Article

අපි දෙන්නම ආසාවෙන් හිටියෙ පුතෙකුට ඒත් ලැබුනේ දුවෙක්.විවාහයෙන් පසු රංගනයෙන් සමු ගත් නිපුනිකා හේවාගමගෙ.

Written by Prasad

නිපුනිකා හේවාගමගෙ කියන්නෙ කලක් මෙරට සිනමාව මෙන්ම පුංචි තිරය තුළ අතිශයින්ම දස්කම් දැක්වූ රංගන ශිල්පිනියක්.ඇය විවාහ දිවියට එළැඹීමෙන් පසුව රංගන කටයුතුවලින් තරමක් ඈත් වී සිටියත් ඇයට රංගන කටයුතුවල නිරත වන කාලයේ සිට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාර අද වන තෙක්ම කිසිම අඩුවක් නැතිව ලැබෙනවා.ඉතින් ඇය මේ වෙනකොට ආදරණිය මවක්. ඒ පුංචි දියණියකගේ ඉතින් පුංචි දියණිය ගැන සහ පවුලේ තොරතුරු ඇය කියන්නේ මේ විදහට. අපේ චූටි දුවගේ නම කායා දිසානායක. දැන් චූටි දුවට වයස මාස අටයි.

ඇත්තම කිව්වොත් අපි දෙන්නම ආසාවෙන් හිටියෙ පුතෙකුටයි. ස්කෑන් පරීක්ෂණයක් කරලා බලද්දි වෛද්‍යවරු දුවෙක් කියලයි කිව්වෙ. හැබැයි අපි දෙන්නා පුතෙක්ට තිබුණු ආසාව නිසාම ඒකවත් විශ්වාස කළේ නැහැ. ළහිරුගේ නංගියි මගේ අම්මයි විතරයි අපිට දුවෙක් ලැබෙන්න කියලා හිතුවෙ. අනිත් හැමෝම පුතෙක් කියලයි මුලදි හිතුවෙ.දුව දකිද්දිම මගේ ජීවිතේ දැන් සම්පූර්ණයි කියලා හිතුණා. එයා දකිද්දි තමයි මගේ ජීවිතේ සම්පූර්ණ වුණේ. එයා ගොඩක් ලස්සන, හුරතල් බෝලයක් වගෙයි මම දැක්කෙ.දැන් එයා හරිම දඟ මල්ලක්.

අපි මුල ඉඳන්ම පුතෙක් බලාපොරොත්තු වුණු නිසාමද දන්නෙත් නැහැ එයා දඟයි. හරිම හුරතල්. දවසින් දවස වෙනස් විදිහේ අලුත් දේවල් කරනවා. අපි ඉන්නෙ ළහිරුගෙ ගෙදරයි. ඒ නිසා දුවට ගෙදර අයගේ ආදරය පුදුම විදිහට ලැබෙනවා. ආත්තම්මයි සීයයි අපි හැමෝම නැගිටින්නෙ එයාගේ හුරතල් වැඩවලින්. නින්දට යන්නෙත් එයාගේ ඒ වැඩවලින්. එයා නිසා දැන් මුළු ගෙදරම පිරිලා.මුලින්ම දූ (තත්.. තත්..) ගාලා (තාත්තා) කියලයි කිව්වෙ. ඉතින් ළහිරුට පුදුම විදිහට ආසයි. ඊට පස්සෙ (අම්.. අම්..) ගාලා (අම්මා) කියලත් කිව්වා.

එයා ගොඩක් වෙලාවට ඉන්නෙ ආත්තම්මා එක්කයි. දවසක් එයා තාත්තා කියන වචනය රහසින් කියලා තියෙනවා. අනිත් අකුරු හයියෙන් කෑගහලා කිව්වත් මුලින්ම තාත්තා කියන වචනය අම්මට ඇහෙන්න විතරයි කියලා තිබුණෙ. ඉතින් අම්මා දුව දැන් තාත්තා, අම්මා කියනවා වගෙයි* කියලා අපිට කිව්වා. දවස් දෙක තුනකට පස්සෙ ඒ වචන දෙක හයියෙන් කිව්වා.දුව තාත්තා එක්ක ඉන්න හරි ආසයි. ළහිරු එයාගෙම ව්‍යාපාරයක් කරනවා. දුව ලැබෙන්න කලින් අපි දෙන්නා වෙනම නිවසක හිටියෙ. ළහිරු මට හැමදේටම උදව් කළා. ඒ කාලෙත් අපි ළහිරුගේ ගෙදරට ළඟින්මයි හිටියෙ. ඒත් කොරෝනා නිසා වැඩිය කට්ටියට එන්නත් බැහැනෙ. ඒ කාලෙදිත් ළහිරු තමයි හැමදේම කළේ.

About the author

Prasad

Leave a Comment