Article

අපි දෙන්නා ලගදීම විවහා වෙනවා කලිඳුගේ මනාලිය වෙන්න සිටින සුරූපී නිලි මනිෂා චන්චලා ලගදීම විවහා දිවියට

Written by Prasad

දෙරණ ලිට්ල් ස්ටාර් මගේ අවුරුදු 12න් පහළ ගායනා අංශයේ සිව්වන ස්ථානය ලබා ගනිමින් කලාවට පා තබන ඇය, පසුව දෙරණේ ම නිවේදන කටයුතුවලට මෙන්ම, දෙරණෙන්ම නිෂ්පාදනය කරන ලද ටෙලිනාට්‍යයටත් සහභාගි වෙන්න අවස්ථාව හිමිකර ගන්නවා. මේ දිනවල “සිදු” ටෙලිනාට්‍යයේ තේරුණිගේ චරිතයෙන් ඔබේ ආලින්දයට ගොඩ වදින ඇය මනීෂා දුනුකාරය.

කලාවට යොමු වූ ආකාරය ගැන ඇය අපට මෙසේයි විස්තර පැවසුවේ. ඇත්තටම මම මොන්ටිසෝරි යන කාලේ ඉඳලම සින්දු කියන්න නටන්න වගේ දේවල් වලට ටිකක් දක්ෂයි. එනිසා මේ කලා කටයුතු පටන් ගත්තෙ පෙර පාසල් අවදියේ ඉදලම කිව්වොත් තමයි හරි. ඒ නිසා ගොඩක් දේවල් වලට මම ඉදිරිපත් වුණා. අන්න ඒ හින්ද තමයි අද මම මේ වගේ තැනක ඉන්නේ. මම 1 වසරේ ඉඳලා 11 වසර වෙනකම් මහනුවර ස්වර්ණපාලි විද්‍යාලයට ගියා. උසස් පෙළ හැදෑරුවේ කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයෙන්.

මම නුවර ඉන්න කාලේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ කඳුරට සේවයේ ළමා නිවේදිකාවක් විදිහටත්, ගීත ගායනා තරගවලටත් තරගවලට ඉදිරිපත් වුණා. පස්සේ මට අවුරුදු හතේදි අම්මයි, පුංචි අම්මයි එකතු වෙලා දෙරණ ලිට්ල් ස්ටාර් තරගයට මම ඉදිරිපත් කරා. ඒ තරගයෙන් මම සිව්වන ස්ථානය ලබා ගන්නවා. ඒ අතරෙම දෙරණ මාධ්‍ය ජාලයේ උප සභාපති ලක්සිරි වික්‍රමගේ මහතා මට කතා කරලා ටෙලි නාට්‍යයක චරිතයක් මට ලබා දෙනවා. ඒ වස්සාන සිහිනය ටෙලි නාට්‍යය. එතනින් පස්සේ දෙරණ නිවේදිකාවක් විදිහටත් සිදූ ටෙලි නාට්‍යයේ තෙරුනිගෙ චරිතයනුත් ප්‍රේක්ෂකයන් ඉස්සරහට එන්න මට අවස්ථාව ලැබෙනවා. මෙතනදී ප්‍රදීප් මානවඩුගේ මහතාවත් මං අනිවාර්යෙන්ම මතක් කරන්න ඕන.

ඇත්තටම මම කලාවට ආවේ නැත්නම් අද වෙනකොට මම ගුරුවරියක් වෙලා ඉන්න තිබුණා. මොකද මගේ ඒ කාලේ ආසාවකට තිබ්බේ වෘත්තියෙන් ගුරුවරියක් වෙන එක. ඒත් ඉතින් මොකක්දෝ වාසනාවකට කලාවට එන්න මට පුළුවන් වුණා. මම ඉතින් ඒ ගැන ගොඩක් තෘප්තිමත්. රඟපාන කටයුතු අතරේ මේ වෙනකොට මගෙම කියලා සින්දු දෙකක් කරලා තියෙනවා. ඒ වගේම තවත් අලුත් සින්දු දෙකක වැඩ කටයුතුත් මේ වෙනකොට කරගෙන යනවා. වෘත්තියක් විදිහට මම වැඩිපුරම කැමැති ගායිකාවක් විදියට ඉස්සරහට යන්න.

මෙතෙක් ආපු කාලය ගැන හැරිලා බැලුවොත් මං ආපු ගමන් මග ගැන මම ගොඩක් සතුටු වෙනවා. මොකද ගායනය පැත්තෙන් විතරක් නෙවෙයි, තවත් අංශ කීපයකින්ම මට මගේ දක්ෂතාවයන් පෙන්වන්න වැඩිදියුණු කරගන්න හැකියාව ලැබිලා තියෙනවා.ආදරය ගැන කිව්වොත් කලිඳු කරුණාරත්න මගේ පෙම්වතා කියන්න ගොඩක් අය දන්නවා. ඉතින් ඉක්මනින්ම විවාහ වෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.අවසාන වශයෙන් ඉතින් කියන්න තියෙන්නේ මට මේ තරම් දුරක් එන්න මට උදව් කරපු හැම කෙනෙක්ටම ගොඩක් ස්තුතියි කියලා තමයි. මගේ දෙමව්පියන්ට, කළිඳුට, මගේ යාළුවන්ට, වගේම මගේ ප්‍රේක්ෂක ජනතාවටත් අවසාන වශයෙන් මම ආයෙමත් ස්තූති කරනවා.

About the author

Prasad

Leave a Comment