Article

අපි දෙන්නාගේ සුසංයෝගය හොඳයි දසුන්ගේ හොද එනර්ජි එකක් තියෙනවා දසුන් හොයන්නේ අලුත් ඒවා සමනලී

Written by Prasad

ඇය කලා පවුලකට ඉතා සමීප නෑකම් කියන්නියක්, ඉපදුන දවසේ ඉඳලා ඇය පිටුපස කැමරාවක් තිබුණා. මොකද ඇගේ පියා නිෂ්චල චායාරූප ශිල්පියෙක් වීමත්, නැන්දනිය හෙල සිනමාවේ නිළි රැජින වීමත්, සුන්දර කලාකරුවෙකු මාමණ්ඩිය වීමත් නිසා ඇයට කුඩා කාලයේ ඉඳලම ඇහැ ගැටුනේ කලා ලෝකයේ විශිෂ්ට චරිතයන්. එසේ විශාල කලා පවුලක පසුබිම සමග හැදුන වැඩුන ඇය සරසවි සම්මාන, ජනාධිපති සිනමා සම්මාන,දෙරණ සිනමා සම්මාන, සිග්නීස් සම්මාන, වැනි බොහෝ සිනමා උලෙලවල් වල සම්මානයට පාත්‍ර වුන ඇය අන් කෙනෙක් නොව සමනළී ෆොන්සේකා.ඇය වරකදී සුමති ටෙලි සම්මාන උලෙලකදී හොඳම නිළියට හිමි සම්මානය ද ලබාගන්නට සමත් විය.

එම අවස්තාවේ ඇයගේ අදහස් වූයේ මෙවන් දෙයක්. “මට හොඳම නිළියගේ සම්මාන ගොඩක් ලැබුණේ නැහැ. “ප්‍රේමය නම්” චිත්‍රපටයට සරසවි සම්මාන උලෙළේ දී හොඳම නිළිය වුණා. ඒ චිත්‍රපටයටම ඕසීඅයිසී සම්මාන උලෙළේ හොඳම නිළිය සම්මානය ලැබුණා. මෝටර් බයිසිකල් චිත්‍රපටයට දෙරණ සිනමා සම්මාන උළෙලේදී හොඳම නිළියට ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ටෙලිනාට්‍යකින් හොඳම නිළිය සම්මානය ලැබුණ පළවෙනි වතාව මේ. එදා මම ඒ සම්මානය බලාපොරොත්තු වුනේ නෑ. මොකද මමත් එක ඒ සම්මනයට දක්ෂ නිළියන් දෙදෙනෙක් නිර්දේශ වුනා. ඒ අතරේ මම හිතුවේ ඒක ජයනි සේනානයක අක්කට හම්බවෙයි කියලා. ඒ වගේම එතනදි මට කනගාටුවක් ආවා ශලිනි තාරකා මේ සම්මානයට නිර්දේශ නොවුන එක ගැන. මොකද එයා අඩෝ ටෙලිනාට්‍යයේ කමනීගේ චරිතය හරිම දක්ෂ විදිහට ඉදිරිපත් කරා.

ඒකේ මම කරා ඩෝරාගේ චරිතය. ඒකත් සියුම්ව ගොඩ නගන්න ඕනේ කරන චරිතයක්. මට ගොඩාක් වෙලාවට වැඩ කරන්න හම්බුනේ තරුණ අධ්‍යක්ෂකවරු සමග. ඒත් ප්‍රවීණයෝ එක්ක වැඩ කරලා නෑ කියන එක නවෙයි. මම රංගනයෙන් දායක වුන ටෙලිනාට්‍ය අතරේ මම සුපුන් රත්නායකගේ නිර්මාණයට කැමති පුර්ෂයා මූලික කරගෙන නිර්මාණ බිහිවෙන කාලයක එයාගේ කතාවේ ගැහැණු චරිත හරිම ශක්තිමත්ව සහ ස්වාධීනව නිර්මාණය කරලා තියෙන නිසා.

එකම පවුලේ අක්කා සහ නංගී දෙන්නා එකම වේදිකාවදී හිටිය එක ගැන හිතෙන දේ ඇය කිවුවේ මේ විදිහට.ඒක ගැනනම් මට හරිම සතුටුයි. සොනාලි නංගි නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙන් ආයෙම එයාගේ දක්ෂතාවයන් පෙන්නනවා. එයාට ලැබෙන ප්‍රතිචාර ගැන මට අක්කා විදිහට හරිම සතුටුයි. මම එයාට වුනත් හැම තිස්සෙම කියන්නේ චරිත තෝරබේරගෙන කරන්න කියලා.සමනළී දසුන් කියන්නේ හොඳ සංකලයක් කියලා කියනවා. ඒ ගැන කීවොත්..අනිවාර්යයෙන්ම ඔව්. දස්සා කියන්නේ මගේ යාළුවා. රංගන ශිල්පියෙක් විදිහට දස්සාගේ තියන එනර්ජි එක,අලුත් දේවල් හොයාගෙන යන්න තියෙන උනන්දුව මටත් බලපානවා.ඉතිං ඒ නිසා අපි දෙන්නාගේ සුසංයෝගය හොඳ ඇති.

අළුත් කාලය, ඒ කියන්නේ මගෙන් පස්සේ පරම්පරාව ගැන කියනවනම් ඇත්තටම අලුතෙන් ගොඩාක්ම දක්ෂ අය බිහිවෙනවා. ඒ ගැන හරිම සතුටුයි. මොකද ඕනම තැනක පැවැත්ම රැඳෙන්න නම් අනිවාර්යයෙන්ම අලුත් අය එන්න ඕනේ. දක්ෂයෝ බිහිවෙන්න ඕනේ. ඒ නිසාම මම අලුත් අයට කියන්නේ මෙතනට ආවහම අපි අපේම අඩුපාඩු දකින්න ඕනේ. දශමෙන් දශමේ හරි අපි ඒ අඩුපාඩු හදාගන්න ඕනේ. අන්න එතනදි දවසක තමයි අපි සාර්ථක වෙන්නෙ.මමත් අනාගතේ සිනමා අධ්‍යක්ෂනයට යොමුවෙන්න සිහින දකිනවා. මේ වෙනකොට කෙටි චිත්‍රපට දෙකක් කරලා තියෙනවා. ඉතිං මේ දේවල් එක්ක තමා අනාගතේ ගෙවලා දාන්නෙ.

About the author

Prasad

Leave a Comment