Article

අධ්‍යක්ෂවරුන් මට ගොඩක් දේවල් වලට කතා කරා.යාපනයට ගියොත් මට අද වුණත් වැඩ තියෙනවා.හිරුෂි වසුන්දරා

Written by Prasad

1995 වර්ෂයේ උපත ලැබුව, සුන්දර සිනහවකට වගේම සුන්දර දිගු දිගු කෙස් වැටියකට උරුමකම් කියන, මේ වන විට බොහෝ දෙනෙක් අතර ජනප්‍රිය, විශේෂයෙන්ම දමිළ ජනතාව අතර ජනප්‍රිය, ඇය නමින් හිරුෂි වසුන්දරා ය. මේ තරම් ඉක්මනට ජනතා ආදරය දිනා ගත්තේ කොහොමද කියලා අපි ඇයගෙන් විමසන්නට සිතුවා.ජනතා ආදරය දිනාගන්න මට ලැබුණු වරම මම නොහිතූ වෙලාවක ලැබිච්ච දෙයක්. මම සිංහල ගුරුවරිය නමින් මම ඡායාරූප කිහිපයකට පෙනී සිටියා. මෙතනදි තමයි මට සිංහල ජනතාව අතර වගේම දමිළ ජනතාව අතරත් ආදරය ලැබුණේ. ඒත් එක්කම වගේ මලයාලම් සිනමාවටත් මට දොරටුව විවර වෙනවා. ඒ හින්දම උතුරේ දමිළ ජනතාවත් දකුණේ සිංහල ජනතාවත් මට එක විදිහට ආදරය කරන්න ගන්නවා. දමිළ අධ්‍යක්ෂවරුන් මට ගොඩක් දේවල් වලට කතා කරා. ඒ හින්දා යාපනයට ගියොත්, මට අද වුණත් එහෙත් වැඩ තියෙනවා.

ඔබට දමිළ ජනතාවගේ කලා කටයුතු වලට විතරද සම්බන්ධ වෙන්න ලැබුණේ. “එහෙම දෙයක් නම් නැහැ. හැබැයි මට වැඩිපුරම සම්බන්ධ වෙන්න ලැබුණා නම් දමිළ චරිත සඳහා. ඒ වගේම දමිළ මියුසික් වීඩියෝ කිහිපයක් සඳහාත් මම දායක වුණා. ඒත් ඊට පස්සේ ‘පාවෙලා වලාකුලේ ඒවිද අම්මා” ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයක් කරන්නට මට අවස්ථාව ලැබුණා. මම මේ ගමන යන්නේ කාත් එක්කවත් තරඟයක් නැතුව. මොකද කලාව කියන්නේ මගේ වෘත්තිය නෙවෙයි, ඒක එක මගේ විනෝදාංශයක්.

ලංකාවේ දී ඇය පිළිබඳව වැඩිපුර කතා නොවුනත් දමිළ සිනමා පට කිහිපයකටම ඇයට අවස්ථාව මේ වනවිටත් ලැබිලා අවසන්. දමිළ අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙක් යටතේ ඇය මේ වනවිට ඇයගේ රංගන කටයුතු සිදු කරනවා. නමුත් ඇයට අනුව කලාව යනු ඇයගේ සතුට මිස වෘත්තීය නොවේ.රංගනය විනෝදාංශයක් ලෙස සිදු කරන ඇය වෘත්තීය ලෙස තෝරා ගත්තේ නීතියයි. තවමත් නීතිය පිළිබඳව අධ්‍යාපනය ලබන ඇය නොමිලේ පරිගණක අධ්‍යාපනය ලබාදෙන ආයතනයක රැකියාව සිදු කරන්නේ කලාවට තම දායකත්වය ඉතා හොඳින්ම ලබාදෙමිනි. අනාගතයේදී කලාවට මහත් සේවයක් සිදු කරන්නට අපි ඇයට සුබ පතමු.

About the author

Prasad

Leave a Comment