Article

එකේ මම අනියම් පෙමක පැටලුනු කෙනෙක්.සියලුම විවාහයන් වලට සමු දී තනිව සිටින නදීෂා කියන දේ

Written by Prasad

නදීෂා හේමමාලි කියන්නේ ලාංකීය නිලියන් අතර සිටිනා සරාගී නිලියක් කිව්වොත් නිවැරදියි.වසර ගණනාවක පටන් එක ලෙස ජනප්‍රියත්වය රැක ගෙන ඉන්න ඇය රංගනයෙන් දායක වුන නිර්මාණ හරහා ඇයව කවදටත් මතකයේ රැදී ඇති රංගන ශිල්පිනියක්.චිත්‍රපටි රැසක අපට ඇයගේ රංගන දායකත්වය දැක ගැනීමට හැකි වුනා. වැඩිපුරම ප්‍රේක්ෂකයන්ගේ හිත් වල තිබු චිත්‍ර පටය ජුලියා ඇය එහි දක්ෂ අන්දමෙන් රංගනයේ යෙදුනා.වගේම ඇය ටෙලි නාට්‍ය නිෂ්පාදිකාවක්ද වනවා.දක්ෂ ගායිකාවක් හා නිරුපිකාවක්,නිවෙදිකාවක්ද වනවා.ඉතින් පසු ගිය දිනවල ඇයට විවිද මාධ්‍ය ජාලා හරහා නිතර නිතර මඩ පහරවල් වැදී ඇති නිසා දැන් සජීවී සම්මුක පරීක්ෂණවලට පමණක් මුහුණ දෙන බවට අපට දැනගන්නට ලැබුනා.ඔබට මතක ඇතිනේ සිල්බිදගෙන මුළු ලංකාවම කතා කරපු විදියේ වෙනසක් කරන්නත් ඇයට හැකියාව ලැබුනා.

දකුනු පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වූ ඇය එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් ප‍්‍රසිද්ධ මාධ්‍ය හමුවකට සහභාගි වී එක්සත් ජාතික පක්‍ෂයේ යොවුන් පෙරමුණේ සම්බන්ධීකරණ ලේකම් ධුරයක්ද එම අවස්ථාවේ ඇයට ලබා දුන්නේ යොවුන් පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්තී‍්‍ර රුවන් විජේවර්ධන මහතා විසින්.ඉස්සර ටෙලි නාට්‍ය හරහා ඇයව නිතර ප්‍රේක්ෂකයන්ට දැක බලා ගැනීමට හැකි වුණත් මේ වෙද්දිනම් ඇය දායක වෙන නිර්මාණ දැක ගැනීමට නොහැකි තරම්.ඒ වගේමයි ඇය දකුණු ඉන්දීය චරිතවලටද පනපොවපු චරිතයක් ලෙස හදුන් වන්න පුළුවන්.

ඉතින් නදීෂා ඇය ගැන කියූ අලුත්ම තොරතුරු තමයි මේ.ඇත්තටම මම අවුරුදු දෙකක තුනක නිහැඬියාවකින් පසුව තමයි ටෙලි නිර්මාණයකට පසුගිය කාලේ දායක වුනා. ඉන් පස්සේ නම් මන් ආය කිසිම දෙකට දායක වුනේ නෑ. ජගත් මනුවර්ණගේ. ඔහු අධ්‍යක්‍ෂණයෙන් දායක වුණු පළමු ටෙලි නිර්මාණය තමයි කොඩිගහයට කියන්නේ. ඇත්තටම ඒක හොඳ කතා පුවතක්. ඒ කතාවට මම ගොඩක් කැමතියි. සතුටුවෙන්න පුළුවන් තිරපිටපතක් ලැබුණු හින්දා මම මේ වැඬේ භාර ගත්තා.ඉතින් මන් ඒ භාර ගත්ත වැඩේ හරියටම කරා. එකේ එක්දරු මවකගේ චරිතයක් තමයි මට රඟපාන්නතිබුනේ. ඇය පැල්පත් නිවසක ජීවත්වන මන් අනියම් සම්බන්ධයකුත් පවත්වන ගැහැණියක්. වර්තමාන සමාජයේ ජීවත් වන කාන්තාවකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නේ.

ටෙලි නාට්‍යවලට ආරාධනා නම් ගොඩක් ලැබෙනවා. නමුත් මම නිර්මාණ තෝරා බේරාගෙන තමයි භාර ගත්තේ. දැන් කාලේ නිර්මාණ කියන ඒවා හොයා ගන්න හරි අමාරුයි. නාට්‍ය හුඟක්ම නිර්මාණය කරන්නේ ලාභ පරමාර්ථය පෙරදැරි කරගෙනමයි.කලාත්මක නිර්මාණ දැක ගන්න හම්බවෙන්නේම නැහැ. ඒ වගේ නිර්මාණවලට දායක වෙන්න අපහසුයි. මම බලාපොරොත්තු වෙන ගුණාත්මක මට්ටමක් තියෙනවා. මම ඒ ගැන සතුටුවෙන්න පුළුවන්නම් විතරයි නිර්මාණයක් භාර ගන්නේ.අනික අද කාලෙ මේ කියන එක නෙවිආය පස්සේ වෙනස් වෙනවා. අනික මන් පුවත් පත් වලටවත් පෙනී ඉන්නේ නැත්තේ පසුගිය කලේ බොහොමයක් පුවත්වල පළ වුණේ මම කියන සත්‍ය තොරතුරු නෙමෙයි.මම කියන දේ නෙමෙයි පත්තරවල යන්නේ ඒ නිසා මම ටිකක් පැත්තකට වෙලා ඉන්න තීරණය කළා කියලා තමයි නදීෂා කියන්නේ.

About the author

Prasad

Leave a Comment