Article

ඒ කාලේ බැඳපු නැති හැමෝම වගේ මගේ පස්සෙන් ආවා ලංකාවේ ලොකුම මාද්‍ය ජාලයේ අයිතිකරු සමග විවහාවුණු සංගීතා

Written by Prasad

අපේ රටේ දක්ෂ , ප්‍රවීණ, සම්මානනීය, සිනමා වගේම ටෙලි නාට්‍ය රංගන ශිල්පිනියක් වන ඇය නමින් සංගීතා වීරරත්න. 1973 දෙසැම්බර් මස 13 වන දින ඉපදුන ඇය ක්ෂේත්‍රයට එන්නේ ඇයට වයස අවුරුදු 16 දී. ඒ කියන්නේ 1990 වර්ෂයේදී රෝයි ද සිල්වා මහතාගේ ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම් නම් චිත්‍රපටයෙන්. ඊට පසුව 1993 දී කමල් අද්දරාරච්චි සමග රඟපෑ යසස චිත්‍රපටයෙන් පසුව ඇය ශ්‍රී ලංකාවේ සිනමා ක්ෂේත්‍රය තුළ හොඳ පදනමක් දමා ගත්තා. එසේ පටන්ගත් ගමනින් සිනමාවේ එකිනෙකට වෙනස් චරිත රඟපාමින් ජයග්‍රහණයේ හිනිපෙත්තටම ගිය ඇය විවාහ වුණේ සියත ටීවී නාලිකාවේ අධිපති තුමන් වන රොෂාන්ත කාරියප්පෙරුම සමඟයි.

අපේ රටේ ජනප්‍රිය නිළියක වන සංගීතා වීරරත්න තිමති වීරරත්න පවුලේ තුන්වන දියණිය ලෙසයි උපත ලැබුවේ. ඇය සිය මූලික අධ්‍යාපනය පානදුර ජෝන් විද්‍යාලයෙන් ද, ද්විතීයික අධ්‍යාපනය කොළඹ වැසිලියන් විද්‍යාලයෙන්ද ලබාගෙන තිබෙනවා. 2001 වසරේදී තිරගත වූ බෙනට් රත්නායක මහතා විසින් අධ්‍යක්ෂණය කරන ලද අස්වැසුම චිත්‍රපටියේ සිදුකරන ලද විශිෂ්ට රංගනය වෙනුවෙන් එම වසරේ තිබූ සරසවිය සම්මාන උළෙලේ හොඳම නිළියට හිමි සම්මානය ලබා ගන්නට මේ සංගීතා සමත් වුණා. මෙම සම්මාන උළෙලේම 2001 සිට 2003 දක්වා ජනප්‍රියම නිළියට හිමි සම්මාන දිනා ගන්නට ඇයට හැකියාව ලැබුණා..

ඔබ ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් නේ. ඒ දවස්වල ලැබුණ ප්‍රතිචාර එහෙම කොහොමද? කියලා ඇහුවහම ඇය ඒකට දුන්නේ මේ වගේ පිළිතුරක්. ඒ කාලෙ නම් ඉතින් තනිකඩ හැම නළුවෙක්ගෙන්ම වගේ යෝජනා ආවා.ඒ කාලෙ මම ඉතින් ටිකක් ලස්සනට ඉන්න ඇති. මගේ හිතෙත් පොඩි ක්‍රෂ් එකක් වගේ තිබ්බ නළුවෙක් හිටියා. ඒ ගැන මගේ යාළුවො දන්නවා. අනිත් අය නම් නොදැන ඉන්න තරමට හොඳයි.

සංගීතා ඇයගේ සැමියා ගැන කියන්න මෙහෙම කතාවක්. එයා හරිම අමුතුයි. වැරැද්ද දැක්කොත් එයා ඒ වැරැද්ද දිගින් දිගටම කියන්නේ නැහැ . උදාහරණයක් හිතන්න මම මහතයි කියලා. එක පාරක් කියයි සංගීතා ජිම් යන්න කියලා. පස්සේ නැහැ.ඒක දිගින් දිගට ම කියනවා නම් මම කරන්නෙත් නැහැ. ඕනම කෙනෙකුට තමන්ගේ කියලා නිදහසක් අවශ්‍යයි.විවාහය කූඩුවක් වගේ දකින්න ඕනෙ නැහැ එතකොට කැතයි. අපේ රටේ වුණත් ලිවින් ටුගෙදර් කියන සංකල්පය පිලිගන්න පුළුවන් මානසිකත්වයට හැදිලා තියෙනවා නම් ගොඩක් හොඳයි කියලා මට හිතෙනවා.මොකද් අපේ නිදහස සොයා ගන්න ඕනේ අපිමයි. ඒ අතින් මම නම් සෑහෙන නිදහසේ සතුටෙන් ඉන්නවා.

About the author

Prasad

Leave a Comment