Article

අපි මදුසමය ගතකලෙත් අපේම ගෙදර ක්‍රිෂාන් ලස්සනට ගේ හැදුවා නැවත විවහාවුණු ශේෂාද්‍රි ගෙවන අලුත් ජිවිතේ

Written by Prasad

කලා ලොවේ ඉහලින්ම ඉන්න පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නෙ. දියණියන් තිදෙනෙකුගෙන් සමන්විත පවුලේ දෙවනියා තමයි ශේෂාද්‍රි. ඇය පසුගිය අගෝස්තු මස 20 වන දින යුග දිවියට පිවිසුන බව බොහෝ දෙනෙක් දන්නා කරුණක්. ඉතින් ඇය විවාහ වුනේ ක්‍රිෂාන් මාලන් පෙරේරා සමගයි. ඔහු ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක්. මේ වන විට ඔවුන් ඉතාමත් සුන්දර විවාහ දිවියක් ගතකරනවා. ඉතින් ශේෂාද්‍රි පටන් ගත්ත මේ අලුත් ජීවිතය ගැන ඇය කියල තිබුනේ මෙන්න මේ විදියටයි.

අලුත් ජිවිතේට දැන් සති 6 වෙනවා.අලුත් ජීවිතේ හැමදේම අලුත්. ගෙදර ඉන්නවට වඩා හැමදේම සෑහෙන්න වෙනස්.උදේ නැගිටින වෙලාවෙ ඉදල රෑට නින්දට යන වෙලාව වෙනකන් හැමදේම වෙනස් වෙලා තියෙන්නෙ කොහොම වුණත් ඇය අලුත් ජීවිතයට තවම හැඩගැහෙමින් ඉන්න බවයි පවසන්නේ.මේ දිනවල පවතින ව’සංග’ත තත්වය නිසා ඔවුන්ට කොහෙවත් ඇවිදින්න යන්න නොලැබුණු එකට නම් දුක් වෙනවලු. නමුත් ඇය විවාහ වුනේ හොදම කාලෙ කියලයි ඇය නම් කියන්නේ. ඒ ඔවුන් දෙදෙනා ගැන ඔවුන්ට හොද අවබෝධයක් ලබා ගන්න මේ කාලෙදි හැකියාව ලැබෙන නිසා. කලින් ජීවිතේ සිදුවුණු ප්‍රශ්නත් එක්ක විවාහය ගැන ශේෂාද්‍රිට තිබිල තියෙන්නෙ වෙනම අදහසක්

දෙවියන් වහන්සේ’ගේ කැමත්තට අනුව හැමදෙයක්ම සිදුවන බවයි ඇගේ විශ්වාසය.ඇයට ක්‍රිෂාන්ව හමුවෙලා තියෙන්නෙ 2010 වසරේ දි.ශේෂාද්‍රි සහ ඇගේ අක්කා දිනක්ෂි කළ රූපවාහිනී වැඩසටහනකදි. ඉතින් එදා ඉදල ඔවුන් හොද යාලුවො කියලයි ඇය කියන්නේ. ඔවුන් පවුලෙ අයගෙ ආශිර්වාදය අරන් යුග දිවියට පිවිසිලා සුන්දර ජීවිතයක් ගතකරමිනුයි ඉන්නේ. ඇය කියන විදියට ගෙදරදී කරපු නැති ගොඩක් දේවල දැන් ඇයට අලුත් ජීවිතේදි කරන්න වෙලා තියනවලු. ඒත් ගෘගණියක් විදියට මෙන්ම ආදරණීය බිරිදක් විදියටත් වගකීම් දරමින් ඇය ඇගේ යුතුකම් ආසාවෙන් ඉටු කරනව කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය කියන්නේ අගෝස්තුවේ විවාහ වෙනවා කියලා තීරණ කළේ අවුරුද්දකට කළින්. ඒ තීරණය කො රෝනා නිසාවත් වෙනස් කරන්න ඔවුන්ට ඕන වුණේ නෑ. හිතපු විදියට ඔවුන් අගෝස්තුවේ විවාහ කියලයි .මමයි ක්‍රිෂානුයි කතෝලික. අපි දෙන්නටම ඕනෙ වුණේ කතෝලික සභාවෙ විවාහය ලියාපදිංචි කරන්න. මොකද ඒක කතෝලික අපිට හුඟක් වැදගත්. අපි හිතාගෙන හිටියේ 21 විවාහ වෙන්න. ඒත් අපිට එක දවසක් වෙනස් කරන්න වුණා. 21 වෙනුවට අපි 20 විවාහ වුණා කියල තමා ඇය කියන්නේ .

ඒ වගේම ඇයට පොඩි දුකකුත් තියනවලු ඒ තමා දිනක්ෂි ඒ වෙලාවේ නැති වුන එක ඉතින්ඇය කියන්නේ අක්කි ඉන්න තත්ත්වයත් එක්ක පවුලේ අය එකතු වෙන තැනකට වුණත් එන එක පරිස්සම් මදි. ඒ නිසා අක්කිට මගේ වෙඩින් එකට එන්න බැරි වුණා. ඒක කණගාටුවක් තමයි. ඒත් මේ වෙලාවෙ අපි හිතන්න ඕන අක්කි ඉන්න තත්ත්වය ගැන. එයයි ලැබෙන්න ඉන්න දරුවයි දෙන්නම පරිස්සමින් ඉන්න ඕනෑ.වෙඩින් එකෙන් පස්සෙ අක්කයි සාරංග අයියයි අපිව බලන්න ඇවිත් ගියා.ඒ වගේම තමා ඔවුන්ගේ විවාහයේ විශේෂම දේ වන්නේ ඔවුන් මධු සාමය ගත කරලා තියෙන්නෙත් ගෙදරමයි.

ඇය ඒ ගැන කියන්නේ මේ වගේ දෙයක්. අපි කොහෙවත් ගියේ නෑ.අපේ මධු සමයත් ගෙදරම තමයි ගතකලේ . විවාහ වෙලා ආවෙ අපි දෙන්නගෙ ගෙදරට. ක්‍රිෂාන් විවාහයට කළින් එයාගෙ මහ ගෙදර උඩ තට්ටුව අපි දෙන්නා වෙනුවෙන් හැදුවා. දැන් අපි පදිංචි රාගම.ෆ්‍රී ෂූට් එකක් කරන්න ඕනි කියලා අපි දෙන්නගේ ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නෑ. නමුත් . විවාහ වුණ දවසේ ෆොටෝස් ටිකක් නම් ගත්තා. වෙඩින් ෆොටෝ එකක් තියෙන්න ඕන නිසා.. ක්‍රිෂාන් මට උදව් කරනවා ගෙදර වැඩ කරගන්න. අපි දෙන්නා එකතු වෙලා ලස්සනට ජීවිතය ගෙවන්න පටන් ගත්තා ඉතිං මම හදන කෑම කන්නත් ක්‍රිෂාන් කැමතියි.ක්‍රිෂාන්ගෙන් මට හැමදේකටම සහයෝගය ලැබෙනවා.කියලයි ඇය කියා සිටියේ.

ඉතින් ශේෂාද්‍රි කියන්නේ ප්‍රියසාද් පවුලේ දෙවෙනි දියණිය සිංහල සිනමාව වගේම පුංචි තිරෙත් කාලයක් ඇය ආක්‍රමණය කරන්න සමත්වුණු කෙනෙක් ඒ වගේමයි නිවේදනය මේ වෙද්දී ඇය කරපු අවසන් නිවේදන වැඩසටහන විදියට කලේ හිරු සුපර් ඩාන්සර් වැඩසටහනයි එම වැඩ සටහන නිමාවුනේ ගිය සතියේයි කවීන්ග පෙරේරා සමගිනුයි ශේෂාද්‍රි එහි නිවේදන කටයුතු කලේ.ඉතින් ඇගේ අලුත් ජිවිතයට වගේම ඇගේ රංගන කටයුතු වැඩත් සාර්ථක කරගන්න හැකිවෙන්න කියා අපේ සුබපැතුම් එකතු කරනවා

About the author

Prasad

Leave a Comment