාගෙන මගේ පවුලේ අය ඉස්සරහා ඒවා අනුකරණය කළා. මට මිෂෙල් කියන කෙනා හරහා මේ ක්ෂේත්‍රයේ ඉස්සරහට යන්න ඕන වුණා. ඒ නිසා රංගන ශිල්පිනියක් වුණත් තාමත් මම මේ ක්ෂේත්‍රයේ පුංචිම පුංචි පැලයක් විතරයි.ඒ උනාට මගේ හීනේ මම කවදා හරි මේ කළා දිවියේ යන්න පුළුවන් උපරිම තැනට යනවා එක තමයි මගේ ජිවිතේ තිබෙන ලොකුම හීනේ.හරි අපි මිෂෙල්ගෙන් මෙහෙම ඇහුවොත් මිෂෙල් ජීවිතේදී සමාජ සේවාවලට මුල් තැන දෙන්න හිතුණේ ඇයි ඒකට විශේෂ අත්දැකීමක් තියෙනවද.ඔව්. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ මට අවුරුදු පහළවේදියි. ඉස්සර මම සමාජශීලී ළමයෙක් නෙවේ. පාසලේදිත් මම වෙනුවෙන් කතා කළේ මගේ යාළුවෝ. මම හරිම නිහඬ චරිතයක්. මට අවුරුදු දාහතරේදී විතර මම තාත්තා එක්ක අසනීප වෙලා රෝහල්ගත වෙලා හිටපු මගේ මාමව බලන්න මීගමුව රෝහලට ගියා. රෝහලේදී කොරිඩෝවෙදි නැතිවුණු රෝගියකුගේ මෘත දේහය ඉක්මනට ලබාදෙන ලෙස ඉල්ලමින් ඒ නැතිවුණු කෙනාගේ ගෙදර අය අඬන සිදුවීම මම දැක්කා. ඒ නැතිවුණු කෙනාගේ මෘත ශරීරය ළඟම සුදු රෙද්දකින් වහපු තවත් මෘත ශරීරයකුත් තිබුණා. හැබැයි ඒකට අයිතිකාරයෙක් හිටියේ නැහැඔව්. මගේ ජීවිතේ හැරවුම් ලක්ෂය වුණේ මට අවුරුදු පහළවේදියි. ඉස්සර මම සමාජශීලී ළමයෙක් නෙවේ. පාසලේදිත් මම වෙනුවෙන් කතා කළේ මගේ යාළුවෝ. මම හරිම නිහඬ චරිතයක්. මට අවුරුදු දාහතරේදී විතර මම තාත්තා එක්ක අසනීප වෙලා රෝහල්ගත වෙලා හිටපු මගේ මාමව බලන්න මීගමුව රෝහලට ගියා. රෝහලේදී කොරිඩෝවෙදි නැතිවුණු රෝගියකුගේ මෘත දේහය ඉක්මනට ලබාදෙන ලෙස ඉල්ලමින් ඒ නැතිවුණු කෙනාගේ ගෙදර අය අඬන සිදුවීම මම දැක්කා. ඒ නැතිවුණු කෙනාගේ මෘත ශරීරය ළඟම සුදු රෙද්දකින් වහපු තවත් මෘත ශරීරයකුත් තිබුණා. හැබැයි ඒකට අයිතිකාරයෙක් හිටියේ නැහැ

ඒක මිෂෙල්ගේ මතකෙ දිගටම තිබුණද.ඔව්.පහුවදා මාමාගේ ටිකට් කපද්දි මාමව ගෙදර එක්ක යන්න ආවෙත් මමයි මගේ තාත්තයි. ඒ වෙලාවෙදි මට හිතුණෙම අර කාත් කවුරුත් නැතිව තනිවෙලා තිබුණ මෘත ශරීරය ගැනමයි. මම එතන හිටපු සේවකයකුගෙන් අහද්දි ඒ නැතිවුණු කෙනා ගෙනියන්න කවුරුත් ආවේ නැති නිසා රජයේ මුදල්වලින් ඒක වැළලුවා කියලා කිව්වා. එකම රටක, එකම නගරයක, එකම කාල සීමාවක ජිවිතේන් සමුගත් දෙන්නකුට අවසානයේදී ඉරණම් දෙකකට මුහුණ දෙන්න වුණා. මේක මට ලොකුවට දැනුණා. මේ අහිංසක මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න මට ඒ වෙලාවේ ඉදන්ම ඕන වුණා. නිහඬ චරිතයක් විදිහට හිටිය මට හඩක් නගන්න ඕන නිසා මගේ නිහඬතාව මම බිඳලා දැම්මා. එතකොට මට වයස පහළොවක් විතර ඇති. අවුරුදු පහළවේදී ආර්ථික වශයෙන් මම ස්ථාවර නැහැ. ඒ නිසා මම දන්න දේ ළමා නිවාසවල අහිංසක නංගිලා මල්ලිලා වෙනුවෙන් කියලා දෙන්න මට ඕන වුණා. එදා ඉදන් මම එක කරන්න පටන් ගත්තා ඒක තමයි මගේ මුල්ම ආරම්භය වුණේ.

නිහඬ චරිතයක් විදිහට හිටපු මිෂෙල් මුල්ම වතාවට ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට සේවය කරද්දි ලබපු අත්දැකීම් මොනවද.ඒ දරුවන් එක්ක කොහොමද ගෙවපු ජීවිතය.මම මුලින්ම ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට ළමා නිවාසවල සේවය කළා. ආර්ථික පැත්තෙන් මම ශක්තිමත් නැති නිසා මම දන්න දේ ඒ අයට කියලා දුන්නා. මම වගේම තව පිරිසක් තමයි ඒ ළමා නිවාසවල ඉන්නේ. මම මුලින්ම ඒ ළමා නිවාසවල උගන්වද්දි මම එයාලට ගුරුවරියක් වුණේ නැහැ. ළමා නිවාසවල දරුවන්ට මම සහෝදරියක් වුණා. වැඩිහිටි නිවාසවල ආච්චිලා සීයලාට මම එයාලගෙම දුවෙක් වුණා. ඒ සමීප බවත් එක්ක එයාලා මට ගොඩක් ළං වුණා. ළමා නිවාසවල අයට මම එයාලගේම යාළුවෙක් වුණා. මමත් එතකොට පොඩියි. සමහර අයට ආදරය කියන දේ දැනිලා තිබුණේ නැහැ. මේ ඉගැන්වීම්වලින් පොඩි පිරිසකගේ ජීවිතේ වෙනස් කරන්න මට පුළුවන් වුණා.ඇත්තටම මම ඒ ගැන ගොඩාක් සතුටු වෙනවා පුළුවන් හැම වෙලාවකම මම එයාලව බලන්න යනවා එක ඇත්තටම ඉතාම ආසාවෙන් මම කරපු දෙයක් මට පුළුවන් කාලයක් මම මගේ පුළුවන් උපරිම එයාල වෙනුවෙන් මට පුළුවන් දේ කරනවා

පුංචි වයසේදිම සමාජ සේවා කටයුතු කරද්දි ගෙදරින් මොන වගේ දෙයක්ද ඔබට ලැබුනේ.මිල මුදල් වගේම මොනවද එයාල ඔයාට කිව්වේ ගෙදර යට කොහොමද දැනුනේ ඔයා මේ කරන දේ. මේ හැමදේම කළේ මගේ අම්මා තාත්තාගේ ආශිර්වාදය ඇතිවයි. ඒ දෙන්නා තමයි මගේ ජීවිතේ ලොකුම හයිය වුණේ. මම මොන තීරණයක් ගත්තත් ඒ ගන්න කලින් අම්මා තාත්තා එක්ක ඒ දේවල් ගැන කතා කරනවා. මේ හැමදේකදිම ඒ ආශිර්වාදය, මග පෙන්වීම වගේම හැම ශක්තියක්ම මට ලබලා දුන්නා. අවුරුදු දෙකක් විතර මම එහෙම ළමා නිවාසවල ඉංග්‍රීසි ගුරුවරියක් විදිහට සේවය කළා. 2016දී මම මුලින්ම මගේ ටෙලිනාට්‍ය වුණ සල්සපුනා එකේ රඟපෑවා. එතනින් පස්සේ මට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍යවලින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ හරහා මම කරගෙන ආපු සමාජ සේවා කටයුතුවලට මට පිරිස එකතු වුණා. ඒ උදව්වෙන් මට ලොකු පිරිසකට කතා කරන්න අවස්ථාව ලැබුණා.එත් එක්කම අපි මෙහෙම ඇහුවොත් ජීවිතේ කලකිරුණ ජිවිතේ එපාම උන සිදුවීම් තියෙනවද.අද වෙනකම් මගේ පවුලේ අය මාත් එක්කම හිටියා. දැනටමත් එහෙමයි. මම ගන්න හැම තීරණයකදීම ඒ අය මගේ පස්සෙන්ම ඉන්නවා. ඒ නිසා කලකිරුණු තැන්වලදී මගේ හිතට ඒක තදින්ම දැනුණේ නැත්තේ ඒ අය මාත් එක්ක හිටිය නිසාමයි. අවුරුදු පහළොවේදී සමාජය සේවය පටන්ගත්තු මම මේ වෙද්දි ලබපු අත්දැකීම් බොහෝයි. කලකිරීම් එපාවීම් වගේ සිදුවීම් සිදුවුණ තැන් බොහෝයි. ඒ හැම මොහොතකම මාත් එක්ක පිරිසක් හිටියා. ඒ නිසා කොතැනකදීවත් මම තනි වුණේ නැහැ.හැමෝම මට මගේ මේ ගෙවුණු ජිවිතේ හයියට හිටියා එක ඇත්තටම මට ලොකු ශක්තියක් උනා මේ තැනට එන්න

මිශේල්ට දැන් ගෙවෙන මේ ජීවිතේදී මිෂෙල් නිළියක් කියලා හිතුණේ කවදා ඉදන්ද කියලා ඇහුවොත්.මම රංගනයට ආවට තාමත් මම මමමයි. රඟපාද්දි මම ඒ චරිතය වුණාට ඒ රාමුවෙන් අඩියක් ගන්න ගමන් මම මිෂෙල්මයි. අපි කරන්නේ චරිත. සල් සපුනා ටෙලිනාට්‍යයේ පොඩි පත්තරකාරියව මිනිස්සු හඳුනාගත්තා. ඒ වගේම සුදු ඇඳගෙන කළු ඇවිදින් ටෙලිනාට්‍යයේ ආයෝමිගේ චරිතයටත් බොහෝදෙනා ආදරේ කළා. එය බොහෝදෙනෙක් ජීවිතවලට ළංවුණ චරිතයක් වුණා. එක මම හරිම ආසාවෙන් කරපු චරිතයක් මට ඒ වගේ චරිත කරන්න ලොකුවට මහන්සි වෙන්න ඕනේ නැහැ මොකද මම ඇසුරු කලේ එදා ඉදන්ම ඒ වගේ මිනිස්සු මේ වෙද්දි මගේ Can you hear me ටෙලිනාට්‍යයේ මහිමිගේ චරිතයටත් බොහෝ දෙනෙක් ඇළුම් කරනවා. ඒ හැම චරිතයක්ම ඔස්සේ බොහෝ දෙනා මිෂෙල් කියන චරිතයටත් ආදරේ කළා. හැබැයි තාමත් මම මමමයි.මේ වෙද්දී මිශේල්ට ජීවිතේ තමන්ගේ මහන්සියෙන් හම්බකරපු මුදල මතකදඔව්. මම මුලින්ම මගේ මහන්සියෙන් මුදලක් අතට ගත්තේ සල් සපුනා ටෙලි නාට්‍යයේ රඟපාලයි. ඒ මුල්ම මුදල අතට ගනිද්දි මම හිතාගත්තු දෙයක් තමයි මට ලැබෙන හැම ආදායමකින්ම 60ක් සමාජ සේවා කටයුතුවලට වෙන් කරනවා කියලා. අදටත් එහෙමමයි. අදටත් මට ලැබෙන හැම මුදලක්ම මට අයිති වෙන්නේ නැහැ. මට මේ චරිත රඟපාන්න බොහෝ දෙනෙක් උදවු කළා. නාට්‍ය කණ්ඩායමට වගේම ඒ චරිතයට ආදරය කරන අයටත් ඒ අයිතිය තියෙනවා. ඒ නිසා මට ලැබෙන මුදලින් 60ක් මම සමාජ සේවා කටයුතුවලට වෙන් කරනවා.

මේ වෙද්දී මිෂේල්ගේ ජීවිතේ හැබෑ නොවුණු බලාපොරොත්තු මොනවද.බලාපොරොත්තු තියෙනවා. හැබැයි මේ අලුත් වසංගතයත් එක්ක නතර වුණා. මම දිවුලපිටියේ වැඩිහිටි ප්‍රජා ම්‍යස්ථානයක් විවෘත කළා. ඒකේ වැඩිහිටින් තුන්සිය දෙනෙක් ඉන්නවා. ඒක වැඩිහිටි නිවාසයක් නෙවේ. හැමදාම ඒ වැඩිහිටියන් ඒ මධ්‍යස්ථානයට ඇවිත් දවස ගෙවනවා. ගෙවල්වල පාළුවෙන් තනිවෙලා ඉන්න ඒ වැඩිහිටියන් එතනට ඇවිත් සින්දු අහන්න. අලුත් යාළුවෝ එක්ක කතාබහ කරන්න නිදහසේ ගෙවන්න පුළුවන්කම තිබුණා. මේ වසංගතය නිසා ඒක තාවකාලිකව නතර කරලා දැම්මා. ඒ වගේ ප්‍රජා ම්‍යස්ථාන කිහිපයක් ඉදිරියේදී ඇති කරන්න බලාපොරොත්තු වෙනවා.එක තමයි මගේ ජිවිතේ දැනට තිබෙන ලොකුම බලාපොරොත්තුව.අපිත් මිෂෙල් දිල්හාරා කියන මේ චරිතයට ගොඩාක් ආදරේ කරනවා ඔබත් එහෙම ඇති කියා සිතනවා මිෂෙල් මේ කරන සමාජ සත්කාරයට අපිත් හදවතින්ම සුබපතන අතර ඇයගේ රංගන ජීවිතය සාර්ථක වී තවත් අසරණ ජිවිත වලට ඇයගෙන් උපකාර ගැනීමට හැකිවේවායි ප්‍රර්ථනා කරනවා පුළුවන් හැම වෙලාවකම මිනිසුන්ට උදව් කරන්න කියලා අපිත් ඔබගෙන් ඉල්ලනවා අද සමාජේ විවිද අපහසු තාවන් වලින් පෙලෙන මිනිසුන් ඉන්නවා ඒ අයට ඔබගේ උදව්වක් ඔබගේ ආදරේ කරුණාව ලැබෙනවානම් ඒ අයට එක කියාගන්න බැරි තරම් සතුටක් ලැබේවි පොඩි හරි දෙයක් කරන්න ඉන් ඔබේ ජිවිතයට සදාකල්ම එක මතක තියේවි

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *