Article

අමල් අදටත් මගේ නිත්‍යානුකුල සැමියා අදටත් මට වියදම් කරන්නේ අමල් අමල් පෙරේරාගේ පළමු බිරිඳ කියූ දේ

Written by Prasad

අමල් කියන්නේ අදටත් මගේ නීත්‍යානූකූල සැමියා.” අමල් පෙරේරාගේ බිරිඳ නදීශා සජානි කියන කතාව.”නදීෂා සජානි” නම කිව්ව පමණින් නම් එකපාරටම මතකයට එන චරිතයක් නෙවෙයි ඇය. ඒත් නදීමාල් පෙරේරගේ අම්මා එහෙම නැත්තම් අමල් පෙරේරගේ කලින් බිරිඳ කිව්වොත් නම් හැමෝම දන්නවා. මේ සුන්දර කතාබහ අද ඇය සමඟයි. සංගීතයට උරුමකම් කියන පවුලක් වගේම නදීමාල් කියන්නේ යොවුන් පරපුරේ ජනප්‍රිය ගායකයෙක් වන හින්දා අපි මුලින්ම නදීමාල් ගැන ඇයගෙන් අහන්න හිතුවා.”

නදීමාල් ඉපදෙද්දී මම එයා දුවෙක්ද පුතෙක්ද කියලා බැලුවේ නැහැ. ඉපදුනාට පස්සේ තමයි මම එයා පුතෙක් කියලා දැක්කේ. ඒහෙම දක්කට පස්සේ ඉතිං ගොඩක් සතුටු හිතුනා. එයා ඇත්තටම ගොඩක් අහිංසක ළමයෙක්. පොඩි කාලේ නම් නදීමාල් සින්දු කිව්වේ නැහැ. මුලින්ම සිංදුවක් කීවෙ නවය වසරෙදි තරඟයකට. ඊට පස්සේ අමල් පෙරේරගේ තාත්තා මර්වින් පෙරේරා එයාට පාසලේදි කියන්න සිංදු නිර්මාණය කරල දුන්නා. ඒත් පුතා ප්‍රසිද්ධ වුණේ ප්‍රසිද්ධ කලාකාරයොත් එක්ක සින්දු කිව්වට පස්සේ.”

අමලුත් ඔබත් දික්කසාද වෙලා කියලා රාවයක් ගියා නේද ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?’අමල්ට ජීවිතයේ ගොඩාක් තැන් වැරදුනා. මොනව උනත් අදටත් අමල් කියන්නේ මගේ නීත්‍යානුකූල සැමියා. මොකද එයයි මමයි අදටත් නීතියෙන් වෙන් වෙලා නැහැ. සමාජ මාධ්‍ය වලින් නම් ඉතින් මොන තරම් දේවල් කියනවද. ඒත් ප්‍රසිද්ධ පවුල් ගැන විවේචනය එල්ල වෙනවා කොහොමත් වැඩියිනේ. ඒ නිසා තමයි වැඩිපුර කතාබහට ලක්වෙන්නේ. නැතිනම් ඉතින් පොඩි පොඩි ප්‍රශ්න හැම තැනම ගෙවල්වල තියෙනවානේ. කවුරු මොනවා කිව්වත් අමල් කවුද මම කවුද කියන්න අපේ පවුලේ අය දන්නවා. ඒ හින්දා අනිත් මිනිස්සු කියන දේවල් මං ඒ තරම් තකන්නේ නැහැ.”

අමල් කියන චරිතය ඔබ දකින්නේ කොහොමද කොහොම ද ඔහු ගැන මොනවද කියන්න තියෙන්නේ “මිනිස්සු අතින් වැරදි අඩුපාඩු වෙනවා තමයි. නමුත් මං කියන්නේ ආදරණීය චරිතයක් කොච්චර කාර්යබහුල වුණත් තමන්ගේ දුවයි පුතයි වෙනුවෙන් කාලය වෙන් කරන තාත්තා කෙනෙක්. වගේම එයා අද වෙනකම් දරුවෝ දෙන්නට අතක් උස්සපු නැති තාත්තා කෙනෙක්. 1993 දී තමයි අමල් මම එක විවාහ වෙන්නේ. ජොබ් එකක් නොකරන නිසා අපි හැමෝගෙම වියදම් දරන්නේ තවමත් අමල් තමයි. ඉතින් හැමදේම අපේ සහයට ඉන්නවා. නදීමාල්ට උනත් අපි එයාගෙ නිදහස දීලා තියෙනවා. දුව නම් තවම ඉගෙන ගන්නවා. අමලුයි මමයි දෙන්නම දරුවො වෙනුවෙන් කැප වෙලා කැපවෙලා වැඩ කරනවා. “එහෙම තමයි නදීමාල්ගේ ආදරණීය මව නදීෂා සජානි අපි සමඟ අදහස් දැක්වූවේ.

About the author

Prasad

Leave a Comment