Article

ගැහැණු ළමයි මම ඉස්සරහම I Love U කුසල් කියලා කැ ගහනවා ඒ උනාට දැන් කුසල් මගේ මෙන්ඩිස් ගේ බිරිඳ මිෂෙල්

Written by Prasad

පසුගිය කාලේ කුසල් මෙන්ඩිස් ගැන හැමෝම කතා කරා කාලයක් ඔහු ලකුණු බින්දුවට දැවීයාම නිසා ඊට පස්සේ එංගලන්තේ සිදුවුණු සිදුවීම නිසා.ඉතින් දැන්නම් ජාත්‍යන්තර තරග නැති නිසාම ඔහු ගෙදරට වෙලා ආදරණිය බිරිඳත් සමගින් කාලය ගෙවනවා ඉතින් ඔහුගේ බිරිඳ තමයි මිෂෙල් ප්‍රනාන්දු වසර අටක් තිබුණු පෙම විවාහය දක්වාම ගෙනියන්න ඔවුන්ට හැකියාව ලැබෙනවා ඉතින් අද අපි ඔබට කියන්න හදන්නේ මිෂෙල් කුසල් මෙන්ඩිස් ආදර කතාව වගේම ඔහුත් සමග දැන් ගෙවන ජිවිතේ ගැන තොරතුරු ටිකක් ඇය කිවුවේ මෙහෙමයි.

ආදරේ කරන කාලේ වගේම කුසල් ක්‍රිකට් එක්ක බිසී බොහෝ කල් එයාව නොදැක හිටපු දවස් තියෙනවා. ඇත්තම කිව්වොත් එයත් එක්ක වැඩිපුර කාලයක් හිටියට වඩා එයා ළඟ නොහිටිය කාලේ වැඩියි විවාහ වුණාට පස්සෙත් එයා උදේ යනවා රෑට ගෙදර එන්නේ.කුසල්ගේ අම්මා තාත්තා එක්ක තමයි දැන් වැඩිපුරම කාලය ගත වෙන්නේ ඒ වුණත් සතුටින් ජිවිතේ ගෙවනවා. මොකද පුළුවන් හැම මොහොතකම එයා මාත් එක්ක ඉන්න නිසා.කොහේ ගියත් මට කතා කරලා හොයලා බලනවා අපි දෙන්න සතුටින් ජිවත් වෙනවා.

අපේ ආදරෙත් පටන් ගත්තේ හරි පුදුම විදියට ආදරේ පටන් ගද්දි මට වයස අවුරුදු 17යි හරියටම මිට අවුරුදු 8කට කලින් තමයි අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්තේ. එතකොට මම උසස්පෙළ විභාගයට සුදානම් වෙන නිසා ගෙදරින් අපට ආදරයට අවසරය ලැබිලා තිබ්බේ නැහැ. කුසල් මට වඩා අවුරුදු 2ක් වැඩිමහල්. අපි දෙන්නගෙම ගම මොරටුව කඩොලාන. එහේ ශාන්ත ඇන්තනි පල්ලියට එයත් ආවා මමත් ගියා. එයා මගේ අක්කගේ වයසේ. එයා නිතරම පල්ලි එන්නේ නැහැ ක්‍රිකට් තරඟ හෝ පුහුණුවීම් තිබුණු නිසා. නමුත් Sunday school එනවා. එතැනදී තමයි එයා මාව දැකලා එයාගේ යාළුවෙකුට මම ගැන කියලා තියෙන්නේ. එයාගේ යාළුවා මගේ නෑදෑ වෙන කෙනෙකුට ඒ යෝජනව කියලා එයා මට කිව්වා. ඒ වෙද්දී එයා 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ හිටියේ. මම පාසල් යනවා. නමුත් එයාගේ යෝජනාවට මමත් කැමති වෙලා ආදරේ කළා. ආදරේ කරන්න කලින් මම එයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ටික ඇහුවා. ඒ වෙද්දී එයා ගැහැණු ළමයෙකුට ආදරේ කරලා තිබ්බා කිව්වා. ඒක මට ප්‍රශ්නයක් වුනේ නැහැ. ටික දවසයි ඒ ආදරේ තිබිලා තියෙන්නේ.මගේ ප්‍රථම ආදරේ තමයි එයා. ඒ නිසා අපි හිතුවා අපේ විවාහයත් අපි මුණගැස්සු පල්ලියේම කරමු කියලා.

එයා ක්‍රිකට් ගහනවා කියලා මම මුලින් දන්නේ නැහැ. මොකද මම ක්‍රිකට් වලට එච්චර කැමැත්තක් නැහැ. මම ක්‍රිකට් තරඟ නරඹන්නෙත් නැහැ. එයා 19 පහළ ක්‍රිකට් ක්‍රීඩා කරනවා කියලා පස්සේ තමා මට කිවුවේ ඒ වගේම එයා මට කියලා තිබ්බා කවදා හරි දවසක ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරලා ක්‍රීඩා කරනවා කියලා. මට නම් තේරුමක් තිබ්බේ නැති නිසා ඒ ගැන හිතුවේ නැහැ. අපි දෙන්නා ආදරේ කරලා ටික දවසක් යද්දී එයාගේ ඒ බලාපොරොත්තුව ඉටු වුණා. මටත් ඒ ගැන සතුටුයි. නමුත් අදටත් මට ක්‍රිකට් ගැන එච්චර දැනුමක් නැහැ.මම ක්‍රිකට් වලට ඒ දවස් වල ඉදලම වැඩිය කැමැත්තක් නැ.

මම උසස්පෙළ විභාගය කළාට පස්සේ කුසල්ගේ දෙමාපියන් හා අපේ දෙමාපියන් අපේ ආදරේට අවසර දුන්නා. විවාහයටත් ආශීර්වාද කළා. එහෙම කුසලට අකමැති වෙන්න හේතුවක් තිබ්බේ නැහැ. පුද්ගලයෙක් විදිහට කුසල් හොදයි. ඒ වගේම එයාගේ දෙමාපියන් හොඳයි. විවාහ ජිවිතයකට වැදගත් වෙන්නේ ඒවා. ඒ නිසා අකමැති වුණේ නැහැ. ඒ වගේම එයා ජාතික කණඩායමට ඇතුලත් වෙලා ක්‍රීඩා කළ මුල් තරඟ දෙක මම නැරඹුවෙත් හොරෙන් හොරෙන් තමයි. පළමු තරඟයේ එයා ලකුණු 176ක් ගත්තා මට හොදට මතකයි.

අපි දෙන්නා ආදරේ කරන්න පටන් ගත්ත කාලේ ඉදලා එයා ක්‍රිකට් එක්ක කාර්යබහුල වෙලා හිටපු නිසා එයාට වැඩිපුරම මාත් එක්ක ඉන්න වෙලාවක් තිබ්බේ නැහැ. ඒ වගේම ආදරේ කරලා ටික කාලයක් ගියාට පස්සේ දෙමාපියන් විවාහ වෙන්න කැමැත්ත දුන්නු නිසා මට කුසල් ගැන පුංචි සැකයක්වත් දැනුනේ නැහැ. එයා ජනප්‍රිය වුනාට පස්සේ මාව අමතක කරයි කියලා හිතුනෙවත් නැහැ. අදටත් එහෙම හිතෙන්නේ නැහැ. ඒ තරම්ම අපේ බැඳීම ශක්තිමත්.අදටත් එයා මන් ගැන හොයලා බලනවා මගේ හැමදේම කරලා දෙනවා මට ඉස්සර වගේම ආදරේ එයා කවදාවත් ඒ ආදරේ වෙනසක් දැනිලා නැ මට.

කුසල් ලකුණු 4 හෝ 6 ගහද්දි ගැහැණු ළමයි මම ඉස්සරහම I Love U කුසල් කියලා කෑගහලා තියෙනවා. එයාට ගැහැණු ළමයි ගොඩක් ආදරෙයි. ගැහැණු පිරිමි බේදයකින් තොරව හැමෝගෙම ආදරේ ලබන්න හැම කෙනෙකුටම බැහැ. ඒ වාසනාව එයාට ලැබීමම ලොකු දෙයක් හැටියටයි ම,මම හිතන්නේ. මම සතුටු වෙනවා මිසක් ඊර්ශ්‍ය කරන්නේ නැහැ. එයාගේ උපන්දිනයට තෑගී එනවා. උපන්දින කාඩ් එනවා. ඒ සුබ පණිවිඩ එයා කියවලා මටත් කියවන්න දෙනවා. මම ආසාවෙන් ඒවා කියවනවා. චුට්ටක්වත් අවුල් වෙන්නේ නැහැ. එයා ඉතින් මගේ කියලා මම දන්නවනේ.අනික ක්‍රීඩාවට ආදරේ කරන අය ක්‍රීඩකයොන්ට ආදරෙයි ගොඩාක් ගැහැණු ළමයි තවමත් කුසලට ආදරේ කියනවා ඒ උනාට ඉතින් දැන් කුසල් මගේම වෙලා ඉවරයි ඒ ගැන මට ගොඩාක් සතුටුයි.ඉතින් මේ වගේ කතාවක් තමයි මිෂෙල් කුසල් ගැන අපට කිවුවේ.

About the author

Prasad

Leave a Comment