Article

ඇය අයෙත් එදා මාව බලන්න ආවා. මන් ඒ ආදරේ මගේ හැඟීම් වෙනුවෙන් පාවිච්චි කරලා නෑ කවදාවත්.ශෙහාන් මිහිරංග.

Written by Prasad

ශෙහාන් මිහිරංග කියන්නේ අපේ කාලයේ ඉන්න අති දක්ෂ කඩවසම් ගායන ශිල්පියෙක්.sirasa superstar රියැලිටි වැඩසටහන ඔස්සේ ක්ෂේත්‍රයට පැමිණ ඔහු එදා පටන් අද දක්වාම ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට තරම් ඔහු සමත් වෙලා තියෙනවා.ඉතින් ඒ කාලයේ කාලයෙ තරුණියන්ගේ සිහින කුමාරයා වශයෙන් අතිශයෙන්ම ජනප්‍රිය වුන ඔහු ඒ තැන අදටත් නොවෙනස්ව පවත්වාගෙන තියෙනවා.ඒ කොහොම වුණත් දැන් දරුවන් දෙදෙනෙකුගේ දෙදෙනකුගේ ආදරණීය පියෙකු වන ඔහු ක්ෂේත්‍රයේ එදා ඔහුගේ තරගයේදී විනිආරම්භයේදී විනිසුරුවන් වශයෙන් කටයුතු කර ප්‍රවීනයන් සමග එකට හිඳ අලුත් පරපුරකට ගුරුහරුකම් ලබාදීමට තරම් ඔහු අද වාසනාවන්ත වෙලා සිටිනවා.

රියැලටි වැඩසටහනක විනිසුරුකරුවෙක් ලෙස ලබන අත්දැකීම කොහොමද?වෙලාවකට අමාරු වැඩක්. ඒක එහෙම මට දැනෙන්නේ මමත් ආධුනිකයෙක් විදියට, තරගකරුවෙක් විදියට එතැනින් ආව නිසා. ඒ තරගකරුවන්ගේ මානසිකත්වය, එයාලට තියෙන ආතතිය මට දැනෙනවා වැඩියි. එයාලගේ ඇත්ත මානසිකත්වය දන්න නිසා බොහෝ වෙලාවට ඒගොල්ලන්ට උදව් කරගෙන යන්න පුළුවන් තැනකයි මම ඉන්නෙ. හැබැයි ඒකත් එක්ක වෘත්තීය විනිශ්චයකරුවෙක් විදියට ඒ කටයුත්තත් සාධාරණව කරන්නට ලැබීම ගැන මට සතුටුයි.රියැලටිය වෙනස් වෙනවා ඒ ටෙලිවිෂන් නාළිකාව සහ එයාලා වටා ඉන්න පිරිස අනුවත්. තරගාවලියට ඉල්ලුම්කරන තරගකරුවන්, ඔවුන්ගේ ආශාවන් වෙනස්. පරිසරය වෙනස්. ඒ වගේමයි ඉස්සරයි අදයි ගත්තම ලොකු වෙනසක් තියෙන්නෙ කිසි දෙයක් නොදැන රියැලටි වලට ආපු කාලයක් තිබුණේ පටන් ගැන්මෙදී.

මේ දවස්වල ඔබේ වීඩියෝවක් සැරිසරනවා සමාජ මාධ්‍ය තුළ. ඒ ගැන කිව්වොත්?ඒක අහම්බෙන් වුණ දෙයක්. මිනිස්සුන්ට මතකය අලුත් වුණා. ඒ වගේම සිද්දියක් මට අවුරුදු 19යෙදී මගේ පළවෙනි සීඩි එක එළි දුටු වෙලාවෙදි dreams of ශිහාන්, එළිදැක්වීම වෙලාවේ සිදු වූ දෙයක් ඒක අහම්බයක්. එදා මම ඒ වෙලාවේ ඉදිරිපස සිටිය එකේ හිටපු ගැහැනු ළමයෙක්ව උඩට ගන්නවා. ඒ ඇස ගැටෙනා ගීතය ගයද්දි. මම අවුරුදු හතළිහ සම්පූර්ණ වෙන්න ඉන්නෙ. නැවත වතාවක් ඒ වගේ දෙයක් වුණා ගිය සෙනසුරාදා. ඒක නම් ඒ ළමයට එන්න බැහැ. එයා මාව බලන්න ආව කියලා මට හිතුණා. එයාට මන් ගාවට එන්න බැරි නිසා මන් ගිහිල්ලා ගීතයේ කොටසක් ගැයුවා. ඒ අවස්ථාව බොහෝ පිරිසක් හොඳ විදියට දැකලා තිබුණා.

රසිකයන් කියන්නෙ ඔබ නිහතමානි කලාකරුවෙක් කියලා. ඒ ගැන ඔබට අදහසක් තියෙනවද?මම ඒ ගැන මෙහෙම කියන්නම්. කලාකරුවෙක්ට විනයක් තියෙන්න ඕන. ඒකට තමයි ඔය මිනිස්සු නිහතමානිත්වය කියලා කියන්නෙ. නිහතමානිත්වය කියනදේ සාපේක්ෂයි. මම හිතන්නෙ හැමෝම ‘ශිහාන්‘ නිහතමානී කියලා හිතනවා නම් නිහතමානිත්වයට වඩා ශිහාන්ට විනයක් තියෙනවා කියන එක තමයි මම හිතන දේ. මම රියැලටි එකක ඉන්න තරුණ තරුණියන්ට වුණත් කියන්නෙ විනයක් තියා ගන්න. මම නිහතමානී කියලා මිනිස්සු හිතන්නේ ඒගොල්ලො මට ආදරය කළා දැනට අවුරුදු 17කට 18කට කලින්. ඒගොල්ලො මට sms කළා. මාව දිනවන්න මහන්සි වුණා. ඒ ආදරය නැතිවෙන විදියෙ කිසිම දෙයක් මම පෞද්ගලික වාසි වෙනුවෙන්, සල්ලි වෙනුවෙන් මගේ හැඟීම් වෙනුවෙන් මම පාවිච්චි කළේ නැහැ.

එහෙම නොකර ඉන්න මට විනයක් තිබුණා. මට නිකන් හැමදේම ලැබුණා. මම මෙහෙම කියන්නම් කලාකරුවෙක්ට, පිරිමි කෙනෙක්ට ගැහැනුන්ගෙ සම්බන්ධතා, එහෙමත් නැත්නම් මත්පැන්, මුදල් වෙනුවෙන් විකිණෙන්න පුළුවන්, ආදරය විකුණන්න පුළුවන්, මිනිස්සුන්ව අවභාවිතා කරන්න පුළුවන්. සල්ලි වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන්. නමුත් මට විනයක් තිබුණා. මට ආදරය කරපු මිනිස්සුන්ගේ ආදර රැකගෙන මේක කවදා හරි නවත්තන දවස වෙනකන් මේකට වටිනාකමක් දෙන්න. ඒක තමයි මිනිස්සු හිතන්නෙ. මම මිනිස්සු එක්ක හොඳින් කතා කරන්නෙ ඒ නිසා. සමහර වෙලාවට මගේ පවුලෙ මිනිස්සුන්ටවත් කතා කරන්නෙ නැතුව ඇති. මන් ඊට වඩා දරදඬුයි මගේ පවුලෙ මගේ දරුවන් එක්ක. මන් ඊට වඩා නීති තියාගෙන ජීවත් වෙන කෙනෙක්. හැබැයි මන් මිනිස්සුන්ට මට ඒගොල්ලො ආදරය කරපු නිසා මම විනයක් තියාගන්නවා එයාලට ගරු කරන්න සහ කලාකරුවෙක් විදියට.

About the author

Prasad

Leave a Comment