Article

අධ්‍යක්ෂකවරු තමයි මගේ බය නැති කරේ දැන් මම ඕනෙම දෙයක් කරන්න ලෑස්ති.කාවින්ද්‍යා දුල්ශානි

Written by Prasad

සිදූ, පැහැසරා, සඳ එළිය, සිද්ධාර්ථ ගෞතම, වගේ ප්‍රේක්ෂක ආකර්ෂණය නොමදව ලබපු නිර්මාණ ගණනාවකට දායකත්වය දෙන්නට තරම් ඇය වාසනාවන්‍ත වුනා.2015 ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරිය ලෙස අභිෂේක ලැබූ ඇය එකවර නිර්මාණ කිහිපයකට සම්බන්ධ වන්නට තරම් වාසනාවන්ත වුණා. ඇය නමින් කාවින්ද්‍යා දුල්ෂානි.

අවුරුදු කුමාරි තරගය අතර අතර වාරයේදී ඇය පුංචි තිරයෙන් දකින්නට ලැබීම පිළිබඳව ඇය දැරුවේ මෙවැනි අදහසක්.ඒක නම් වාසනාවක් කියලයි මම හිතන්නෙ. පුංචිකාලේ මට එක නාට්‍යයක් බලන්න වත් අවසර තිබුණේ නැහැ. මොකද අධ්‍යාපන කටයුතුවලට තමයි ප්‍රධාන තැනක් දුන්නේ. කැමරාව කියන්නේ මම ශේෂ්ත්‍රයට එද්දී මට ගොඩක් ආධුනික තැනක්. අධ්‍යක්ෂකවරු තමයි මගේ බය පවා නැති කලේ. ඉතින් ඒක වාසනාවක් කියලයි මම හිතන්නේ.
ඒ වගේම මේ පුංචි කාලයට මට ලැබෙන රසික ප්‍රතිචාර ගැන මම ගොඩක් තෘප්තිමත්. ගොඩක්ම සිදූ ටෙලි නාට්‍යයේ අන්ජනා විදිහට තමයි මං ප්‍රසිද්ධ. ඒ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගොඩක් ගියා. මගේ ගමන ඉදිරියට යන ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන මේ ආදරය මට ලොකු හයියක්.

ඔබ අවුරුදු කුමාරි නොවුනානම් කලාවට එන්නෙ නැද්ද කියලා ඇහුව ප්‍රශ්නෙට ඇය පිළිතුරු දුන්නේ මේ විදිහට.ඒක නං එහෙම කියන්න බැහැ. මම කලාවට ආවේ අවුරුදු කුමාරි තරගයෙන් තේරිලා කියලා කියල කියන්න අමාරුයි. මොකද මම අවසන් දොළොස් දෙනා අතර ඉද්දි තමයි විමංසා ටෙලි නාට්‍යයේ චරිත තෝරා ගැනීමට ඉදිරිපත් වුණේ. ඉතින් ඒ වෙනකොට මම අවුරුදු කුමාරි වෙලා හිටියෙ නැහැ. තිස් අවුරුදු කුමාරිට තේරිලා මම කලාවට ආව කියන එක කියන්න බෑ. මම පුංචි කාලේ ගොඩක් ආසාවෙන් හිටියේ ව්‍යාපාරිකාවක් වෙන්න. නමුත් ඉතින් දෛවය මාව කලාකාරියක් කරලා තියෙනවා.”

කාවින්ධ්‍යා ආදරය ගැන මොකද හිතන්නේ?මට තවම ආදරය කරන්න තරම් වයසක් ඇති කියලා මම හිතන්නෑ. මගෙන් ආදරය බලාපොරොත්තු වෙන කෙනෙක් හිටියත් මම තාම ඒකට සූදානම් නැහැ. මගේ අම්මගේ තාත්තගේ නංගිගෙ ආදරේ මැද තාම ජීවත් වෙන්න ඕන කියලයි මම විශ්වාස කරන්නේ. මේ නිසා ආදරය විවාහය කියන දේවල් මම ගොඩක් පස්සට දාල තියෙන්නෙ.තමන් ගැන ඒ විදිහට තමයි කාවින්දයා දුල්ෂානි අදහස් දැක්වූවේ. කෙසේ නමුත් ඇගේ අධ්‍යාපන කටයුතු වලටත්, ඇගේ අනාගතයටත් අපි සුබ ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment