Article

ඇයගේ ප්‍රියතම චරිතය මම වුනාට, ප්‍රියතම නළුවා මම නෙවෙයි.ජනප්‍රිය නළු මනමාලන්.කෝකිල පවන් කියනදේ

Written by Prasad

ඔහු විටෙක ගායකයෙක්, විටෙක හරි අපූරු රංගන ශිල්පියෙක්. කුඩා කලම තම රංගනය වෙනුවෙන් සම්මානයකින් පිදුම් ලබන්නට තරම් වරම් ලැබූ, වත්මන වෙද්දි ජනතා සම්මානයෙන් පිදුම් ලබන්නට වරම් ලැබූ ඔහු නමින් කෝකිල පවන් ජයසූරියයි. විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබූ “නාඩගම්කාරයෝ”ටෙලි නාට්‍යයයේ මාලන් එහෙමත් නැත්නම් සරාට අනුව මනමාලන්ගේ චරිතයට පණපොවන්නේ ඔහු. ඔහු හරි අපූරු රටාවකට එම චරිතයට පණ පොවන්නට සමත් විය.

ඔබ ආව ගමන් මඟ ගැන පොඩ්ඩක් කියන්නකෝ. ඒ වගේම ඔබ බලාපොරොත්තු වුණේ ගායකයෙකු වෙන්නද නළුවෙක් වෙන්නද කියලත් අපිට කියන්නකො.ඇත්තටම මම ගොඩක්ම ආස වුනේ ගායකයෙක් වෙන්න. ඒකට සමීපම හේතුව වුණේ මගේ නමටත් ඒ වෘතීය සමීප නිසා. ඒ වගේම මම පොඩි පොඩිකාලේ ඉඳන්ම කවි ජන ගී වගේ දේවල් ගායනා කරලා තියෙනවා. ඒ වගේම එම අංශයේ තරගවලින් ජයග්‍රහණය ලබලා තියෙනවා. ඒ නිසා බලාපොරොත්තුව නම් තිබ්බේ ගායකයෙක් වෙන්න.

මගේ ආරම්භය ගැන කිව්වොත් මම වේදිකාවෙන් පටන් ගත් ගමනක් තමයි මේ එන්නේ. මගේ පළමුවැනි කැමරා අත්දැකීම සිරි රජ සිරි නෙවෙයි. මම ඒ වෙනකොටත් “තල මල පිපිලා” එකේ හිටියා. ඒ දර්ශන වාර වලට සහභාගී වන අතරතුර තමයි මම සිරි රජ සිරි චිත්‍රපටයට සම්බන්ධ වුණේ.අන්න ඒ ලැබූ පන්නරයත් එක්ක තමයි මට මනමාලන්ගේ චරිතය මේ තරම් හොඳට රඟ දක්වන්න හැකි වුණේ. මට දැනෙන්නෙ හරියට මම හොඳ පැත්තට වැටුන ගිරවා වගේ. මොකද මට මුලින්ම මුලින්ම ඇසුරු කරන්න ලැබුණේ මුල් බැසගත් ප්‍රවීණයෝ. එයාලගේ ඇසුරේ තමයි මට පන්නරය ලැබුණේ. අන්න ඒක තමයි මට මේ තරම් හොඳට රංගනය කරන්නට ශක්තියක් ධෛර්යයක් වුනේ.

ඔබට මාලන් වගේ චරිත සැබෑ ජීවිතයේදී හමුවෙලා තියෙනවද ඇහුවහම ඔහු දුන්නේ මේ වගේ අදහසක්.මාලන් කියන්නේ පටන් ගත්ත වෙලාවෙ ඉඳලම මට කුකුසක් ගෙනාපු චරිතයක්. ඒ තරම් අතිශයෝක්තියකින් ඉන්න චරිතයක් ප්‍රේක්ෂකයා මොන විදිහට පිළිගනීවි ද කියලා කුකුසක් තිබුණා. තද වෙනකොට නාඩගම කාරයෝ කතාව වගේම මා ලඟ චරිතයත් ප්‍රේක්ෂකයා පිළි අරගෙන තියෙනවා. අනික තමයි මම කාගෙවත් පොකැට්ටු හොරකම් නොකරට, තමයි එයාලගේ ඉරියව් හැසිරීම් හොරකම් කරලා මගේ මතකයේ ගබඩා කරගන්නවා. පස්සේ මට ඕන වෙලාවට ප්‍රයෝජනයට ගන්නවා. මාලන් කියන්නේ ඒ විදිහට සැකසෙමින් ගොඩනැගෙන චරිතයක් මිසක් කාවවත් අනුකරණය කිරීමක් නම් නෙවෙයි.

ඇත්තටම නාඩගම්කාරයෝ කියලා කියන්නෙ හාස්‍යෝත්පාදක telegrama එකක්ම නෙවෙයි. මේකෙ චරිතයන්ගෙන් අපිට උකහා ගන්න දේවල් තියෙනවා. මේකේ ගොඩක් චරිත දිහා බලන්න. ඒ හැමෝම ගමක් ඇතුලේ අනාථ වෙලා නේද ඉන්නේ? මේකට හේතුව මොනවද? අපිට හිතන්න දේවල් ගොඩක් මේ චරිත ඉතුරු කරනවා.”සජිත සහ ඔබ අතර සැබෑ ජීවිතයේ මොන වගේ සම්බන්ධයක් ද තියෙන්නේ?ඇත්තටම ඔහු මගේ සහෝදරයෙක් වගේ. ලංකාවේ ඉන්න ඉතාම ප්‍රතාපවත් multi talented චරිතයක් වෙච්ච ඔහුට ජනප්‍රියම නළුවා සම්මානය හිමි වීම ඇත්තටම මට සතුටක්. මේක මම හදවතින්මයි කියන්නෙ. ඒ සම්මානයට නිර්දේශිත නම් අතර මගේ නම සහ ප්‍රබූගේ නමුත් තිබුණා. නමුත් ඒක මට ලැබුණට වඩා ඔහුට ලැබීම ගැන මට සතුටුයි. මට අද වගේ මතකයි සජිත අයියා කිවුවේ මේක මගේ සම්මානය නෙවෙයි අපේ සම්මානය කියලා.

මගේ පවුලේ විස්තර කිව්වොත් මම විවාහ වෙලා තවම අවුරුද්දක් වත් නැහැ. ඇත්තටම මම කුළුඳුල් මනමාලයෙක්. ජීවිතයේ මම මොන තැනට ගියත් මම මගේ සරලකමට තමයි ආදරේ සැනසීම තමයි මට වටින්නේ. ඔබගේ අලුත ගෙනා මනමාලි ගේ ප්‍රියතම නළුවා ඔබ ද ?ඇය මට මගේ නොපෙනෙන අඩුපාඩු පවා පෙන්වමින් හිනාවෙමින් නඩගම්කාරයෝ බලනවා.ඇගේ ප්‍රියතම චරිතය මම වුණත් ඇගේ ප්‍රියතම නළුවා මමනෙවෙයි. මම උත්සාහ ගන්නවා ඇගේ ප්‍රියතම නළුවා වීමට බලමු ඉතින් නේද?ඔහු සුන්දර චරිතයක්. දක්ෂ තරුණයෙක්. පින් අපිත් ඔහුගේ අනාගතයට සුබ ප්‍රාර්ථනා එක්කරමු.

About the author

Prasad

Leave a Comment