Article

අපේ අප්පච්චි තාම කතා කරන්නේ නැහැ ඔහු නැගිටිනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා. මාධවී ඇන්තනි.

Written by Prasad

පසුගිය දිනෙක අනතුරකට ලක්වුණු ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී ජාතික රෝහලේ දැඩි සත්කාරයේ මේ වන විටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඔහුගේ තත්ත්වය පෙර පරිදිම බවත්, තවමත් මැෂින් ආධාරයෙන් ඔහු සිටින බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා. මේ අතර, ජැක්සන් වෙනුවෙන්, ජැක්සන්ට ඉක්මණ් සුව පතා පසු ගිය දිනක කලාකරුවන් බොහෝ දෙනෙක් සිය නිවෙස්වල පහන්සිළු දැල්වූවා. ගොඩක් දෙනෙක් මේ අනතුර සිද්ධ වුණු දවසේ පටන් ඔහුට සුවය පතා බෝධි පූජා ඒ වගේම පල්ලි පන්සල් සියලුම ආගමික ස්ථානවල විවිධ ආකාරය පුද පූජාවන් පවත්වන්න පටන් ගත්තා. ඒ සඳහා රූපවාහිනිය මාධ්‍ය ආයතන පවා තමන්ගේ හැකි උපරිම දායකත්වය ලබා දෙන්න අමතක කළේ නැහැ

එමෙන්ම, ජැක්සන් ගැන මතක ආවර්ජනයක යෙදෙමින්, ප්‍රවීණ නිළි යශෝධා විමලධර්ම සංවේදී සටහනක් මුහුණු පොතේ පළ කර තිබුණා. ආදරණීය ජැක්සන් අයියේ, මගේ කලා ජීවිතයේ වසර 36 ක් පුරා ඔබ හා රඟන්නට ඔබ ඇසුරේ ගුරැහරැකම් ලබන්නට තරම් මා පින්වන්තියක උනා. සංසාරය පුරා මා කළ පින් ,මගේ දෙමව්පියන් කළ පින් ,මේ ඇවැසිම නිමේෂයේදී ඔබට ලැබේවා.විශ්ව ශක්තියේ නාමයෙන් සොබාදහමේ මහිමයෙන් තෙරුවන් සරණින් ඔබ ඉක්මනින් සුවපත් වේවා. ඔබ සිංහයෙකු සේ නැවත ඔබේ ප්‍රේක්ෂකාගාරය වෙත පැමිණෙන බව මම දැඩි ලෙස විශ්වාස කරමි.කියලයි එහි සටහන් කර තිබුනේ. ඒ වගේම ඇන්තනි පවුලේ සියලු දෙනාම මේ වන විට ඉතා ශෝක ජනක කාල වකවානුවක් තමයි ගෙවන්නේ. ඉතින් මේ ගැන ඔහුගේ පවුලේ වැඩිමල් දියණිය මාධවී ඇන්තනි කියන්නේ මේ වගේ දෙයක්.

අගෝස්තු 2 රෑ තමයි මේ අනතුර සිද්ධ වුණේ. එදා ඉඳන් ඉදන් මේ දක්වාම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය තමයි අප්පච්චි ප්‍රතිකාර ලබන්නේ. ඉතින් හැමෝම දන්න දෙයක් තමයි මේ වගේ අනතුරක් උනහම තත්ත්වය කියන එක එක රැයින් එක තත්පරෙන් වෙනස් වෙනවා කියන දේ.මේ වගේ සිදුවීමක දී මුලින් වෙච්ච දේට විතරක් නෙවෙයි ඊටත් පස්සෙ සිද්ධවෙන දේවල් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒ වගේ තත්වෙක තමයි මගේ අප්පච්චිත් ගත කරන්නේ. සියලුම වෛද්‍යවරු සියලුම හෙදියන් බොහොම උත්සාහයක් ගන්නවා අප්පච්චිගේ තත්වය සුව අතට හරවන්න. හැමදේම ඔවුන් කරනවා. සුව අතට හැරෙමින් පවතිනවා නමුත් සම්පූර්ණයෙන් සුවයි කියන්න බැහැ. අප්පච්චි කතා කරන්නේ නැහැ ප්‍රතිචාර දක්වන්නෙ නැහැ තවම. ඔහු නිදාගෙන ඉන්නේ ඔහු නැගිටිනකන් අපි හැමෝම බලාගෙන ඉන්නවා.” කියලයි ඇය පවසන්නේ ඉතින් අපි ඔහුට ඉක්මන් සුවය ලැබේවා කියල හදවතින්ම ආශීර්වාද කරනවා.

About the author

Prasad

Leave a Comment