Article

කොටට අදින්නයි කිරි බොන්නයි තමයි මම වැඩියෙන්ම ආස ඩිස්නි රාජපක්ෂ

Written by Prasad

මේ දිනවල නර්ථන පීඨිකාවේ ඇයව අපිට නිතර දකින්න පුලුවන්. රූමත් වගේම තරුණියක් වන ඇය ඩිෂ්නි උමාරියෝ රාජපක්ෂ. කුරුණෑගල ප්‍රදේශයේ ඉපදුන ඇය වෛද්‍යවරියක් වෙන්න කුඩා කාලයේ ඉඳන් හීන දැක්කත් ඇයට වෛද්‍ය විද්‍යාල වරම් ලබාගන්න ලැබෙන්නෙ නෑ. ඒ නිසා ඇය පූර්ව ළමා විය පිලිබඳව වැඩිදුර හදාරලා මේ වෙනකොට කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රාථමික දරුවන් වෙනුවෙන් ජාත්‍යන්තර පාසලක් පවත්වාගෙන යනවා. ඒ වගේම කලාවටත් හොඳ දායකත්වයක් ලබා දෙනවා. නමුත් කලාව වෘත්තීයට කරගන්න ඇයගේ කිසිම අදහසක් නැති බවයි ඇය පවසන්නෙ. විනෝදාංශයක් ලෙස කලා කටයුතු සිදු කරන ඩිෂ්නි ගුරුවරුන්ට වගේම දරුවන්ට මාර්ගෝපදේශන වැඩමුළුත් පවත්වගෙන යනවා.

ඩිස්නි කලාවට එන්නේ නිරූපණය ක්ෂේත්‍රය හරහායි. ඇය රංගනයට දායක වෙන්න කලින් නිරූපණ ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා.ඇය මුලින්ම 2019 දි මිස් ශ්‍රී ලංකා ලෙස කිරුළු පැළඳීමත් සමගලු නිරූපණයට යොමුවෙන්නේ. මිස් ශ්‍රී ලංකා තරඟාවලියට පසුව ඇය Queen of international Tourism 2019 තරඟයෙනුත් තුන්වන ස්ථානය හිමිකරගන්නේ රටවල් 40 ක් සමග තරඟ වැදීමෙන් අනතුරුවයි. එය ජාත්‍යන්තර වශයෙන් පවත්වනු ලබන නිරූපණ තරඟාවලියකි. පොඩි කාලේ ඉඳන් කලාවට ආසාවක් තිබුණ ඇයට මේ සඳහා ගොඩක් කැපකිරීම් කරන්නත් වෙලා තියනවා.

ඩිෂ්නි සිය රංගන ජීවිතයේදී “පත්තිනි”, සඳ පිණි වැස්ස”, “හිතුවක්කාරයෝ”රාවණා” වගේ ටෙලිනාට්‍ය කිහිපයකින්ම ඇගේ රංගන හැකියාවන් පෙන්වාඅවසන්. ඒවාහිදි ඇය එකිනෙකට වෙනස් චරිත වලින් ප්‍රේක්ෂකයා අතරආව රිදී තිරයේදි එක දවසක අපි ” චිත්‍ර පටය ඔස්සේ ඇගේ දක්ෂතාවය පෙන්වූවා. ඊට අමතරව ඇය නර්තනයට උපන් හපන් කමක් ඇති තරුණියක් වන අතර ඇය කුඩා කාලයේ පටන් චන්දන වික්‍රමසිංහගේ නර්ථන අංගයන් රසවින්ද බවත් ඈ පවසනවා. ඒ වගේම ඇය හිරු ටීවී නාලිකාවේ හිරු මෙගා ස්ටාර් නර්ථන තරඟාවලියේ ලලිත් පැරකුම් සමගින් දක්ෂ ලෙස තරඟයට මුහුණ දීලා උණුසුම් ජයග්‍රහණය්කද ලැබුවා.

ඇය පුද්ගලික ජීවිතේ ගැන පවන්නේ මේ විදියට. මම මම ආස දේවල් නිදහසේ කරන්න කැමති කෙනෙක්. ෆැෂන් කරන එක වුනත් මම කරන්නේ මම ආස විදියට. මම ආස ඇඳුමක් අඳින්න මම දෙපාරක් හිතන්නේ නෑ. ඒ වගේම ෆිගර් අවුට් යයි කියලා මම කෑම බීම තෝරන්නෙත් නෑ. ආස දෙයක් කනවා. හිතෙන දෙයක් කරනවා. කෙසෙල්, පෙයාස්, වගේ පළතුරු වලටත්, කිරි බොන්නත් ආසයි. කට කතා ගැන හිත හිත හිටියොත් අපිට ජීවිතේ පස්සටයි යන්න වෙන්නෙ.ඒ විදියට තමයි ඩිෂ්නි ඇය ගැන විස්තර පැවසුවේ.

About the author

Prasad

Leave a Comment