Article

කරාටේ දන්නා නිසා මට ගොඩක් දෙනා බයයි මම බයකරන් ඉන්නේ පාර දිගේ ආන්‍යා කියන දේ

Written by Prasad

දේශානි නෙහාරා හැමෝම දන්නා ආන්‍යා ගැන තමයි අද අපි ඔබට කියන්න හදන්නේ හැමෝම නරඹන පාර දිගේ ටෙලි කතාවේ තවත් එක් චරිතයක් තමයි ඇය ධනවත් පව්ලක දගකාර කෙල්ලෙක් තමා ඇගේ චරිතය ඉතින් මේ ඇගේ ජිවිතේ ඇගේ තොරතුරු ටිකක් තමයි අද අපි ඔබට ගෙන එන්නේ.මගේ පවුලේ ඉන්නේ මමයි අම්මයි තාත්තයි අක්කයි අක්ක නම් දැන් විවහා වෙලා තමයි ඉන්නේ.මගේ තාත්තා ගුවන්තොටුපළ හිටපු කළමනාකාරවරයෙක්. අක්කා හිටපු ගුවන් සේවිකාවක්. අක්කා නම් දැන් විවාහකයි.

මම පාසල් ගියේ සාමාන්‍ය පෙළ දක්වා මරඳගහමුල Clayton විද්‍යාලයට ගියා. උසස් පෙළ කළේ ගම්පහ Wycherley ජාත්‍යන්තර පාසලෙන් ඒ අතරේ බාහිර ක්‍රියාකාරකම් වලට කලේ කරාටේවලින් තමා ගොඩක් ඉස්සරහට ගියේ. ඒ වගේම ජිම්නාස්ටික්, swimming කරා.මම හැමදාම try කලේ නිලියක් වෙන්න මේක මගේ පලවෙනි අද්දැකීම ඇත්තටම ගොඩක් සතුටුයි මගේ පලවෙනි කතාවෙන්ම ජනතාව අතරට යන්න ලැබීම ගැන.ඒ වගේම ගුවන් සේවිකාවක් වෙන්නත් මම ආසාවෙන් ඉන්නවා.මම කොහොම හරි ඒ සිහිනෙත් සැබෑ කරගන්නවා.පොඩි කාලයේ ඉඳලම ආසයි. මම නිලියක් වෙන්න වැඩියෙන්ම ආස වුණේ සාමාන්‍ය පෙළ කරන කාලේ. ඒ ගැන අම්මටත් කිව්වා. මටත් වැඩිය අම්මගෙත් කැමැත්ත තිබුණා මම මේ ක්ෂේත්‍රයට එනවට. පාසලේදී නාට්‍යවලට සහ කලා අංශයේ වැඩ බොහෝමයකට දායක වුණා

මම මෙතනට ආවේ අහම්බයකින් නිරූපණ ක්ෂේත්‍රයටත් මම ආස කළා. නිරූපණ කටයුතු කරන අතරේ රංගනයට අවස්ථාවක් ලැබෙයි කියලා බලාගෙන හිටියා. ඒත් අවස්ථාවක් ලැබුණේ නැහැ. ඔහොම ඉන්නකොට ජාන්වි අප්සාරි (දෝනි) නංගිගෙ අම්මයි තාත්තයි හම්බවුණා. ඒ දෙන්නා තමයි චාමර සමරවික්‍රම අයියට මුණගස්සලා මේ අවස්ථාව ලබා දුන්නෙ.මේ මගේ පළවැනි ටෙලි නාට්‍යය. මම හිතුවේ නැති මොහොතක මට ලැබුණු චරිතයක්. මුලදී නම් හිතේ ලොකු බයක් තිබුණා මට කරගන්න පුළුවන් වෙයිද කියලා. කිෂූ සර් වගේ රටේ පිළිගත් චරිතයකගේ දුවක් ලෙස වැඩ කරන්න ලැබීම මට ඇත්තටම සතුටුයි. මගේ පළමු රංගනය මේ වගේ පිරිසක් එක්ක වැඩ කරන්න ලැබීමම ලොකු භාග්‍යයක්.

මම අනිවාර්‌යෙන්ම ජීවිතේට එන අභියෝග භාර ගන්න කෙනෙක්. පොඩි කාලේ ඉඳලම මගේ ජීවිතේට එක එක අභියෝග ආවා. ඒ හැම දෙයකටම මම සාර්ථකව මුහුණ දුන්නා. ඒ නිසා ඉදිරියටත් එන අභියෝග භාරගන්නවා.ඇත්තටම මම නම් පොඩ්ඩක්වත් අහිංසක නැහැ. දන්නා අය දන්නවා. මම ගොඩක් නපුරු දඟ කෙනෙක්. ඒ වගේම මම කැමතිත් නැහැ මම අහිංසකයි කියලා හිතනවට. මොකද සමහරු අහිංසකයි කියලා පෙන්නුවට එහෙම අහිංසක නැහැ. මම කැමති නැහැ පිටින් අහිංසක විදියට ඉඳලා ඇතුළතින් වෙනස් වෙන්න. අනික මම අහිංසකයි කියන එක දුර්වලකමක් විදියට දකින්නේ. අහිංසක වුණාම මිනිස්සු ඔළුවට අත හෝදන්න එනවා. ඒකට මම ආස නැහැකරාටේ දන්නා නිසා මම ගොඩක් අය බය කරලා තියන් ඉන්නවා. සමහර වෙලාවට කරාටේ කරලා පෙන්වන්න කියලත් තියෙනවා. එතකොට කරලා පෙන්වනවා. ඉතින් කට්ටිය කියනවා මෙයාගෙන් නම් පරිස්සම් වෙලා ඉන්න ඕනේ කියලා

About the author

Prasad

Leave a Comment