Article

කලා තරු පිරිවරා රාජකීය විවහා මංගල්‍යක් සැමරූ චන්න විජේවර්ධන හා උපුලිගේ එකම දියණිය අසේකා.

Written by Prasad

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී නර්තන ශිල්පිනියක් තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ. ඉතින් මේ දක්ෂ නර්තන ශිල්පිනියගේ මව සහ පියා වන උපුලි පණිභාරත විජේවර්ධන වගේම චන්න විජේවර්ධන කියලා කියන්නෙත් අපේ රටේ කවුරුත් ආදරය කරන ප්‍රවීණතම නර්ථන ශිල්පීන් යුවලක් බව අමුතුවෙන් හදුන්වලා දෙන්නට අවශ්‍ය නැහැ. ඉතින් මේ ආදරණීය යුවලගේ එකම දියණිය තමයි අසේකා කියලා කියන්නේ.ඉතින් ඒ වගේම අසේකා දෙමව්පියන් සතු අපූරුව නර්ථන හැකියාව උත්පත්තියෙන්ම ලබාගෙන තියෙනවා කිවුවොත් හරියටම හරි. ඉතින් ඒ නිසාම ඇය අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න ඉතා දක්ෂ නර්ථන ශිල්පිණියක් බව කාටත් රහසක් නෙවෙයි.

ඒත් එක්කම අපේ රටේ ප්‍රධානම ප්‍රසංගවල වේදිකාව නර්තනයෙන් සරසනවා නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙනවා. ඉතින් ඒ වගේම අපේ රටේ විතරක් නෙමෙයි ඇය මේ වෙද්දී ඡාත්‍යන්තරයේද ඇගයීමට ලක්වෙලා තියනවා.ගොඩක් නිහතමානි තරුණියක් වන අසේකා මිට කලින් මාධ්‍යත් එක්ක සාකච්චාවක් අතරතුර අදහස් දක්වා තිබුනේ මෙහෙමයි. මම චන්න සහ උපුලි විජේවර්ධනගේ එකම දියණිය, වෘත්තියෙන් මමත් නර්තන ශිල්පිනියක් ලෙසින් කටයුතු කරනවා. පොඩිකාලේ මම ගොඩක් ලජ්ජාශීලි කෙනෙක් නිසා නටන්න ඉදිරිපත් උනෙම නැහැ.ගුරුවරියෙක් වෙන්න හීනයක් තිබුනා, ඒ හීනෙ වගේම නර්තනයත් ඉගනගෙන හැකියාවන් රටටම පෙන්වන්න මට පුලුවන්කමක් ලැබිලා තියනවා. දැන් මම නර්තන ගුරුවරියක් විදියට පියාගේ නර්තන පාසලේ උගන්වනවා.

මාව ජනප්‍රිය වෙන්න අම්මයි තාත්තයි හේතුවක් වුනා, ඒ දෙන්නගේ දියණිය කිව්වම මට හොඳ පිළිගැනීමක් තියනවා. ඒ වුනත් මෙතනට එන්න මම ගොඩක් කමකිරීම් කළා.අම්මා තාත්තාගේ නම පාවිච්චි කරලා ඉස්සරහට යන්න ඕන වුනේ නැහැ. කොහොම වුනත් මගේ සාර්ථකත්වයට ප්‍රධානම හේතුව දෙමව්පියෝ. අනිත් ළමයි එක්ක නර්තනය කරද්දී මන් මුල්තැන ගන්නේ නැහැ. දක්ෂ කෙනෙක් ඉන්නවානම් අනිර්වයෙන්ම එයාට තැන දෙනවා. අපි එකම පවුලක් වගේ පන්තියේ ඉන්නේ. ලමයිටික අපේ ගෙදර ආවම අම්මයි තාත්තයි එයාලට සලකන්නෙත් තමන්ගේම දරුවන්ට වගේ. ඒ නිසයි හැමෝම කියන්නේ චන්න, උපුලිට ළමයි ගොඩක් ඉන්නවා කියලා.කොහොම නමුත් අසේකා ගැන අපට පහුගිය කාලයේ සුබ ආරංචියක් අහන්නට ලැබුණා.

ඉතින් ඒ තමයි අසේකා ඇයගේ ජීවිතයේ අලුත් ගමනක් ආරම්භ කිරීමට යන පුවත. ඉතින් ඇය ළඟදීම සුබ මොහොතින් වුනු බව අපේ රටේ බොහෝ දෙනෙක් දන්නවා. ඉතින් ඇය මේ විදිහට විවාහ වෙන්න යන්නේ ජනිත් ජයසූරිය කියන කඩවසම් තරුණයාත් සමඟයි.ඉතින් මේ අසේකාගේ අත ගත්ත ජනිත් කියලා කියන්නේ ලංකාවේ සිනමා සක්විති ලෙස හදුන්වන අප අතරින් සමුගත් ජනප්‍රිය ප්‍රවීණ නළුවකු වන ගාමිණී ෆොන්සේකාගේ මුනුඹුරෙක්ද වනවා. ඉතින් ජනිත්ගේ මෑණියන් සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාගේ ආදරණීය දියණියක් වන චමිලා ෆොන්සේකායි. ඉතින් චමිලා ෆොන්සේකාගේ ආදරණීය පුතාව තමයි අසේකා මේ විදිහට විවාහ වෙන්නේ.පවුලේ එකම දුව නිසා විවාහා මංගල්‍යත් ජයටම අරගෙන තියනවා.බොහෝ ජනප්‍රිය කළා තරු පිරිවරා මේ විවහා මංගලය ඔවුන් ජයටම සැමරුවා. ඉතින් අපි මේ ආදරණිය යුවලට හදවතින්ම සුභ පතනවා.

About the author

Prasad

Leave a Comment