Article

චිරන්ත තමයි අපේ ගෙදරට සතුට සැනසීම නිදහස අරගෙන ආවේ ජනප්‍රිය ගායිකා කාවින්ද්‍යා අධිකාරි

Written by Prasad

සමිතා මුදුන්කොටුව සහ අතුල අදිකාරි කියලා කියන්නේ අපේ රටේ ඉතාම ජනප්‍රිය ගායන යුගලයක්. මේ දෙන්නගේ ආදරණීය වැඩිමහල් දියණිය තමයි කාවින්දයා අධිකාරි කියන්නෙ. කුසලතාවයක් සමඟ ඉතා සුන්දර කටහඬක් සමගම ඇය තවත් දක්ෂතා බොහෝ ප්‍රමාණයක් හිමිකරගෙන තියෙනවා. රංගන ශිල්පිනියක් නිවේදන ශිල්පිනියක් ගායන ශිල්පිනියක් වැනි චරිත කිහිපයක් ඇය විසින් හොබවනවා.

ඝරසර්ප වැනි ඉතා උසස් සිනමා නිර්මාණයකට සම්බන්ධ වූ ඇය මේ වෙනකොට එතැනින් නොනැවතී සක්කාරං වැනි ඉතා ගුණවත් ටෙලි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා තියෙනවා. විතරක් නෙවෙයි ලංකාවේ ජනප්‍රිය වෙච්ච ගීත කිහිපයකම හිමිකාරි වන ඇය මේ වෙනකොට වැඩසටහන් කිහිපයක්ම නිවේදන කටයුතුවලින් ද සරසන්නට සමත් වෙලා තියෙනවා.තවමත් නව යොවුන් වියේ පසුවන ඇය බොහෝ අයත් එක ඉතා සුහදශීලිව වැඩ කරන ඉතාම මිත්‍රශීලී චරිතයක් විදියට තමයි ගොඩක් අය අදුන ගන්නේ. සාමාජීය වශයෙන් මොනතරම් ප්‍රශ්න ආවත් ඇය පොළොවෙ පය ගහල ඉන්න චරිතයක් විදියට අපිට හඳුන්වන්න පුළුවන්.තමන්ගෙ මවගේ සහ පියාගේ විවාහය දෙදරා යාමත් සමගම ඇය තමන්ගේ බාල සහෝදරයා සහ මව සමග තමයි ජීවත් වෙන්නේ.

ඇයත් සමග සිටි ඇගේ මිත්තණිය ගේ වියෝව ගැනත් අපි මෑත කාලයේ දී ඇහුවා. ඒ පිළිබඳව කාවින්ද්‍යා අධිකාරි ඉතා ශෝකජනක විදිහට වැඩසටහන් කිහිපයකදීම අදහස් ප්‍රකාශ කළා.ඉතින් මෙයාලගේ පවුලට සතුට අරගෙන තවත් කෙනෙක් ඇවිල්ලා තියෙනවා ඒ තමයි සමිතා මුදුන්කොටුවගේ වර්තමාන සැමියා වන චිරන්තයි.ඉතින් ඔහු පිළිබඳව කාවින්ද්‍යා කියා සිටියේ මව පිළිබඳව තමා පිලිබඳවත් වගේම තමන්ගේ බාල සහෝදරයා පිළිබඳව සොයා බලමින් ඔහු වයසට වඩා වගකීම් සහිත පුද්ගලයෙක් ලෙස කටයුතු කරන බවයි. ඒ වගේම ඔවුන්ගේ ජීවිතවලට සතුට සැහැල්ලුව සැනසීම ඔහු විසින් රැගෙන ආ බවද ඇය තවදුරටත් පැවසුවා.ඉතින් මේ පුංචි පවුලට තව දුරටත් සතුටින් සාමදානයෙන් ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.

About the author

Prasad

Leave a Comment