Article

අගමැති පුත් රෝහිත රාජපක්ෂගේ ලක්ෂ ගණනක් වටිනා පුසා අතුරුදන් වෙයි සොයාදෙන්නෙකුට වටිනා තෑග්ගක්

Written by Prasad

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ රටම දන්නා චිචී ගේ සුරතල් පූසා අතුරුදහන් වී තිබේනවා බැද්දගානේ ඒ මහතාගේ නිවසේ සිටි මෙම ඉහළ වටිනාකමකින් යුතු මෙම පුසා සොයා දෙන අයෙකුට විශේෂ තෑග්ගක් පිරිනැමීමටද රාජපක්ෂ පවුල තීරණය කර ඇතිබවයි දැනගන්න ලැබුනේ.ඉතින් මේ දුර්ලබ ගනයේ පුසා ගැනත් තොරතුරු බිදක් ඔබට ගෙන එන්නට අපි හිතුවා.

ඡායාරුපයේ සඳහන් එම බළලුන් අයත් වන්නේ Turkish Angora වර්ගයටයි. Turkish Angora යනු එකල මධ්‍යම ඇනටෝලියාවේ (වර්තමානයේ තුර්කිය, අන්කාරා කලාපය) ආරම්භ වූ පෞරාණික, ස්වාභාවික බළලුන් විශේෂයකි. 17 වන සියවස තරම් ඈතකදීත් මෙම වර්ගය අභිජනනය කළ ලේඛන ඇති බවයි කියන්නේ. මෙම අභිජනන බළලුන් Angora හෝ Ankara බළලුන් ලෙසද හැඳින්වෙනවා. බ්‍රිතාන්‍ය හා ඇමරිකානු බළලුන් ඇති කරන්නන් විසින් පර්සියානු බළලා Turkish Angora විකෘති වලින් වර්ධනය කරන ලද බව කියවෙනවා.Turkish Angora බළලාගේ මිල සාමාන්‍යයෙන් ඩොලර් 900-1500 අතර වෙන බවයි පැවසෙන්නේ. එහෙත් උසස් පෙළපත, සම්මත ශරීර අනුපාතය, ලස්සන වර්ග සහ ප්‍රසිද්ධ අභිජනන ගොවිපලවල් වලින් එන Turkish Angora පූස් පැටවුන්ට ඩොලර් 1800 සිට ඩොලර් 3000 දක්වා ඉහළ මිලකට අලෙවි වෙනවා.

දිගු කෙස් ඇති බළලුන් බ්‍රිතාන්‍යයට සහ ප්‍රංශයට ආනයනය කරන ලද්දේ ආසියාව, පර්සියාව සහ රුසියාවෙනි. 17 වන සියවස වන විට තුර්කි ඇන්ගෝරාවන් යුරෝපයේ සුවිශේෂී අභිජනනයක් ලෙස පිළිගැනීමට ලක්වනවා කෙසේ වෙතත්, ඇන්ගෝරස් සහ පර්සියානුවන් අතර දැඩි සම්බන්ධතාවක් පවතින බව දැනගන්න ලැබෙනවා. ඒ වගේමයි මෙම පුසන් ළමයින් සමග ඉතාම සමීපව සිටිනවා ඒ වගේමයි ඔවුන්ට වාඩිවීමට කාලය ගත කිරීමට උස් ස්ථානයක් අවශ්‍ය බව තමයි සදහන් වෙන්නේ.ඒ වගේමයි 19 ශතවර්ෂය වෙනකල්ම කරපු පරීක්ෂණ වලින් හොයාගෙන ඇත්තේ තුර්කි ඇන්ගොරාවන් විශාල දෙනෙක් කන් ඇසෙන්නේ නැති සතුන් වර්ගයක් බවයි එය තවමත් හරිආකාරව ප්‍රකාශ කර නැතත් ඔවුන්ගේන් නිල්පාට ඇස් තිබෙන සතුන් කන් ඇසෙන්නේ නැති සතුන් ලෙස සොයාගෙන තිබෙනවා.

About the author

Prasad

Leave a Comment