Article

එයා කවදාවත් මගේ හිත රිද්දලා නැ එංගලන්ත සැමියා ගැන සසන්ති දැන් කියන දේ

Written by Prasad

සසන්ති ජයසේකර කියලා කියන්නේ කාලෙකට කලින් අපේ පුංචි තිරය හැඩ කරපු ඉතා සුරූපී රංගන ශිල්පිනියක් විදියට කාහටත් මතකයේ ඇති. ජූලියා වැනි ජනප්‍රිය චිත්‍රපටි වලට රංගනයෙන් දායක වුණු ඇය ඇය මේ වෙනකොට ශ්‍රී ලංකාවේ ජීවත් වෙන්නේ නැහැ. ඇය කාලෙකට ඉහතදී තමන් ගේ පුතණුවන් සමග ලංකාවෙන් පිට වෙන්නේ යම් යම් පුද්ගලික කාරණා කිහිපයක් හේතුවෙන්.

ජූලියා චිත්‍රපටයට රංගන දායකත්වය ලබා දෙන්නේ ද විදේශගතව සිටින අතරවාරයේ. නමුත් මෑතකදී ඇය කිසිම නිර්මාණයකට තම රංගන කටයුතුවලින් දායක වෙන්නේ නැහැ. එහෙම අවුනත් තමන්ගේ තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ යාවත්කාලීන කරන්නට ඇය විටින් විට පෙළඹිලා තියෙනවා.
පුද්ගලික හේතු කාරණා නිසා මේ රටින් පිට වෙන ඇය එංගලන්තයේ ජීවත් වෙන්නේ තමන්ගේ පුතුනුවන් සමඟ. එහි දී විදේශීය ජාතිකයකු සමඟ විවාහ වුණු ඇය මෑතකදී බොහෝ කම්පනයට පත් වූ සිද්ධියක් සිදුවුනා. ඒ තමයි ඇගේ සහෝදරයා ගේ වියෝව. එම සිද්ධියෙන් තවමත් ඇය සම්පූර්ණයෙන්ම මිදිලා නැතිබව තමයි අපිට ආරංචි වෙන්නේ.

තවමත් තමාගේ සහෝදරයා ගේ වියෝවෙන් කම්පනය ඉවත් වෙලා නැති වුණත් පසුගිය ආදරවන්තයින්ගේ දිනය දවසේ ඇය පැරිස් නුවර ඇගේ සැමියා ගිය සංචාරයකදී ගත්තු ඡායාරූප පෙළක් ඇය සමාජ මාධ්‍යට මුදාහැර තිබුණා. ඒ සමඟ ඇය ඇගේ සැමියා පිළිබඳ ව අපූරු සටහනක් එක් කර තිබුණා. එය පහලින්.අපේ දහවැනි වැලන්ටයින් එක මේ පාර පැරිස් වලදී මගේ ලස්සනම මිනිසා ඉදිරියේ. මගේ ජීවිතේ පහත වැටීම් හුඟක් තිබුනා. ඒ හැම මොහොතකම ඔබ මා සමීපයෙන් හිටියා. දැන් මාස හතකට කිට්ටුයි. (මල්ලි ගේ වියෝව) ඔයා ගොඩක් ආදරෙන් මගේ කඳුලු පිස දැම්මා.

කවදාවත් මගේ හිත රිද්දුවේ නෑ. මම ආයෙමත් මම වෙන්නේ කවදද කියන්න මම දන්නෑ. මම හැමදාම නැගිනකොට මගේ කොටසත් අතුරුදහන් වෙලා වගේ මට දැනෙනවා. මේ මොහොත වෙනකම් ඔයා මට ආදරේ කරන්නෙ මම කවුද කියලා දැනගෙන. ඉතින් සෑම දිනයක්ම මට හැඟෙන්නෙ ආදරවන්තයන්ගේ දිනක් කියලා. ඔබේ කරුණාව සහ ආදරේ තමයි බබා මාව ඉදිරියට ගෙනියන්නේ. ලෝකවාසී සැමට සුභ වැලන්ටයින් දිනයක් කියලා” තමයි ඇය, ඇගේ සටහන ඉදිරිපත් කරලා තිබුනේ. තමන්ගේ සහෝදරයාගේ වියෝව ඉදිරියේ ඉතාමත් වේදනා බර ව සිටි ඇගේ හිත හදන්නට ඇගේ සැමියා ඉදිරිපත් වෙලා ඇය සමඟ ම හිටිය බව තමයි අපිට පිළිබිඹු වෙන්නේ. කෙසේ වෙතත් අපි සුන්දර ආදරණීය වූ ලක්වෙන ඔවුන් දෙදෙනාට සුබ පතමු.

About the author

Prasad

Leave a Comment