Article

ඒ කාලේ මම හරිම ලැජ්ජයි ඇදුම් ඇන්දේ බෙල්ල ලගට එත් දැන් එහෙම නැහැ දුෂෙනි මියුරංගි

Written by Prasad

දුෂේනි මියුරංගි මීට ටික කාලයකට කලින් නිර්මාණවලට දායක වුණත් පසුගිය කාලයේදි පේන්න හිටියෙ නැහැ. දුෂේනි ලංකාවේ නැහැ කියලයි ඒ දවස්වල ආරංචි වුණේ දුශේනිගේ ප්‍රේක්ෂකයෝ ඇය ගැන හොයන්න පටන් ගත්තා ඇයට මොකද උනේ බලන්න ඉතින් දුශේනිට මොකද උනේ කියලා දුශේනිම කිවුවේ මෙන්න මේ වගේ කතාවක්.ඔව් මම අවුරුදු එකහමාරක් විතර හිටියේ ඉන්දියාවේ. ඊට පස්සෙ වසංගතය පැතිරුනා ඒ ප්‍රශ්නය නිසා තමයි ඉන්දියාවෙන් ලංකාවට එන්න සිද්ධ වුණේ. මට ඉන්දියාවට යන්න එක්තරා සංචාරක ආයතනයකින් අවස්ථාවක් ලැබුණා. ඒ අවස්ථාවෙන් තමයි මම ඉන්දියාවට ගියේ.වසර එකහමාරකට පසුව තමයි ලංකාවට ආවේ.

දැන් පාරදිගේ ටෙලිනාට්යේ බන්ටි තමයි මම මම හිතාගෙන හිටියේ ආයේ රඟපාන්නේ නැතුව ඉන්න ඒ උනාට පාරදිගේ ටෙලිනාට්‍ය නිසා ඒ සියල්ලම වෙනස් උනා.ඇත්තටම හරිම ආසාවෙන් මම කරන චරිතයක් තමයි ඒක කාර්යමණ්ඩලය වගේම ශිවා අයියා සද්දා අයියා මේ හැමෝම එක්ක වැඩ කරන්න හරිම පහසුයි බන්ටි සමග ගෙවන ජිවිතේ දැන් හරිම සුන්දරයි.සිවා අයියා ඉතාම හොඳ අධ්‍යක්ෂකවරයෙක් කියලා මට තේරුණා. ඔහුගෙන් අපිට බොහෝ දේවල් ඉගෙන ගන්න පුළුවන්. බන්ටි කියන්නෙ කොල්ලෙක් වගේ කෙල්ලෙක්.හරිම දඟයි.

අපි ෂූටින් කරන්නේ අඟුලාන මුහුදුතිරේ ඉතින් මුලින් එනකොට දැනුනේ හරිම දුෂ්කර බවක් ඒ වගේම කරගන්න බැරිවෙයි කියලා තමයි හිතුවේ.ඒ උනාට දැන් ඒ ජීවිතේට හුරුවෙලා.ඒ මිනිසුන්ගේ හරි අපූරු සුහදශීලීකමක් තිබුණා. අපි ඉන්න ගෙදර ඇන්ටි වුණත් අපිට ගොඩක් උදව් කරනවා. අපිට හරි ආදරෙයි. නිතරම බෝට්ටුවලට මාළු දැල් ඇදෙනවා. අපි ඒවත් බලන්න යනවා. ඉතින් හරිම ආසාවෙන් පාර දිගේ රඟපානවා.මම පොඩි කාලේ නම් කවදාවත් හිතලා නැහැ නිලියක් වෙන්න එකපාරටම තමයි මම නිලියක්වුනේ.මට ඕනේ උනේ ගුරුවරියක් වෙන්න කොහොම හරි ගුරුවරිය නොවී නිලියක් වෙන්න තමයි මට සිද්දවුනේ.

ඉස්සර මම හරි ලැජ්ජා ළමයෙක්. අද මගේ පාසලේ යාළුවන්ටත් මම රංගන ශිල්පිනියක් වීම ගැන හරි පුදුමයි මම පාසලේදිවත් රඟපාලා නැහැ.මම ඉගෙනගත්තේ කුරුණෑගල රාජකියවිද්‍යාලයෙන් මම පියානෝ වාදනය කළා හැබැයි කවදාවත් නිලියක් වෙන්නවත් රගපාලාවත් නැහැ මම.අපේ අම්මලා මට නීති දැන්මේ නැහැ හරිම සරල ජිවිතයක් තමයි මම ගතකලේ ඇත්තටම පාසල් කාලේ හරිම සුන්දරයි ඒ වගේ කාලයක් ආයේ කවදාවත් එන්නේ නැහැ.මම රංගනයට එන්න කවදාවත් හිතුවේ නැහැ කොහොම හරි මගේ වාසනාවකට 2015 වසරේ මිස් ශ්‍රීලංකා තරගයට සහබාගිවුනා.ඒ වගේම 2017 අවුරුද්දේ ඉදිරිපත් වෙලා Miss Sri Lanka ජයග්‍රහණය කළා. Miss World තරගයට ඉදිරිපත් වුණාට පස්සේ ලැබුණු ආරාධනයත් එක්ක මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න මට ආසාවක් ඇතිවුණා.

දැන් ඉන්න පොඩි ළමයි වගේ මම ඒ කාලේ මේකප් කරගෙන හැඩට වැඩට ඉන්නවත් හිතුවෙ නැහැ.මගේ අම්මා මම ලිප්ස්ටික් ටිකක් වත් ගානවට කැමතිවුනේ නැහැ.ඇදුම් ඇන්දෙත් බෙල්ල ලගටම තියෙන ඇදුම් ඇග පේන්නවත් ඇන්දේ නැහැ.අඩුම ගාණේ මම සුදු වෙන්නවත් මූණට මුකුත් ගෑවේ නැහැ. දැන් වුණත් අපේ අම්මටත් පුදුමයි ඒ කාලේ එහෙම හිටපු ළමයා මේ ක්ෂේත්‍රයට සම්බන්ධ වුණේ කොහොමද කියලා දැන්නම් මේකප් හැමදාම එක එක චරිතෙන් චරිතෙට දවසට තුන් හතරපාරක් මේකප් දන්නා වෙලා.

මගේ තාත්තා තමයි මාව මිස් ශ්‍රීලංකා තරගාවලියට යැවුවේ මගේ මුල්ම ටෙලි කතාව තමයි ආදරය ගින්දරක් කියන ටෙලිනාට්‍ය එකේ වැඩ කරද්දීත් මම ගියේ ආවේ අම්ම එක්ක හරි තාත්ත එක්ක හරි හැම වෙලාවේම දෙමවුපියන් දෙදෙනා මාත් එක්කම හිටියා.ඒ වෙද්දී මම කමරාවකටවත් මුහුණ දීලා නැහැ හරිම බයෙන් තමයි ඒ හැමදේම කලේ පස්සේ ඒ හැමදෙයක්ම මම ඉගෙන ගත්තා.මම මිස් ශ්‍රීලංකා යන්න බැහැම කිවුවා ඒ උනාට තාත්තා මාව කොහොම හරි යැවුවා.අවසානේ මම ජනග්‍රහණය කළා.

මම ලංකාවෙන් ඇත්තටම ඉන්දියාවට ගියේ ලංකාවේ කලාව ගැන කලකිරිලා ආයේ රංගනයට එන්නෙම නැහැ කියලා හිතාගෙන ඒ උනාම මේ වසංගතය නිසා ආයේ එන්න උනානේ.ගෙදර ඇවිල්ලත් මට රගපාන්න යන්න ඕනේ උනේ නැහැ ඒ උනාට පාරදිගේ ඒ හැම දෙයක්ම වෙනස් කළා දැන්නම් ආයේම ආසා හිතෙනවා කලාවට සම්බන්ද වෙන්න.මට රංගනය කලකිරිලා තිබුනේ ඒ වගේමයි මගේ ආදරෙත් නැතිවුනා ආදරේ විදලත් තියෙනවා ආදරේ මේ වෙද්දී මට පෙම්වතෙක් නැහැ ඉදිරියේදී බලමුකෝ හැමදාම මෙහෙම ඉන්නත් බැනේ කියලා තමයි දුෂෙනි කියන්නේ.

About the author

Prasad

Leave a Comment