Article

අපි මධුසමය ගෙදර ගත කරාට මන් දැන් අම්ම කෙනෙක්. ජනප්‍රිය රංගන ශිල්පිනි ශේෂාද්‍රි ප්‍රියසාද්.

Written by Prasad

ශේෂාද්‍රි ප්‍රියසාද් නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.කළා පවුලකින් පැවත එන ඇයගේ පවුලේ සියලුම දෙනා රංගන ශේස්ත්රයට නෑ කම් කියන අයයි.පියා අද්‍යක්ෂකවරයෙක්.මව හා සහෝදරියන් දෙදෙනා වන ශනුද්‍රි ,දිනක්ෂි යන අයද ජනප්‍රිය නිලියන් වනවා.ඔවුන් නිවේදන හා නිරූපන ශේස්ත්‍ර වලද නියැලෙනවා. සූම් චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ පසුව නම් අපිට ඇයව වැඩිය දකින්න ලැබුනේ නෑ.ශේෂාද්‍රි ප්‍රියසාද් වැඩිපුරම දකින්න ලැබුණේ සිනමාවෙන්. එහෙත් ඇය සිනමාවෙනුත් නිහඬ වුණු කාලයක් තිබුණා.දැන්නම් කිසිම ශේෂ්ත්රයක අපිට ඇයව දකින්න නම් ලැබෙනේ නැහැ.ඉතින් පසුගිය අගෝස්තු මස 20 වැනිදා ඇය කණ්ඩායම් සංගීතයේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන ඩොක්ටර් සංගීත කණ්ඩායමේ සාමාජිකයෙක් වන ක්‍රිෂාන් මාලන් පෙරේරා සමඟ යුග දිවියට පිවිසුන බව දැන්නම් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ.

ඉතින් මේ හා හා පුරා කියලා පටන්ගත්ත අලුත් ජීවිතේ ගැන ඇය පහුගිය දවසක පුවත්පතක් එක්ක කතා බහ කරලා තිබුනා දැන්නම් ඉතින් මාස ගණනක් ගෙවිලා ගිහින්නේ ඒ ගැන දැන්නම් අලුත් විස්තරයක් කියන්න ඕනේ නැනේ ඔබ හැමෝම ඒ ගැන දන්නවනේ.ඉතින් පළමු විවාහය ජයටම ගත ඇය ඉතාම කෙටිකාලයකදී එම විවාහයට තිත තබනවා.ඉන් කාලෙකට පසුව තමයි ක්‍රිෂාන් සමග ඇය විවහා වෙන්නේ.මේ වෙද්දී ඉතාම සාර්ථක විදියට එම පවුල් ජිවිතේ ඔවුන් ගත කරනවා. ඒ වගේම ඇය දැන් පුංචි දියණියකගේ ආදරණිය මවක් ඒ වගේමයි කියන්න ඕනේ මේ පුංචි දියණියගේ නම තමයි ක්‍රිෂාර්යා පෙරේරා

ඉතින් උතුම් මව් පදවිය ලැබූ ඇයට හදා පියපදවිය ලැබූ ඇගේ සැමියාට අපිත් හදවතින්ම අපේ ආදරණිය සුබපැතුම් එකතු කරනවා.ඒ වගේමයි දියණිය ඉපදී දින දෙකක් වගේ කලෙකදී ඔවුන් දෙදෙනා දියණියට නමක් තබන්නත් අමතක කලේ නැහැ.සමහරු මාස ගණන් ගිහින් ලෝකෙට විවිද දේවල් පෙන්නමින් කරමින් තමන්වම රටට විහිළුවක් කරගන්න අවස්ථා පසුගිය දවස් වල අපට දැකගන්නත් ලැබුනා.ඉතින් මව් පදවිය ලැබු ශේෂාද්‍රි ඒ ගැන අපිට කියුවේ මේ විදිහටයි. දිනක්ෂි අක්කගේ දුව ලැබිල ගෙදර ගෙනාවට පස්සේ මමත් එයාව වැදගෙන හුරතල් කරද්දී මටත් මෙහෙම චුටි බබෙක් හිටියානම් කියලා හිතිලා තියනවා.

එහෙම ඉඳලා ටික කාලෙකට පස්සේ මමත් මවක් වෙන්න වාසනාවන්ත වුනා. එකනම් ඉතින් ජිවිතේ ලැබෙන වෙනස්ම විදිහේ අත්දැකීමක්.වචනෙන් කියන්නේ තේරෙන්නේ නෑ, අපේ අම්මා ළමයි තුන්දෙනෙක් හදන්න කොච්චර මහන්සියක් වෙන්න ඇත්ද කියලා හිතෙන්නේ දැනුයි.අපි හැමදේම චාම් විදිහට කරන්නේ මොකද මමත් ක්‍රිශානුත් හිතන්නේ එකම විදිහට අපි වෙඩින් එක උනත් මහ ලොකුවට කරේ නෑ. වෙන දෙයක් තියා අපි මධු සාමය ගත කරෙත් ගෙදර. ඉතින් එහෙම හැමදේම සාමාන්‍ය විදිහට කර වගේම මන් දැන් අම්මා කෙනෙකුත් වුනා.

About the author

Prasad

Leave a Comment