Article

අපි මනසින් ගොඩක් උසස් මම ගයාන්ට වෛර කරන්නේ නැහැ ගයාන් මම ආයේ එකතුවෙන්නේ නැහැ කාවින්ද්‍යා අධිකාරි

Written by Prasad

අතුල සමිතා යුවලගේ දුව, එහෙමත් නැත්නම් කාවින්ද්‍යා අධිකාරි කිව්වම අපි කවුරුත් ඇයව හඳුනනවා. ගායන ශිල්පිනියක් වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසද ලෙසද කටයුතු කර තිබෙනවා. හැම දේටම වඩා සමාජයෙන් එල්ල වෙන බොහෝ අපහාස උපහාස උපේක්ෂාවෙන් නොසෙල්වී දරාගත් ධෛර්යවන්ත තරුණියක් විදියට හඳුන්වන්න පුලුවන්.ඉතින් ඇය ඇයගැන කිවුවේ මෙන්න මෙහෙම කතාවක්.මම ගැන කියනවා නම් මම හරිම සාමාන්‍ය ගැහැනු ළමයෙක්. සමහර අය කියනවා ඉතින් මම මගේ අම්මා තාත්තාගේ දුව වෙලා ඉපදුනේ අවාසනාවකට කියලා. ඒ අය මොන පදනමක ඉඳලා ඒ ගැන කියනවාද මම දන්නේ නැහැ. මම නම් ජනප්‍රිය අම්මිගෙ තාත්තිගෙ දරුවෙක් වෙලා ඉපදීම ගැන සතුටු වෙනවා. මොකද එහෙම වෙන්න හැමෝටම බැහැ ඒකට වාසනාව තියෙන්න ඕනේ.

සමාජ කියපු දේවල් ගොඩක් මම අහගෙන හිටියා. දරා ගැනීම කියන දේ මුලදී මට තිබුණේ නැහැ. දරා ගැනීම මම උපරිමයෙන් පුරුදු වුණේ වුණේ 2010 අවුරුද්දේදී. මට අවුරුදු දාහතරෙන් තාත්තා මාව දාලා ගියපු දවසේ. කාලි සමාජය මිනිස්සු කියපු කරපු දේවල් එක්ක මම ගොඩක් කළකිරුණා. අපිව විවේචනය කරපු විදිහට කලකිරුනා. ඒත් ටික ටික ලොකු වෙද්දි සමාජ ජාලා ඇසුරු කරද්දී මේක ප්‍රසිද්ධ අයට සාමාන්‍ය දෙයක් කියල මම තේරුම් ගත්තා. ඒවත් එක්ක මම මගේ හිත ටික ටික හයිය කර ගත්තා. සමහර වෙලාවට මම හිතනවා එයාලා අපේ නිර්මාණ රස විඳින නිසානෙ අපි සල්ලි හම්බ කරගන්නේ. ඒ වගේ අපේ දේවල් හොයන්න එයාලට අයිතියක් තියෙනවා කියලා. එහෙම හිතල මම හිත හදා ගන්නවා.

මගේ අම්මා ගැන කිව්වොත් සමාජය මගේ අම්මා ගැන කියන දේවල් මට අදාළ නැහැ. එයා තරම් අපි වෙනුවෙන් කැප කිරීම් කරපු කෙනෙක් තවත් මේ ලෝකේ නැහැ. එයා උපරිමයටත් එහාට අපි වෙනුවෙන් කැපකිරීම් කරා. මොනම වෙලාවකවත් මල්ලිවයි මාවයි දාලා ගියේ නැහැ අදටත් එයා එයත් එක්කම අපිව තියාගෙන ඉන්නවා. මම හැමදේම තීරණය කලේ අපිට කියලා එයාගේ විවාහය වුනත් සිද්ධ වුණේ එහෙම. ඉතින් ඉන්න ඕනෑ කෙනෙකුට අයිතිය තියෙනවා. සර්ව සම්පූර්ණ මිනිස්සු මේ ලෝකේ හොයන්න නෑ. ඒ හින්ද සරලවම කියනවනම් මට මගේ අම්මා දෙවිකෙනෙක්.

සමහර ගෲප්, පේජ්, වෙබ් සයිට්ස්, කියපු නැති දේවල්, අපි නොකරපු දේවල්, කරපු කියපු විදිහට දානවා. ඒ දේවල් දැකලා මම දුක් වෙච්ච කාලයක් තිබුණා. නමුත් දැන් නම් මෙහෙම වෙන්නේ නෑ. හැමදේම උපේක්ෂාවෙන් දරා ගන්න මම පුරුදු වෙලා ඉන්නවා. සමහර වෙලාවට පිරිමින්ට වඩා ගැහැණු අයම තමයි තවත් ගැහැණියකට අපහස කරන්නේ කියලා මම දැකලා තියෙනවා. ඒක මන්ද මානසික තත්ත්වයක්. ගෙදර ඉඳන් වැඩක් නැතුව කතා කරන්න කෙනෙක් නැතුව ඉන්න සමහර ගෘහණියක් ෆේස්බුක් එකේ තමයි එල්ලිලා ඉන්නේ. එයාලගේ අනිත් වැඩේ තමයි මේ විදිහට තව කෙනෙක්ගෙ කුණු හොය හොය ඒකට අපහාස කරන එක. ඒත් කිසිම දේකට කලබල වෙලා උත්තර හොයන්න බෑ. හොඳම දේ තමයි කිසිම බැනුමක් බාර නොගෙන ප්‍රතික්ෂේප කරලා හිතේ සැනසීමෙන් ඉන්න එක.

හිතට සතුටක් ආවම අම්මා එක්ක බෙදා ගත්‍තට, ලොකු දුකක් ආවහම මම ඒක තනියම දරාගන්නේ අම්මට කීවම එයා තවත් මම ගැන හිතලා දුක් වෙන නිසයි.. මම මේ වෙනකොට ආදරවන්තියක් නෙවෙයි.ගොඩක් අය හිතුවා මගේ ගයාන් ගුණවර්ධනගේ ප්‍රේම සම්බන්ධය ආයෙම පටන් ගනියි කියලා. නමුත් ඒක අය වෙන්නේ නැති දෙයක්. කවදාවත් වෛරයකින් මෙන් වුණේ නැහැ. සමහර මගදී නවත්තපු ආදර කතා වල පෙම්වතුන් පෙම්වතියන් හැසිරෙන විදිය දැක්කහම අපි මනසින් ගොඩක් උසස් කියලා අපිට හිතෙනවා. අපි යාලුවෝ අදත් අපි යාළුවෝ එච්චරයි. ඉදිරි කලා කටයුතු ගැන කිව්වොත් රඟපෑම් කටයුතු නම් කිසිම දෙයක් කළේ නැහැ. අලුත් ගීත කිහිපයක් වොයිස් කරමින් යනවා. මේ වැඩත් එක්ක ඉදිරි කටයුතු සාර්ථකව කරගන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

About the author

Prasad

Leave a Comment