Article

කොටට ඇන්දම පාසල් ළමයෙක් වගේ ලස්සනයි චතුරිකා ඔයා කියනවා ඉතින් මම දිගට වගේම කොටටත් අදිනවා

Written by Prasad

තවමත් පුංචි තිරයේ පෙම්වතිය වන ඇය අපි දන්නා කාලයේ පටන් ම පුංචි තිරයේත් රිදී තිරයේත් පෙම්වතියගේ චරිතය රඟදැක්වුවා. වයසින් මදක් මුහුකුරා ගියපු රංගන ශිල්පිනියක වුණත් ඇය තවමත් නව යොවුන් රංගන ශිල්පිණියකගේ පෙණුම දරන්නට සමත් වෙලා තියෙන නිසාද මන්දා තවමත් ඇයට පෙම්වතියගේ චරිතය ලැබෙනවා. පාසල් ඇඳුමකින් ඇය චරිතයකට පෙනී සිටියොත් පාසල් වියේ තරුණියකගේ පෙනුම ලැබෙන්නට් තරම් ඇය වාසනාවන්ත වෙලා තියෙන නිසාම අපි ඇයගෙන් තරුණකම රැක ගන්නා ආකාරය පිළිබඳව විමසලා ම කතාව ආරම්භ කළා. ඇය නමින් චතුරිකා පිරිස්.

“මම නම් හිතන්නේ තරුණකම රැකගන්න රැක ගන්න හොඳම ක්‍රමය තමයි හිතේ සතුටින් ඉන්න එක කියලා. මොනතරම් facial කරත්, කොන්ඩෙට සත්කාර කරත්, රූපයට සත්කාර කරත්, තමන්ගේ හිත සැනසීමෙන් නැත්නම් ඒ කෙනා කවදාවත් ලස්සන වෙන්නේ නැහැ. මොනතරම් ප්‍රශ්න ආවත් ඒ හැම ප්‍රශ්නයකටම උත්තරයක් තමන් ළඟ තියනවා වගේම ඒ ප්‍රශ්නෙට උත්තරයක් නැත්නම් ඒ ගැන නොහිත ඉන්න එක තමයි මම කරන හොඳම දේ. අනික මම විශ්වාස කරන දෙයක් තමයි රූපයෙන් වගේම හදවතිනුත් ලස්සන වෙලා උපදින්න තරම් ගැහැනියක් වාසනාවන්ත වෙන්න ඕනේ කියන එක. ඉතිං හිතේ සැනසීම සතුට කියන දේ බාහිර අලංකරණය සඳහා ගොඩක් වැදගත් වෙනවා කියලා මං විශ්වාස කරනවා.”

එහෙම නම් ඔබ ඒ ප්‍රේක්ෂකයනුත් කැමති වෙයි ඔබ බාහිර අලංකරණය එක ගන්න කරන්නේ මොනවාද කියලා දැනගන්න. “සතුටින් ඉන්නවට අමතරව මම දවසක පැය 8ක දහයක හොඳ නින්දක් ලබා ගන්නවා. ඊට අමතරව සතියට දින තුනක් විතර පැය දෙකක් වගේ කාලයක් වැය කරලා ශාරීරික සුවතා වල නිරත වෙනවා. ඉතුරු ගොඩක් ආස නැති උනත් දෛනිකව අවශ්‍ය කරන වතුර ප්‍රමාණයක් මම ගන්නවා. ඊට අමතරව ස්වභාවික සත්කාර වගේම අපේ රටේ දේශගුණයට ගැලපෙන PH අගයෙන් යුතු ආලේපන වර්ගත් මම සම ගල්වනවා. ඒ විදිහට තමයි ඉතින් බාහිර මං කරන මම පවත්වාගෙන යන්නේ.”

කාන්තාවකගේ සුන්දරත්වය කාන්තාවකට මොන තරම් වැදගත් කියලද ඔබ හිතන්නෙ? “ගෙදර දොර පාලනය කරන දරුවන් හදන කරන මවක් සුන්දරව ඉන්නවා කියන එක ගෙදරට ආලෝකයක් කියලා මං විශ්වාස කරනවා. මේකෙන් මම අදහස් කරන්නේ මුහුණේ ලස්සන විතරක් නෙමෙයි. බාහිර පිරිසිදු කමත් ගැහැණු කෙනෙක්ගේ ලස්සන මතු වෙන්න ගොඩක් වැදගත් වෙනවා. අන්න ඒ නිසා හැම පැත්තෙන්ම පිලිවෙලට පිරිසිදුවට ඉන්න හැම කෙනෙක්ම සුන්දරයි කියලා තමයි මම විශ්වාස කරන්නේ.”

විලාසිතා පිළිබඳව ඔබ කුමක්ද හිතන්නේ. ඔබට ගැලපෙන ඇඳුමක් ගැන අදහසක් තියෙනවද? “සිතා කියන දේ ඕනම කෙනෙක්ට අත්‍යවශ්‍යයි. අඳින්න හැමෝම ආසයි වගේම හැමෝම එහෙම කරහම ලස්සනට පේනවා. මම මට ගැලපෙන ඕනම විලාසිතාවක් කරන්න මැලි වෙන්නේ නැහැ. දිගට ඇඳලා high heels දැම්මම අනේ චතුරිකා ඔයා ලස්සනයි කියලා කෙනෙක් කියන කොට කොටට ඇන්දහම ඔයා ඉස්කෝලෙ යන ගෑනු ළමයෙක් වගේ ලස්සනයි කියන කට්ටියත් ඉන්නවා. ඒ නිසා හැම විදිහකම විලාසිතා මට ගැළපෙනවා කියලා මම හිතනවා.”

ලස්සනට ඉන්න කැමති කාන්තාවන්ට ඔබ අවසන් වශයෙන් කියන්න කැමති මොකක්ද.?”මේ ලෝකයේ ඉන්න හැම කාන්තාවක්ම ලස්සනයි. ඒ හැමෝටම තමන්ට ආවේණික ලස්සනක් තියෙනවා. මේකට පහසුවෙන්ම විශේෂයෙන්ම කරන්න පුළුවන් සතුටින් ඉන්න එක. ඊට අමතරව තමන්ගේ බාහිර සුන්දරත්වය රැක ගන්න පුළුවන් දේවලුත් කරන්න ඕනේ. එක තමයි අවසන් වශයෙන් මට කියන්න තියෙන්නේ.”

About the author

Prasad

Leave a Comment