Article

අපිට වෙලාවේ ඔයා මායි අම්මි ළඟටයි ආවට ඔයාට ගොඩාක් පින්. කාවින්ද්‍යා,අතුල අධිකාරිට කියූ දේ

Written by Prasad

අපි හැමෝම දන්නා සුරූපී තරුණියක් තමයි කාවින්ද්‍යා අධිකාරී කියන්නේ. අපේ රටේ ඉතා ජනප්‍රිය සංගීත ලෝකයට අලුත් නිර්මාණ රැසක් එක් කල සමිතා මුදුන්කොටුවගේ හා අතුල අධිකාරිගේ ලොකුම දියණිය තමයි මේ. ඒ ගැන නම් හැමෝම දනනවා ඇතිනේ. ඇයත් කලවට ඉතා දක්ෂ චරිතයක් තමයි. ගීත නිර්මණ වෙනුවෙන් ගොඩක් දකින්න නොලැබුනත් ඇයත් අම්මා වගේම ලස්සන හඩක් ඇති දක්ෂ ගායිකාවක් . ඇය ඊට අමතරව නිවේදිකාවක් ලෙසත් දක්ෂ ලෙස කතා කිරීමේ හැකියාවක්ද ඇයට තියනවා. ඇත්තෙන්ම කාවින්ද්‍යා සිය මව සහ පියා ලෙසින්ම මේවන විට ජනප්‍රිය ගායන ශිල්පිනියක් බවට පත්ව අවසානයි.

කොහොම නමුත් තමන්ටම ආවේණික වු සුමිහිරි හඩකට හිමිකම් කියන ඇය පොලවේ පයගහලා ජිවත් වෙන නිහතමානී චරිතයක් ලෙස හදුන්වන්න පුලුවනි. කොහොමහරි ඉතින් ගායනයෙන් පමණක් දස්කම් දක්වපු ඇය මේවෙනකොට හැමෝම දන්නා කියන රංගන ශිල්පිනියක් බවට පත්ව තිබෙනවා
ඇගේ පළමු සිනමා නිර්මාණය තමයි ඝරසරප කියල කියන්නේ. ඇය සිය පළමු සිනමා නිර්මාණයෙන්ම සම්මානයෙන් පිදුම් ලබනවා. අනතුරුව සක්කාරන් වැනි ටෙලි නිර්මාණ ඔස්සේද අපට ඇයව දැකගන්නට ලැබුණා.

ඇත්තෙන්ම ඇය මේ වෙද්දී රංගන කුසලතාව මනාව පෙන්නුම් කරන නිලියක් වනවා.ඒ වගේම ඇය දක්ෂ නිවෙදිකවක්ද වනවා.කොහොම නමුත් මෑතකදී කාවින්ද්‍යාගේ ආදරණිය අත්තම්මා මෙලොවින් සමුගත්තා. ඇගේ අභාවය ඇයට එය ලොකු තනිකමක් පාළුවක් එක්කර තිබුනා. ඒ නිසාම ඇයට තාත්තා ගේ සෙනෙහස තදින්ම දැනුන බව කියා සිටියා. ඒ මොහොතේදී අතුල ඇය ලගින්ම සිට ආදරය දුන් බව කාවින්ද්‍යා කියා සිටියේ කදුළු සලමින්. ඒ අවස්ථාවේ ලගින් ඉන්නවට ඔයාට ගොඩක් පිං කියලයි කාවින්ද්‍යා කියා සිටියේ. ඒ වගේම දියණියකට පිය සෙනෙහස අවැසි බව ඇය පසක් කර සිටියා.ඒ වගේම මේ ආදරණිය දියණිය සහ පියා නැවත එක්වීමට පසුගිය දිනක හැකියාවලක් ලැබුනා. ඒ පසුගිය දා ස්වර්ණවාහිනියේ විකාශය වුණු හිත ඉල්ලන තරු වැඩසටහනට තාත්තලා දුවලා සහභාගී වුණු වැඩසටහන හරහායි.

එහි සිදු වූ අපුරු සිදුවීම වන්නේ ඔවුන් දෙදෙනා එක් වී අපුරු ගීතයක් ගයනා කිරීමත් සමඟ එහි නිවේදක අතුල අධිකාරිගෙන් මෙසේ විමසුවා. තාත්තේ දෝණිට සංසාරේ පුරා ඇවිද යන්න අත අල්ලලා අත්වැල දෙන්න සුදානම් ද කියලා. ඉතින් ඒ අවස්ථාවේදී ඔහු කියා සිටියේ මේ වගේ දෙයක්. ඔව්, අනිවාර්යෙන්ම. මම දෝණි ගැන ගොඩක්ම සතුටු වෙන්නේ එයත් මං වගේම හිතන කෙනෙක් නිසා. ඉතින් මං ලඟදී එයාගේ ඉන්ටර්විව් එකක් බැලුවා. ඒ වගේම මම 50න් කියන දේවල් එයා 25න් කියනවා කියපු ඔහු කියන්නේ ලොකු අවබෝධයක් ඇයට තියෙනවා.ඒකෙන් මට ගොඩක් තේරුණා එයත් මං වගේම හිතන පතන කෙනෙක්” කියලා.ඒ වගේම ඔහු කියන්නේ ඔහුට තාත්තා කෙනෙක් විදිහට මේ වගේ ආදරණිය දක්ෂ දියනියල ලැබීම ඔහුගේ වාසනාවක් බවත් ඔහු අවසානයේ පවසා සිටියා.

About the author

Prasad

Leave a Comment