Article

ඒ වගේ මානසික රෝගීන්ගෙන් මිදෙන්න ඕනේ මමයි දුවයි රටකට යනවා ලගදීම නිල්මිණි තෙන්නකෝන්

Written by Prasad

සිංහල සිනමාව වගේම ටෙලිනාට්‍ය කලාවෙත් කැපිපෙනෙන චරිතයක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ.තමන්ට ලැබෙන ඕනෙම චරිතයක් ඕනෙම විදියකට කරන්න ඇයට හැකියාව තිබෙනවා ඒ තරමට ඇය දක්ෂ රංගන ශිල්පිනියක් ලෙස හදුන්වන්න පුළුවන්.ඉතින් එක එක දවසට එක එක කතා වලිනුත් අපට ඇයව මුණගැහෙනවා.ඒ හේතුව නිසාවෙන්ම ඇයට මෙරට ප්‍රේක්ෂකයන්ගෙන් හිමිව තිබෙන්නේ සුවිශේෂ ජනප්‍රියත්වයක්. මේ අතර ඇයට එදා හිමිවුණු ජනප්‍රියත්වය එදා වගේම අදටත් එකලෙසම හිමිව තිබෙනවා.කොහොමහරි ඉතින් එක්දරු මවක් වෙන ඇය විවාහවෙන්නේ මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය ගායන ශිල්පියෙකු වන මධුමාධව අරවින්ද සමඟයි. ඔහු දේශපාලන වේදිකාව තුළත් ක්‍රියාකාරී චරිතයක් වෙනවා. එලෙස විවාහවෙන මේ යුවළට එක් දියණියක් සිටිනවා.

මදුමාධව නිල්මිණි ප්‍රේම කතාව වැඩි කාලයක් නම් තිබුන එකක් නෙවෙයි නිල්මිනිගෙන් පසු මදුමාධව විවහා දෙකක්ම කරගත්තා එකෙනුත් දෙවෙනි විවාහය සාර්ථක වෙන්නේ නැහැ ඔහුගේ ඉන් පසු ඔහුට වැඩිය වයසින් ගොඩක් බාල තරුණියක් සමග ඔහු විවහා වෙනවා මේ වෙද්දී ඔවුන් දෙදෙනා ආදරෙන් ජිවත් වෙනවා අපට දැකගන්න ලැබෙනවා.මදුමාධව එහෙම කරද්දී නිල්මිණි නම් නැවත විවහා වුනේ නැහැ තමන්ගේ දියනියට ඇය දිරියමවක් වෙමින් දියණිය සමග තනිව ජීවත්වෙනවා අදටත්.

ඉතින් පසුගියදා ඇගේ දියණිය තමන්ගේ 20 වන උපන්දිනය සැමරුවා එම අවස්ථාවට ඇගේ පියා මදුමාධාවත් සුබපතා තිබුනා.ඔහු සුබපැතුවේ නිකම්ම නෙවෙයි අම්මටත් පොඩි සටහනක් ලියමින් තමයි දියණියට සුබපැතුවේ.එම සටහන ගැන බොහෝදෙනා විවිද අදහස් දක්වා තිබුනා අපට දැකගන්න ලැබුනා,ඒ කොහොම වුනත් පසුගිය දවසක යූටියුබ් නාලිකාවක වැඩ සටහනකට සහභාගී වෙමින් නිල්මිණි කියල තිබුනේ ඉතාමත් ඉක්මනින් ඇය සහ දියණිය ලංකාවෙන් යන්න සූදානමින් ඉන්නවා කියලයි. ඒ දියණියගේ උසස් අධ්‍යාපන කටයුතු සදහායි. ඇයට දියණිය ලග නැතුව ඉන්න බැරි නිසා ඇයත් එක්කම විදෙස්ගත වෙන්න ඇය බලාපොරොත්තු වෙනවා කියලයි ඇය වැඩිදුරටත් කියා සිටියේ.පිට රටකට ගියත් උපන් මවුබිම කිසිදාත් අමතක කරන්නේ නැති බවත් ඉඩක් ලැබෙන සෑම වෙලාවකම ලංකාවට ඇවිත් යන්න එන බවත් ඇය එහිදී කියා සිටියා.

මදුමාධවගේ කතාවට නිල්මිණි ප්‍රතිචාර දක්වා අපුරු සටහනක් තබා තිබුනේ මෙන්න මේ විදියටයි,මම ලොකු කල්පනාවකට ගියා මනුස්ස ජීවිතයක් ලබන්න මොන තරම් පිනක් කරල තියෙන්න ඕනද ඒත් ඒ ජීවිතේ වටිනාකම අපිට තේරෙන පෙරභවය කරන කුසල් වෙනුවෙන් හැම දේම අපිට ලැබෙනවා කියලා මා විශ්වාස කරනවා මා මේ කලාවට ආවේ කලා පවුලකින් නොවුනත් මගේ උත්සාහය මත මා විශ්වාස කරන මගේ හැකියාව මත බව මා දන්නවා කලාකරුවන්ට හොඳ උණුවෙන හිත් තියෙන කුහකයන් නොවන බව මා විශ්වාස කළා මං ගොඩක් අමාරුවෙන් ගොඩනඟා ගත්ත මගේ ජීවිතේ මගේ වටිනාකම හැම මොහොතකම මතක තියාගෙන තමයි මා මේ ගමන යන්නේ මේ යන ගමනේදී අප නොදන්නා අය අපිට මුණ ගැසෙනවා ඒ අය පෙර ආත්මේ හතුරෝ වෙන්න පුළුවන් ඒත් මේ සමාජය ඒ වගේ මානසික රෝගීන් තෝරාගෙන ඇසුරු කිරීම තුළ අපිට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් ගොඩක් මිනිස්සු තේරුම් ගත්තෙ නැති දෙයක් තමයි තමන්ගේ ජීවිතයේ ලැබී තිබෙන වටිනාකම කිසි කෙනෙකුට ඊර්ෂ්‍යා නොකර ගරු කරමින් අන් අයගේ ජීවිතයට හානි නොකර අප්‍රසිද්ධ මිනිස්සු ප්‍රසිද්ධිය ලබන්න හැමවිටම උත්සාහ කරන්නේ අප්‍රසිද්ධියේ මයි මේ හැම දෙයට ආයුෂ කොටයි හැමෝම මහන්සි වෙන්නේ සතුටින් ඉන්න හැබැයි ඉතින් බඩට වේලක් කන්න තව කෙනෙක්ගෙ ජීවිතයකට හානියක් කරලා කන කෑම දිරවන්නෙ නෑ කිසි කෙනෙකුට වෛර නොකරන්න හිංසා නොකරන්න එතකොට අපට සතුටින් මැරෙන්න පුළුවන්

About the author

Prasad

Leave a Comment