Article

අපි විවහා වෙනවා ඒක මගේත් සංගීත්ගේත් අවසන් විවාහය වෙයි.දිනිති සංගීත් ආදර කතාව එලියට.

Written by Prasad

අපි විවාහ වෙනවා ඒක මගෙත් සංගීත්ගේත් අවසන් විවාහය වෙයි.දිනිති සංගීත් ආදර කතාව එලියට.නම කියූ සැණින් ම අද වෙනකොට ගොඩක් අය ඇයව හඳුනනවා. වෘත්තියෙන් රංගන ශිල්පිනියක් නොවුනත් අය රංගනය හරහා බොහෝ වෙලාවට ප්‍රේක්ෂකයන් හමුවට එනවා. වෘත්තියෙන් ගුවන් සේවිකාවක් වන ඇය රංගන කටයුතු සහ තමන්ගේ රැකියා කටයුතුත් එක්ක ගොඩක් කාර්ය බහුල ජීවිතයක් තමයි ගෙවනවා කියන්නේ. ඉතින් අපි අද කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ දිනිති වල්ගමගේ පිළිබඳව. මේ දවස්වල ජීවිතය සහ කරන නිර්මාණ කටයුතු ගැන අපිට පොඩ්ඩක් කතා කරමු.ටෙලි නාට්‍ය කිහිපයක් හා සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ නිසා රැකියාවේ කටයුතු සහ ටෙලිනාට්‍ය කටයුතුත් එක්ක මම කාර්යබහුල ජීවිතයක් තමයි ගෙවන්නෙ.රැල්ල වෙරලට ආදරෙයි කියන ටෙලි නාට්‍යට මේ දවස්වල සම්බන්ධ වෙලා ඉන්නවා.

රැකියාව සහ මේ කටයුතු සියල්ල ම ඔබ සමබරව කරගෙන යන්නේ කොහොමද?” හිත ඇත්නම් පත කුඩා ද කියලා කියල කතාවක් තියෙනවනේ. ඒ නිසා ඕනෑම දෙයක් තමන් ආසාවෙන් කරනවා නම් සමබරව කරගෙන යන්න පුළුවන්.”රංගනයට පිවිසෙන්න අවස්ථාව ලබා ගන්නේ කොහොමද?” අඩිතාලම වැටුණේ මගේ තාත්තාගේ අනුදැනුම ඇතිව. මගේ තාත්තා නාට්‍ය හා රංග කලාව පිළිබඳ ආචාර්යවරයෙක්. මම රාජ්‍ය ළමා නාට්‍ය උළෙල යෙදී සම්මානනීය නිළියක් විදිහට සම්මාන ලබලා තියෙනවා. වේදිකා නාට්‍යයකින් තමයි මම රංගනයට පිවිසුණේ. තාත්තගෙන් තමයි මං ඒ පන්නරය ලබන්නේ. ජනප්‍රිය නිළියක් වෙන්න මගේ කවදාවත් ආසාවක් තිබුනෙ නෑහෑ. මොකද ප්‍රසිද්ධිය නිසා නිදහස නැති වෙයි කියලා මට හිතුනා. මොකද මම ක්ෂේත්රයේ වෙන දේවල් දන්න් නිසා. චාමර සමරවික්‍රම අයියා බලෙන් වගේ තමයි මාව හාර කෝටිය ට සම්බන්ධ කරගත්තේ.

මේ දවස්වල හැමෝම වගේ දිනිති ගැන කතා වෙන්නේ ලංකාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ නිසා එහෙම කියන්න ප්‍රධානම හේතුව තමයි දිනිති ඉන්න හැම තැනකම සංගීත් ඉන්නවා, සංගීත් ඉන්න හැම තැනකම දිනිති ඉන්නවා, ඉතින් අපි හිතුවා සංගීත් එක්ක ටිකක් කතා කරලා විස්තර දැනගන්න,අපි දෙන්නා ගොඩක් හොඳ යාළුවො, දිනිතියි මමයි පුදුම විදියට ලංවෙලා ඉන්නේ, ඒ වගේම තමයි මගේ අම්මයි තාත්තයි දිනිතිට ගොඩක් ආදරෙයි, මටත් එයා නැතුව ඉන්නම බැරි තත්වෙට පත්වෙලා, මම නැතුව එයාටත් බෑ, හැබැයි අපි දෙන්නා ආදරෙයි කියලා තාම කියලා නෑ, හැබැයි දකින අයට අපි කපල් එකක් වගේ පේනවා ඇති.

දිනිති තමයි ඔයාට ගැලපෙනම කෙනා කියලද ඔයා හිතන්නේ, ”මෙහෙමයි අපි දෙන්නට පොඩ්ඩක්වත් ඈත්වෙලා ඉන්න බෑ, අපේ අදහස් ගොඩක් ගැලපෙනවා, කොච්චර බිසී උනත් පොඩි චාන්ස් එකක් ලැබුන ගමන් අපි මීට් වෙනවා, ඇත්තම කියනවනම් අපි මීට් වෙන්නේ නැති දවසක් නැති තරම්, අපි දෙන්නා ගොඩක් ලඟින් සතුටෙන් ජීවිතේ ගෙවනවා, ඉදිරියේදී අපි විවාහ වෙන්නත් පුළුවන් හැබැයි එහෙම වුනොත් ඒක මගේ අවසන් විවාහය වෙන්න පුළුවන්, මොකද මම එච්චරටම එයාට ආදරෙයි”කියලයි දිනිති අවසානයේ පැවසුවේ.

About the author

Prasad

Leave a Comment