Article

එයා මගේ අම්මා වගේ. සමහරු අහනවා ඇයි ඇන්ටි කෙනෙක්ව බැන්දේ කියලා. ජනප්‍රිය ගායක දිනේෂ් තරංග.

Written by Prasad

නේෂ් තරංග කියලා කියන්නේ වර්ට්නාමනයේ සිටින ඉතාමත් ජනප්‍රිය ගායකයෙක් බව ඔබ දන්නවා ඇති. දිනේෂ්ගේ ගීත වලට ආදරේ කරන බොහෝ පිරිසක් ඔහුගේ පෞද්ගලික ජිවිතේ ගැනත් විස්තර දන්නවා. විශේෂයෙන්ම විවාහය ගැනත් ගොඩක් පුවත් පසුගිය කාලයේ දකින්න ලැබුනා. කොහොම වුනත් දිනේෂ් විවාහා වෙලා ඉන්න ඔහුට වඩා වැඩිමහල් තරුණියක් එක්ක වීම නිසා ඒ ගැන රටපුරා කතාබහ වෙන්න පටන් ගත්තා. දිනේෂ්ගේ ආදරණිය බිරිඳ තමයි රැන්ඩෙලා ප්‍රනාන්දු. මේ දෙන්නගේ අදර කතාවේ ආරම්භයත් හරිම ලස්සන එකක් සහ දවසක් දිනේෂ් විසින් ඒ පිළිබඳව මේ විදිහට පවසා තිබුනා. කොහොම වුනත් විවාහ වෙලා දරුවන් දෙදෙනෙකුත් සිටින මේ ආදරණිය යුවල ප්‍රීතිමත් විවාහ දිවියක් ගත කරනවා.

ඉතින් මේ යුවලගේ ආදර කතාව ගැන දිනේෂ් කියන්නේ මෙහෙමයි.“අපි දෙන්න ජිවත් වුනේ එකම ගමේ නිසා පල්ලියට එහෙම යද්දී එකට යන්නේ. ඒ වගේම සංගීත කණ්ඩායම් වලත් අපි දෙන්නම එකට ගීත ගයනා කරනවා.කාලයක් යාලුවෝ වගේ ආශ්‍රය කරලා ඉන් පස්සේ මගේ හිතේ ඇතිවුණු ආදරේ එයාට කිව්වේ වැලන්ටයින් එක දවසේමයි.ඇයත් මට කැමති වුනාට පස්සේ අපි දෙනා කාලයක් ආදරේ කරලා මේ ගැන දෙන්නගෙම ගෙවල් වල අයටත් කිව්වා. එහෙම ආපු ගමන අද විවාහයක් දක්වා ලස්සන මනනක් ඇවිත් ඉන්නවා. හැමදාමත් එදා වගේම අපි දෙන්නා ආදරෙන් ඉන්නවා කිසිම වෙනසක් වෙලා නැහැ.ගෙදරදී කතාකරන්නේ අම්මි තාත්ති කියලා,

සමහරු අහලා තිබුනා මෙහෙම වැඩිමල් කෙනෙක් එක්ක විවහා වුනේ අයි කියලා. මගේ බිරිඳ මට වඩා අවුරුදු 09ක් වයසින් වැඩියි, හැබැයි ඒ දේ මටවත් එයාටවත් අදාළ නෑ, වයස කියන්නේ ඉලක්කමක්, ආදරය කියන දේ ඕනෑම කෙනෙක්ට දැනෙන්න පුළුවන්, මගේ බිරිඳට කවුරු මොනවා කිවුවත් මම ඒ කිසිම දෙයක් හිතන්නේ නෑ, කොච්චර නින්දා අපහාස කලත් මට එයාව කවදාවත් එපාවෙන්නේ නෑ, මම ඇයව කවදාවත් නැතිකරගන්නේ නෑ, රිදෙන්න් රිදෙන්න අපේ ආදරේ තවත් ශක්තිමත් වෙනවා. කියලා තමයි දිනේෂ් කියන්නේ. ඉතින් ඒ සියලු දේ දරාගෙන සිටින ඔහුගේ ආදරණිය බිරිඳ පසු ගිය දිනක මිනිසුන් කියන මේ කතා ගැන වැඩසටහනකදී මේ විදිහට පැවසුවා.

මගෙයි දිනේෂ්ගෙයි වයස් පරතරය අවුරුදු 9ක්. මම මේක කියන්න කොයිම වෙලාවකවත් පැකිලෙන්නෙ නෑ. මිනිස්සු අහනවා දිනේෂ්ගෙන් ඇයි ඇන්ටි එනෙක්ව බැන්දෙ කියලා. මම දිනේෂ්ව බදිනකොට අවුරුදු 29යි. මිනිස්සු මාව එතකොට දැනගෙන හිටියේ නෑ. අපි දෙන්නගේ අවුරුදු 10 විවාහ සංවත්සරය සමරන්න අපි ගීතයක් කළා ම තමයි මිනිස්සු මාව දැන ගත්තේ.
මිනිස්සුන්ගේ ජීවිත එකපාරටම සාර්ථක වෙන්නේ නෑ. ඉතින් මගේ ජීවිතේ මට දරුවො තුන් දෙනෙක් ඉන්නවා කියලා තමයි මම හිතන්නේ. දිනේෂ් මගේ ලොකු ළමයා වගේ මම බලාගන්නේ. සමහරු කියනවා අම්ම කෙනෙක් වගේ කියලා. මම ඇත්තටම දරුවෙක් වගේ දිනේෂ්ව බලාගන්නේ. ඒ නිසා මම ඒදේට කැමතියි.

About the author

Prasad

Leave a Comment