Article

අතුල මාව දරුවන්ව අමායාව හොදින් බලා ගන්නවා අතුල සමිතා නැවතත් එකතුවෙයි ඉස්සර ආදරේ අදටත් ඒ වගේමයි

Written by Prasad

අතුල සහ සමිතා කියන්නේ අපේ රටේ ඉතාමත් ආදරණීය ඉතාමත් ජනප්‍රිය ගායන යුවළක්. ඒ විතරක් නෙමෙයි කාලයක් පවුලක් විදිහට ඉතාමත් ආදරණීය ලෙස ජීවත් වූ දෙදෙනෙක්. නමුත් කාලයත් එක්ක ඒ සියල්ල වෙනස් වී ඇති බව හැමෝම දන්න කරුණක්. ඔවුන්ගේ පුද්ගලික ජීවිතවල කරුණු කාරණා කොහොම සිද්ද වුණත් රසික ප්‍රතිචාර වලින් නම් ඔවුන්ට කිසිදු දිනක අඩුවක් පාඩුවක් වුණේ නැහැ. නමුත් ඔවුන්ගේ පුද්ගලික ජීවිතය හාරා අවුස්සමින් සමාජ මාධ්‍ය තුළ විවිධ පුවත් මවන අය වෙනුවෙන් සියලු ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙමින් අතුල සමිතා යුවළ යූටියුබ් මාධ්‍ය හරහා වීඩියෝවක් නිකුත් කර තිබෙනවා.ඔවුන්ගේ ජිවිතේ ගැන සහා මේ දවස් වල මොකද වෙන්නේ කියලා සමිතා සහා අතුල කිවුවේ මෙන්න මේ වගේ කතාවක්.

මේ දවස් වල අපි දෙන්නම හොදින් ජිවත් වෙනවා අපි දෙන්නා අතර කිසිම ප්‍රශ්නයක් නැහැ වෙන් වෙලා ජිවත්වුනාට අපි දෙන්නට දෙන්නා අදටත් ඉන්නවා රටේ හැමෝටම වගේ අපිව ප්‍රශ්නයක් උනාට අපේ දරුවෝ දෙන්නා ප්‍රශ්නයක් උනාට අපිට එහෙම නැහැ.සමිතට ප්‍රශ්නත් නැහැ අමායට ප්‍රශ්නත් නැහැ හැමෝම සතුටින් ඉන්නවා.අපේ දුවලාට අපි හරිම ආදරෙන් ඉන්නවා අපි එක වේදිකාවේ සින්දු කියනවා අපේ කටහඩ කවදා හරි නැතිවෙනවා ඒ නැතිවෙනකල් අපි දෙන්නා එකට සින්දු කියනවා.

හැමෝම වගේ කිවුවා අතුල බොනවා විවිද මත්ද්‍රව්‍ය බාවිතා කරනවා කියලා ඔවුන් කියන්නේ ඒ කතාව බොරුවක් මට වයස දැන් 56 වනවා කවදාවත් මම කුඩු ගැහුවනම් මට මෙහෙම ඉන්න බැහැ.මට ඕනෙම කෙනෙක් පෙන්නන්න අවුරුදු පහක් කුඩු ගහපු කෙනෙක් මම වගේ ඉන්නවා මම එයාට තෑග්ගක් දෙනවා කියලා තමයි අතුල කියන්නේ.ඒ වගේමයි සමිතාගේ අතුලගේ වැරදි ඔවුන් දෙදෙනා කාටවත් කියන්නෙත් නැහැ කියලා එදා හිටපු තුලම තමයි අදටත් මම දකින්නේ වසර 15 එකට ඉදලා දික්කසාද වෙලා අදටත් එකට සතුටින් ඉන්න හැමෝටම බැහැ ඕනෙම වෙලාවක ඕනේ උනොත් අපි දෙන්න අපේ ලග ඉන්නවා කියලා තමයි ඔවුන් දෙදෙනා කියන්නේ.

අතුල කියන්නේ නිදහසේ සතුටින් ජිවත්වෙන කෙනෙක් මම දකින්නේ ජිවිතේ විදින කෙනෙක් හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක් කාගේවත් දේවල් හොයන්නෙත් නැහැ.දරුවන් වෙනුවෙන් මම වෙනුවෙන් අමායා වෙනුවෙන් ඕනෙම වෙලාවක අතුල පෙනී සිටිනවා ඇත්තටම ඒක වෙන කෙනෙක් නම් කරන්නේ නැහැ මම අතුලගේ දකින ලොකුම දේ තමයි ඒක කියලා සමිතා කියනවා.ඒ දේ ඇත්තටම මට වටිනවා ඒක නිසා අපිට අදටත් සතුටින් ඉන්න පුළුවන්. ඇත්තටම වැඩිම නිදහසක් තියෙන්නේ අතුලට අපි කවදාවත්ම රණ්ඩුවෙලා නැහැ බැනගෙන නැහැ ඉදල හිටලා සැරෙන් කතා කරනවා ඇරෙන්න කවදාවත් අපි රණ්ඩුවෙලා නැහැ.

අපි සමාජෙට පෙන්න කැමරාවට කතා කරන්නේ නැහැ අපි තවමත් ඉස්සර වගේ ආදරෙන් ජිවත් වෙනවා.දුක හිතුනම අඩනවා ඒ උනාට එතනින් එහාට අපේ ජිවිතේ රණ්ඩු නැහැ දුවයි පුතයිත් ගොඩාක් කැමති අපි එකට ඉන්නවට.අපි දෙන්න විවාහයෙන් අයින්වුනා කියලා වන්දි ගෙවන්න ගිහින් නැහැ අදටත් සමිතාවත් අමායා වත් මගෙන් සල්ලි ඉල්ලලා නැහැ මම සමිතාවයි අමායාවයි දෙන්නම එකට තියාගෙන ඉදලා නැහැ සමිතාගෙන් අයින් වෙලා අමායාව බැන්දා ඒ උනාට අපි දෙන්නා ඉස්සර වගේම සතුටින් ජීවිතය ගෙවනවා කියලා තමයි ඔවුන් කියන්නේ.ඉතින් මේ වගේ තව ගොඩාක් දේ ඔවුන් දෙදෙනා ඒ වීඩියෝ එකේ කතා කරනවා ඔබට බලන්නත් පුළුවන්.

About the author

Prasad

Leave a Comment