Article

ඇඳුම් ඇඳලා පෙන්නලා තමයි මම ඇඳුම් ගන්නේ ගන්න ඇදුම තෝරන්නේ එයා නදුනි කියන දේ

Written by Prasad

දෙවෙනි ඉනිමෙන් බොහෝ රසික පිරිසක් දිනාගෙන ‘පාවෙලා වලාකුළේ’ එවිදෝ අම්මා ටෙලි නාට්‍යයෙන් රසික අවධානයට පාත්‍ර වූ නදුනි මේ දිනවල ‘ඉස්කොලේ’ ටෙලි නාට්‍යයේ පාසල් ගුරුවරියක ලෙස කාගේත් හොඳ හිත දිනාගත් යොවුන් පරපුරේ කලාකාරිනියක්. මේ දිනවල ඇය ‘දියණි’ ටෙලි නාට්‍යයෙන් ඔබේ ආලින්දයට පැමිණෙනවා.ඉතින් නදුනි කරුණාතිලක ඇය ගැන අලුත්ම තොරතුරු කිවුවේ මෙන්න මේ විදියටයි.

ඇත්තටම නදුනි ඔබත් රංගනයට එන්නෙ අවුරුදු කුමරියක් වෙලාද.නැත්තන් ඔබේම කැපවීමේ ප්‍රතිපලයක් විදියටද.නැහැ. මගේ මුල්ම බලාපොරොත්තුව තිබුණෙ ගුවන් සේවිකාවක් වෙන්නයි. මම ඉගෙන ගත්තෙත් ගුවන් සේවිකාවක් වෙන්න හිතාගෙන. ඒත් අතරමගදි දෛවය මාව කලාව වෙත යොමුකළා.අද හැමෝම වගේ කියන්නේ ගුවන් සේවිකාවක් වෙන්න ඕනේ කියලා කලාවේ ඉන්න අය කලාවට එන අය ඔබත් කියන්නේ ඒ කතාවමද.නැහැ ඇත්තටම මගේ හීනෙ උනේ ගුවන් සේවයට යන්න ඒ උනාට දැන් එක වෙනස් වෙලා මම රංගන ශිල්පිනියක් වෙලා.

ඔබ දිනුෂගේ පෙම්වතිය වෙන්නේ කලාවට ආවට පස්සෙද දිනුෂව හමුවෙන්නේ කොහොමද ඔබට .අපි දෙන්නම කලාවට සම්බන්ධ වෙන්න පෙරයි හමුවුණේ. ගායනා තරගයකට ඉදිරිපත් වෙලා ඒකට සූදානම් වෙන්න වොයිස් ට්‍රේනින් පන්තියකට ගිය අවස්ථාවකදී තමයි අපි දෙන්නා හමුවුණේ. එතැනදි තමයි අපේ ආදරේ පටන් ගත්​තේ. අවුරුදු හතරක ප්‍රේම සම්බන්ධයක ප්‍රතිඵලයක් විදිහට තමයි 2019 අවුරුද්දේ විවාහ වුණේ. දැන් අපි දෙන්නා ආදරෙන් ජිවත් වෙනවා එයත් කලාවේ කෙනෙක් නිසා අපි අතරේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ,

ඉතින් නදුනි ඔබට ආදරේ නිසා දෙමව්පියන්ගෙන් බාදා ආවේ නැද්ද දිනුෂව විවහා කරගන එපා වගේ දේවල්.අපේ ආදරයට කාගෙන්වත් බාධා ආවෙ නැහැ. හැබැයි ආදරය පටන් අරන් අවුරුදු 2ක් විතර ගෙවල්වලට රහසින් ප්‍රේම සම්බන්ධය පවත්වගෙන ගියා. ඊට පස්සෙ අපි ගෙවල්වලට කිව්වම අපි දෙන්නගෙම ගෙවල්වලින් කැමැත්ත ලැබුණා.ඒ ගැනනම් හරිම සතුටක් මටනම් තියෙන්නේ ඒ වසර දෙකත් හොරෙන් ආදරේ කලේ අපරාදේ කියලයි හිතෙන්නේ ඒ තරමට අපිට ආශීර්වාද ලැබුනා.අපි දෙන්නගේම ගම නුවර. විවාහ වුණාට පස්සෙත් කාලයක් යනකම් පදිංචි වෙලා හිටියේ නුවරම තමයි. ‘දෙවෙනි ඉනිම, පාවෙලා වලාකුළේ’ ටෙලි නාට්‍යවල වැඩ කරද්දිත් අපි නුවර ඉඳලාම ෂූටින්වලට ආවා. අපේ පහසුව ගැන හිතලා දැන් අපි බොරලැස්ගමුවේ පදිංචි වෙලා ඉන්නවා.

ගෘහණියක් විදිහට ගෙදර වැඩ කරන්න, උයන පිහන දේවල් කරන්න මම ගොඩක් කැමතියි. අපි දෙන්නට විවේකයක් ලැබෙන හැම වෙලාවෙම මම ගෙදර කෑම හදනවා. අපි දෙන්නා ගොඩක්ම කැමති ගෙදරට වෙලා නිදහසේ ඉන්නයි.ඒ උනාට දැන් එහෙම බැනේ එයයි මමයි දැන් දෙන්නම වැඩ නිසා ගෙදර ඉන්න වෙලාව අඩුයි දැන්.ඒ නිසා කෑමක් හදාගන්නවත් වෙලාවක් නෑ දැන්.පාවෙලා වලාකුළේ’ ටෙලි නාට්‍යයේ මම දිනූෂගේ පෙම්වතිය විදිහට රඟපෑවා. ඊට පස්සෙ නම් අපි පෙම්වතුන් ලෙස රඟපෑවේ නැහැ. දෙන්නටම එකම ටෙලි නාට්‍යයට දායක වෙන්න ලැබුණත් පෙම්වතුන්ගේ චරිතය නම් දෙන්නටම ලැබෙන්නේ නැහැ. ඒත් මම කැමතියි අපි දෙන්නටම එකම නිර්මාණයක රඟපාන්න ලැබෙනවට. එතකොට අපි දෙන්නටම එකට ගත කරන්න අවස්ථාව ලැබෙන නිසා නැත්තන් අපි දෙන්න වෙන් වෙලා ඉන්න කාලය වැඩි වෙනවනේ.

නදුනි තෝරාගන්නේ දිනුෂ කියන චරිත විතරද.නැහැ. ඒ ගැන අපි අතර ලොකු කතාවක් නැහැ. මට ගැලපෙන දේවල් මම කරනවා. හැබැයි මම අඳින ඇඳුම් පැළඳුම් ගැන නම් එයා ලොකු අවධානයක් දක්වනවා. මම ගොඩක් ෂොපින් යන කෙනෙක්. එයා එක්කම ෂොපින් ගිහින් ඇඳුම් ඇඳලා පෙන්නලා තමයි මම ඇඳුම් තෝරගන්නේ.වෙන නම් කිසිම දෙකට එයා මට බලපෑම් කරන්නේ නැහැ.ඔන්න ඔය වගේ කතාවක් තමයි නදුනි කියන්නේ.

About the author

Prasad

Leave a Comment