Article

අපිට මොකුත් කිවුවා කියලා රට වෙනස් වෙන්නේ නැහැ මම දාන ඒවා බලන්න බැරිනම් නොබලා ඉන්න ශනුද්‍රි ප්‍රියසාද්

Written by Prasad

ජනතාව වගේම අපේ රටේ කළා කරුවෝ විවිද අංශ වල වැඩ කරන ජනතාව මේ වෙද්දී එකම අරමුණකින් පාරට බැහැලා එකම දෙයක් ඉල්ලනවා ඉතින් මේ අරගලය කවදා කොතන කොහොම නවතීද කියන්න නම් දන්නේ නැහැ හැබැයි සිද්දවෙන්න ඕනේ දේ සිදුවෙමින් පවතිනවා කියලා නම් කියන්න ඕනේ.ඉතින් මේ විදියට කළා කරුවන් අතරේ සිටියා අපේ රටේ දඟකාර කටකාර රංගන ශිල්පිනියක් ඒ තමයි ශනුද්‍රි ප්‍රියසාද්.ඉතින් ඇය සමාජ මාද්‍ය ගිණුම හරහාත් මේ සම්බන්දව චායාරුප පෙලකරලා තිබුනා ඒගැන අපේ රටේ ජනතාව විවිද දේවල් කියලත් තිබුනා ඒ ගැන ශනුද්‍රි මෙන්න මේ වගේ කතාවක් කියලා තිබුනා.

ඊයේ දවස ගැන හරි සතුටුයි. අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ වශයන් පාරට බැස්සේ එකම අරමුනින්. හැමෝම මහන්සි වෙන තරමට ඇත්තටම මේ රටේ වෙනසක් වෙනවනම් මට ඕනෙත් එච්චරයි. මම ආවෙත් ඒ නිසයි. මගේ social media මම පුලුවන් විදියට use කරල මිනිස්සුන්ව මේ දේවල් ගැන දැනුවත් කරනවා. Photos ගත්ත එකම කලාකරුවො අපි නෙමෙයි. ඒ ඕනම දෙයක් මට මගේ social media වල දාන්න අයිතිය තියනවා ඔයාට වගේම. මට ඇත්තටම ඊයෙ හිටිය සෙනග ගැන හරි ආඩම්බරයි. ඒත් මේ වෙන දේවල් වලට අමතරව වෙන අයට ගල් ගහන එකට මම විතරක් නෙමෙයි කවුරුත් අකමැතියි. ඔයාලගෙ අරමුන වෙනස් කරගන්න එපා. අපිට මුකුත් කිව්ව කියල රට වෙනස් වෙන්නෙ නම් නෑ. Stay focussed. මම දාන posts/ stories බලන සමහර අය අපහසුතාවයකට පත් වුනා නම්, සමාවෙන්න. මින්පසු නොබල ඉන්න. මට පුලුවන් උපරිමයෙන් මම රට වෙනුවෙන් පෙනි සිටිනවා.

About the author

Prasad

Leave a Comment