Article

කෝටිපති සැමියා දුන්නු පොරොන්දුව ඉටුකරමින් නිලි තාරුකා වන්නිආරච්චි ගිය සුපිරි ඩුබායි සංචාරය මෙන්න

Written by Prasad

නිරූපණය ශිල්පිනියක වගේම දක්ෂ රංගන ශිල්පිනියක වන තාරකා වන්නිආරච්චි පිළිබදව තමයි අද අපේ සාකච්ඡාව . රිදී තිරයේ වගේම පුංචි තිරයේත් ඇයව, අපිට විටින් විට එකිනෙකට වෙනස් චරිත වලින් අඳුනා ගන්නට ලැබුණා. තාරුකා කියන්නේ කලා ජීවිතය වගේම සාමාන්‍ය ජීවිතය කියන දෙක සමබරව ඉතා සාර්ථකව පවත්වාගෙන යන කෙනෙක්. චිත්‍රපට කිහිපයකට වගේම ටෙලි නාට්‍ය බොහෝ ප්‍රමාණයකට දායක වෙමින් කලාවේ ගමනක් පැමිණි ඇය අද වන විට මවක ද වෙනවා.ඇය විවාහ වුනේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ සිටින ජනක නම් වූ අයෙකු සමගයි. විවාහයෙන් පසුව ඇය තරමක් දිගුකාලයක් කලා ලෝකයෙන් ඈත්ව සිටියා.

ඔබ විවාහයෙන් පසුව කලාවෙන් ඈත්වුනාද කියලා ඇහුවහම ඇය දුන්නේ අපිට මෙහෙම පිළිතුරක්.”කොහෙත්ම නෑ. මට එයා කවදාවත් තහංචි දාලා නෑ. නිදහසේ මගේ වැඩ කරගෙන යන්න අවස්තාව දීලා තියෙනවා. ඒත් දරුවා ලැබෙන්න හිටිය කාලේ වගේම බබා හම්බෙලත් අවුරුද්දක් විතර යනකම් කිසිම වැඩක් බාරගත්තේ නෑ. මොකද මට ඕනේ වුනේ මගේ දරුවා එක්ක කාලය ගත කරන්න. ඉතිං ඉස්සරහට මම අලුත් නිර්මාණ කිහිපයකින් එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.”ඒ වගේමයි මම රට වටේ වගේම ලෝකේ වටේ ඇවිදින්නත් ගොඩක් ආසයි ඉතින් විවාහා වෙන්න කලින් මම සැමියාගෙන් පොරොන්දුවක් ගත්තා මාව ලෝකේ වටේ එක්ක යන්න ඕනේ කියලා ඇවිදින්න ඉතින් එයත් ආසයි මාත් එක්ක යන්න කලාවෙන් ටිකක් ඈත් වෙලා බබත් එක්ක ඇවිදින වැඩේ තමයි දැන් මම කරන්නේ.

මගේ විවාහය ජෝජිත විවාහයක් නම් නෙවෙයි. මම අවුරුදු කිහිපයකට කලින් විදෙස් සංචාරයකට ගිය වෙලාවක තමයි එයා මාව දැකලා තියෙන්නෙ. මම රංගන ශිල්පිණියක් කියලා එයා දන්නෙත් නෑ. පස්සේ ඉතින් ඔය අඳුනා ගැනීම තමයි විවාහයක් වෙනකම් ගියේ. මුලින්ම අපේ ගෙදරින් එයාට කැමති වුනේ නෑ. ඒත් කාලයත් එක්ක එයාගේ සංවරකම, මනුස්සකම, සරලකම හින්දම හැමෝම එයාට කැමති වුනා. ඇත්තටම එයා පුදුම තරම් හොඳ මනුස්සයෙක්. කෙසේ වෙතත් විවාහයෙන් පසුව ඇය කලාවෙන් බැහැර නොවෙන අදහසක් තිබුණු බවයි ඇය පවසන්නේ.

කොහොම වුනත් තාරුකා කියලා කියන්නේ රටේ ලෝකයේ ගොඩක් තැන් වල ඇවිදින්න ආස කෙනෙක්ලු. ගැහැණු ළමයෙක් විදිහට තමන්ට කලින් ඇවිදින්න බැරි වෙච්ච හැම තැනකම ඇවිදින්න එක්කන් යනවා කියන පොරොන්දුව, බඳින්න කලින්ම එයාගේ සැමියාගෙන් ලබා ගත්තලු. ඉතින් පහු ගිය වසංගත සමයත් එක්ක කොහොමටත් කිසිම කෙනෙකුට කොහෙවත් යන්න හැකියාවක් තිබුණේ නැහැ. ඒ නිසාම පහුගිය දවසක තාරුකා එයාගේ පුංචි පවුලත් එක්ක ඩුබායි චාරිකාවක් ගිහිල්ලා තිබුණා.

තාරුකා කියන විදියට ඇය හරිම වාසනාවන්ත ගැහැණියක්. මොකද ඇයගේ සැමියත් ඇය වගේම සංචාරයට ආසා කරන කෙනෙක්ලු. ඒ හින්දම ඇය ඔහු සමග ගෙවන කාලය සැහැල්ලුවෙන්, සතුටින් ගෙවන්ම හැකිවෙලා තියෙනවාලු.තාරුකා පවසන ආකාරයට ලොකු ලොකු හීන නැති සරලව ගෙවන ඇයගේ ජීවිතේ ඉදිරියත් මේ වගේම සමබරව ගෙවා දමන්නලූ ඇය ආශා කරන්නෙ. ඉතින් අපිත් ඇයට වාසනාවන්ත අනාගතයකට සුබ පතමු.

About the author

Prasad

Leave a Comment