Article

අපේ අම්මා මට බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා කියනවා. කේ සුජීවාගේ දියණිය අංජලි.

Written by Prasad

K සුජීවා කියන්නේ වර්තමානයේ වැඩි වශයෙන්ම කතාබහට ලක්වන ආදරණීය ගායන ශිල්පිනියක්. ඇයට කවුරුත් ආදරය කරන්නේ ඇයගේ තිබෙන අව්‍යාජ ගති පැවතුම් නිසාමයි. ප්‍රසංග වේදිකාව තුළ නැතිවම බැරි චරිතයක් වන සුජීවා මෑතකදී ඇගේ අලුත්ම ගීතය නිකුත් කරනු ලැබුවා. ඒ සඳහා ඇයට ලැබුනේ ඇයවත් නොසිතූ තරම් ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාරයක්.
එම ගීතයේ විශේෂත්වයක් වන්නේ එහි සංගීත අධ්‍යක්ෂණය සිදුකර තිබෙන්නේ ඇයගේආදරණීය පොඩි දුව වන රෝස් විසින්. ඉතින් කවුරුත් දන්නවනේ සුජීවා කියන්නේ විවාහයන් දෙකක් කරගත් කාන්තාවක්. පළමු විවාහයේ දී ඇති වූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් හේතුවෙන් එම විවාහය දෙදරා යන අතර දෙවන වරට ඇය විවාහ වන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය ගායන ශිල්පියෙක් වන අජිත් මුතුකුමාරණ සමඟයි.

ඔවුන් දෙදෙනා ඉතාමත්ම සතුටින් කාලය ගත කළත් ඉතා අවාසනාවන්ත ලෙස එම විවාහයට සමුදීම ටත් සුජීවාට සිදුවුණා. මේ වන විට දියණියන් දෙදෙනා සමග තනිකඩ දිවියක් ගත කරමින් සිටින සුජීවා පසුගිය දිනක දී එක් වූ එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන් තිදෙනාගේ නවතම තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදිහට. ‘ඇත්තට්ම මම දැන් වගකීම් සහගත මවක්. මට මගේ දරුවො දෙන්නා කවදාවත් බරක් නෙවෙයි. මම ඒ දෙන්නගේ හැම වගකීමක් ඉෂ්ට කරන්නේ හරිම සතුටින්. මම ඇදුමක් ගත්තත් ගන්නේ දෙන්නටම අඳින්න පුළුවන් ඇදුමක්. මම මගේ දරුවෝ දෙන්නත් එක්ක සතුටින් ජීවත් වෙනවා. අම්මා කෙනෙක් වුනත් තාත්තා කෙනෙකුගේ යුතුකම් වගකිම් මගෙන් ඉෂ්ට වෙනවා. මගේ ජීවිතය තුළ මම කාටවත් චෝදනා කරන කෙනෙක් නෙවෙයි. හැබැයි මම මගේ ජීවිතයට සිද්ද වුණ දේවල් කිව්වා.

මම කවදාවත් මම ආදරයෙන් සලකපු එක වේලක් හරි කන්න දීපු මගේ ජීවිතේ දුක සතුට බෙදාගන්න ළඟින් හිටපු කෙනෙක්ට පහර දෙන්න තරම් පහත් තත්ත්වයකට වැටිලා නෑ.මගේ පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍යයක් තුළ කියාපාන්න මට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසාම කවුරු මොන ප්‍රශ්න ඇහුවත් මම උත්තර දෙන්න බැඳිලා නැහැ. මගේ දරුවන් දෙදෙනාම හෝ එක් අයෙක් තවත් කාන්තාවකටම ආදරය කළොත් මම මොනවත් කරන්නේ නෑ, මොකද ඒක එයාලගේ තේරීම.එයාලා එතන ඉන්නේ සතුටින් නම්, මේ අම්මා එතන ඉන්නවා, මම නිතරම හොයන්නේ මගේ ළමයි දෙන්නා මම වගේම බලාගන්න කෙනෙක්. මොකද එයාලගේ සතුට තමයි මගේ සතුට’ ඉතින් අම්මගේ හැකියාව ඒ විදියටම ලැබිලා තියෙන අංජලී සහ රෝස් කියන්නේත් දක්ෂ ගායිකාවන්. ඒ බව අපි සමාජ මාධ්‍ය තුළ නිතරම දකිනවා.

ඉතින් අංජලී කියන්නේ හරිම නිරහංකාර චරිතයක් ඒ වගේම අම්මට ලොකු හයියක් වන දියණියක් කිවහොත් නිවැරදි ඉතින් ඇය අම්ම ගැන කියන්නේ මේ විදිහටයි. අම්ම ගැන කියනාවනම් අපේ ලෝකෙම අම්ම මට කිසිමදෙකට එපා කියන්නෙත් නෑ. එත් එය කියන්නේ ජිවිතේ ගැන හොදට තේරුම් ගන්න කියලා. අපේ අම්මා මට බදින්න කියන්නෙ නෑ. අම්මා කියන්නේ බදින්න එපා ළමයි හදන්නත් එපා කියලා. ඉතින් අම්මා දැක්කම මටත් හිතෙනවා පාඩුවේ ඉන්න ඕන කියලයි. ගොඩක් ගෑණු ළමයින්ට හීනයක් තියෙනවනේ. ඒත් මට පොඩි කාලේ ඉදලා තව වෙනකම් කිසිම හීනයක් තියා පොඩ්ඩක්වත් හිතිලා නෑ. මට බදින්න ආසාවක් නෑ. මොකද බදින කෙනා හරිම කෙනා කියලා දැන ගන්න බෑනේ. බැදලා ඉවර වෙලා හරි ජෙනා නෙමෙයි කියලා දැනුනොත් මම මොකද කරන්නේ. ඊට වඩා හොදයි කියලා හිතෙනවා බදින්නැතුව ඉන්න කියලා.තමයි ඇය පැවසුවේ.

About the author

Prasad

Leave a Comment